🥀9🥀

112 25 1
                                    

Jungkook's pov

















කාලය කියන්නෙ හරි පුදුම දෙයක්. එක කාලයකදී මන් හිටියේ ගොඩක් සතුටින්. මට දැනුනේ මුළු ලෝකෙම මන් ළඟ වගේ. මට ඕන හැමදේම තිබුණා. හිතේ හැටියට වියදම් කරන්න සල්ලි, මිනිස්සුන්ගේ ගෞරවය, පරම්පරා ගානකට දේපළ............ඒ හැමදේම තිබුණා. ඒත්, මන් එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. මන් ඩ්‍රග් ඩීලර් කෙනෙක්. සිගරට් බොන ඇල්කොහොල් නැතුවම බැරි බේබද්දෙක්. ඉක්මනට තරහ යන යක්සයෙක් වගේ මනුස්සයෙක්. කම්පැනි එක මෙච්චර හොඳට වෙන්නෙත් වැඩ කරන අයට මන් ගැන තියෙන බය නිසා. හතුරෝ ඕනි තරම් ඉන්නවා. කවදා කොතැන වෙඩි උණ්ඩෙකින් හරි පිහි පාරකින් හරි මගේ ජීවිතේ කෙළවර වෙයිද කියලා මන් දන්නේ නෑ. ඒ වගේ කාලකණ්ණි ජීවිතයක් ගතකරපු මාව වෙනස් කරන්නේ කොහොමද?? මන් හිතුවේ එහෙමයි. ඒත්.............. මන් වෙනස් වුණා.

මාව වෙනස් කළේ මන් කවදාවත් නොහිතපු දෙයක්. ඒ තමයි ආදරය. මන් ඇති තරම් කෙල්ලෝ ඩේට් කරලා ඇති. මන් ඒ හැම කෙල්ලෙක්ටම ඇත්තටම ආදරේ කළා. මන් හිතුවේ මටත් මන් බලාපොරොත්තු වුණ ආදරේ ලැබෙනවා කියලා. ඒත් ඒ ඔක්කොම ගෑනු අන්තිමට කරලා තියෙන්නේ මාව රවට්ටපු එක. මගේ සල්ලිවලට මගේ ඇඟේ එල්ලිලා අන්තිමට මාව දාලා ගියා. මන් මෝඩයෙක් වගේ උන් වෙනුවෙන් ඇඬුවා. ඒත්............ ඒ වැඩි කාලයකට නෙවෙයි.

මන් ආදරය කියන මාතෘකාවම මගේ ජීවිතෙන් තනිකර අයින් කරා. කම්පැනි එක විතරක් මන් මගේ ජීවිතේ කරගත්තා. ඔව්...........මට මගේ පවුලේ අයත් අමතක වුණා. මන් ගෙදර ගියේවත් නෑ. රෑ හිටියෙත් ඔෆිස් එකේ. මන් හිතුවේ මන් දැන් තමයි මගේ ජීවිතේ හරියට ගෙවන්නෙ කියලා. මන් හිතුවේ මට ඕන හැමදේම මට ලැබුණා තවත් නැති වෙන්න දෙයක් නෑ කියලා. ඒත් මන් වැරදියි.

මගේ මනුස්ස ගති ටිකෙන් ටික නැති වෙන්න ගත්තා. මට නිතරම කේන්ති යන්න ගත්තා. පොඩි දේටත් මන් නහර පුප්පගෙන කෑ ගහන්න ගත්තා. කම්පැනි එකේ employeesලා මට කිව්වෙ Psycho boss කියලා. එච්චරටම මන් විනාස වුණා. ඔය අතරේ තමයි මන් සිගරට් ඇල්කොහොල්වලට ඇබ්බැහි වුණේ. පොඩ්ඩක් ස්ට්‍රෙස් වුණ ගමන්ම මන් කටේ ගහගත්තේ සිගරට් එක. ජිමින් හැමදාම මාව බලන්න කම්පැනි එකට ඇවිල්ලා මට දොස් කියලා යනවා. ජීසු නූනයි නම්ජුන් හ්‍යොන්ග්වුයි ඔම්මයි අප්පයි මට දිගටම උපදෙස් දෙන්න ගත්තා. ඒත් ඒවා අහන්න තරම් හොඳ මානසිකත්වයක නෙවෙයි මං හිටියේ. උපදෙස් දෙන නිසාම මන් ඒගොල්ලො ඔක්කොම මඟ ඇරියා. අන්තිමට මට කොණ්ඩේ කපන්නවත් තරම් සිහියක් නැති වුණා. මාව පෙනුණේ ඔෆිස් එකේ බිත්ති හතරට මැදිවුණු කැලෑ සතෙක් වගේ.

🥀It's not over🥀 JJKWhere stories live. Discover now