Author's pov
"මොකක්?"
යුන්සොං නිකම් කරකවලා අත ඇරියා වගේ ජන්ග්කුක් දිහා බලාගෙන හිටියා. වයිෆ්??? ජන්ග්කුක් කිව්වෙ වයිෆ් කියලද?!!?? තවත් මොනාවත් කාටවත් කියාගන්න බැරි වුණේ theatre එකෙන් ඩොක්ටර් එළියට ආව නිසා. ඉක්මනට ජන්ග්කුක් ඇතුළු අනික් අය ඩොක්ටර්ව වට කරගත්තා.
"ඩොක්ටර් රිකීට.......?"
"බය වෙන්න ලොකු දෙයක් නෑ මිස්ටර් ජොන්. එයාට දැන් සිහිය ඇවිත් ඉන්නෙ. ඒත්...... ප්‍රශ්නයක් තියෙනවා. එයාගේ උරහිසයි වැලමිටයි කැඩිලා. ගොඩක්ම හානි වෙලා තියෙන්නේ වැලමිටට. ඒනිසා මාස හයක් යනකල්වත් අත හොලවලා වැඩ කරන්න බැරි වෙයි. රේක්‍යොන්ග් ශී කියන්නෙ surgeon කෙනෙක්නෙ. ඒනිසා එයාට මේක හොඳටම දැනෙයි. මාස හයක්ම රේක්‍යොන්ග් ෂීට ජොබ් එකෙන් ඈත් වෙලා ඉන්න වෙයි. මන් එයාට ඒක ගැන පැහැදිලි කරා. ඒත්.............එයාගෙ පවුලේ අයම එයාට මේක පැහැදිලි කරන එක තමයි හොඳ."
ඩොක්ටර් bow කරලා එතනින් ගියා. කට්ටියම හිටියේ ශොක් වෙලා. රිකී එයාගේ ජොබ් එකට කොච්චර ආදරෙයිද කියලා හැමෝම දන්නවා. රිකී දැන් මොනවගේ මානසික තත්වයක ඉන්නවද කියලා අනික් අයට හිතා ගන්නවත් බැරි වුණා.
කට්ටියම රිකී ඉන්න රූම් එකට ගියත් ජන්ග්කුක් විතරක් එළියෙන් හිටියා. ආයේ රිකීට කොහොම මූණ දෙන්නද කියලා ජන්ග්කුක්ට හිතා ගන්න බෑ. විනාඩි කීපෙකින් කට්ටියම ආයෙ එළියට ආවා.
"රිකීට ඔයත් එක්ක කතා කරන්න ඕන කිව්වා කුක්........"
ජින් ජන්ග්කුක්ට කියලා ජීසු ළඟින් ඉඳ ගත්තා. රිකී ජන්ග්කුක් එක්ක කතා කරන්න ඕනි කිව්වා? ජන්ග්කුක් හිටියේ ටිකක් බය වෙලා වගේ. ජන්ග්කුක් දොර අරගෙන ඇතුළට ගියා. ඇඳ උඩ දකුණු අතත් අල්ලගෙන බිම් බලාගෙන ඉන්න රිකීව දැක්කම ජන්ග්කුක්ට කතා කරන එකත් අමතක වුණා. ජන්ග්කුක්ගෙ අඩි සද්දෙ ඇහුණ රිකී ඔලුව උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා. රිකීගෙ ඇස් වලින් නොකඩවාම කඳුළු වැක්කෙරෙනවා.
"ජන්ග්කුක්......................ඔයා කලින් මට ටිකක් හරි ආදරේ කරාද?
"රිකී මන්-"
CZYTASZ
🥀It's not over🥀 JJK
FanfictionIt's started with love but ended with hatred. But........will the end stay the same? Or will it change? JJK Underworld AU⚔️ CEO AU♠️ කියන්න දෙයක් නෑ කියවලාම බලන්න 😁❤️. Started 11.4.2022