Author's pov
ඕක ඉක්මනට කාලා යන්
අපිව කවුරු හරි follow කරනවාඒක දැක්ක ගමන් රිකීට අයිස් ක්රීම් පිට උගුරු යන්නත් ගියා......... ඇසුත් ලොකු කරගෙන ජන්ග්කුක් දිහා බලපු රිකී අන්තිම කෑම වගේ මුළු අයිස් ක්රීම් එකම කටට දෙකට ගිලලා දැම්මේ ජන්ග්කුක් ඔලුවේ අත ගහගත්තා. මැරෙන්න ගියත් හිස් බඩ මැරෙන්න හොඳ නෑනේ 🙂. කිසි වෙනසක් පෙන්නන්නේ නැතුව දෙන්නම නැගිටලා පාඩුවේ ශොප් එකෙන් එළියට ඇවිත් කුඩයක් ඉහලගෙන ඉක්මනට ඉක්මනට කාර් එක ළඟට යන්න ගියා. රිකී ආයෙත් පිටිපස්ස හැරිලා බලන්න ගියාම ජන්ග්කුක් එයාව වළක්වන ගමන් කරට වටින් අතක් දාගත්තා.
කාර් එකට නැග්ග ගමන් ජන්ග්කුක් ලෑල්ලට පාගලා ඩ්රයිව් කරා. එකපාරටම විද ගෙන ගිය ජන්ග්කුක් නිසා කන්ෆියුස් වුණ සෙට් එක පිස්සුවෙන් වගේ වාහන වලට නගිනවා ජන්ග්කුක් බලාගෙන හිටියේ කට කොනෙන් හිනා වෙන ගමන්. ජන්ග්කුක්ට මේක නිකම් ගේම් එකක් වගේ. ඒත් එයාට එහා පැත්තෙ හිටිය රිකී නම් හිටියේ තක් බීරි වෙලා. ජන්ග්කුක් එයාගේ අත උඩින් අත තිබ්බම තමයි රිකී මේ ලෝකෙට ආවේ.
"රිකී? ඔයා හොඳින්ද?"
"බම්බුවක් කතා කරනවා 😨........"
රිකී එකපාරටම භාෂාව වෙනස් කරලා සිංහලෙන් කිව්ව එක නොතේරුණත් ජන්ග්කුක් දැනගත්තා රිකී හොඳට බය වෙලා කියලා................... එකපාරටම රිකීට කෑ ගැහුණේ වෙඩි හඬක් ඇහෙද්දි..................... ජන්ග්කුක් සයිඩ් කණ්ණාඩියෙන් බැලුවේ පිටිපස්සෙන් එන ටින්ට් කරපු කාර් තුන දිහා........... උන් වැස්සෙම ශටර්ස්වලින් එබිලා වෙඩි තියනවා...................වටේ ඉන්න මිනිස්සු කෑ ගහගෙන බයවෙලා දුවනවා. ආයෙත් ඉස්සරහ බලාගත්ත ජන්ග්කුක් තව ටිකක් වේගේ වැඩි කරා.............. ඒත් වෙඩි හඬ නැවතුණේ නෑ.
"ජන්ග්කුක්!!!!! අනේ දැන් මොකක්ද කරන්- ඈ 😣!!!!!!"
රිකී ආයෙත් කෑ ගැහුවේ වෙඩි ශටර් එක ළඟින්ම ගිය බුලට් එකක සද්දෙට. රිකීට ඇඬිලත් එක්ක. ජන්ග්කුක්ට දැනුණේ හරිම අසරණ කමක්. රිකී නොහිටියානම් ජන්ග්කුක් මෙලහකටත් පිස්සෙක් වගේ හිනා වෙවී වෙට්ටු දදා ශටර් එකෙන් එළියට එයත් වෙඩි තියන ගමන් ජීවිතය ගැන තඹ සතේට හිතන්නේ නැතුව යන්න තිබ්බා. ඒත් එයා විතරක් නෙවෙයි දැන් ඉන්නේ. එයාගෙ ජීවිතෙ ජන්ග්කුක්ට වටින්නේ නැති වුණාට එයාට රිකීගේ ජීවිතේ හැමදේටමත් වඩා වටිනවා.
YOU ARE READING
🥀It's not over🥀 JJK
FanfictionIt's started with love but ended with hatred. But........will the end stay the same? Or will it change? JJK Underworld AU⚔️ CEO AU♠️ කියන්න දෙයක් නෑ කියවලාම බලන්න 😁❤️. Started 11.4.2022