🥀26🥀

66 15 4
                                    

Riky's pov

























මන් පොලීසියේ අයව පේන්න බැරි හේතුව දෙකක් තියෙනවා. එකක් ලොකුකම අනික් එක සල්ලිවලට කෙල හලන එක. ඒත් අද මට ඒ අකමැති දේවල්වලින් අද මට එකක් උදව් වුණා. ඒ තමයි සල්ලි. ඊයේ යුන්ගි ඔප්පා මට ඩගීව කොහොමහරි හිරෙන් එළියට ගන්න කිව්ව නිසා පහුවදා උදෙන්ම මන් ආවේ detention center එකට. එතන ඉන්න ලොක්කා මුලින් ගණන් ඉස්සුවත් සල්ලි පෙන්නුව ගමන් විනාඩි දහයක් ගියේ නෑ ඩගීව නිදහස් කරා................ මන් කරපු වැඩේ වැරදියි තමයි. ඒත් මොනා කරන්නද? මට ජන්ග්කුක්ව මොන ක්‍රමයෙන් හරි බේරගන්න ඕනි. මන් මෙහෙම අල්ලස් දෙන වැඩක් කරා කියලා අහුවුනොත් මගේ doctor licence එකත් කැන්සල් කරලා දායි. මන් දුන්නෙත් එසේ මෙසේ ගාණක් නෙවෙයි............200 million dollars යකෝව් 💥🥴!!

මන් කාර් එකට හේත්තු වෙලා හිටියේ ඩගී එළියට එනකම්.....................ගේට් එක ඇරගෙන ඩගී එනවා දැක්ක ගමන් මන් ටක් ගාලා එයා ළඟට දිව්වේ යූටාත් මන් පස්සෙන් එද්දී. යූටා දුවලා ගිහින් ඩගීව බදා ගත්තා................... Yutaට මාත් එක්ක තරහත් ඇති එයාගේ යාළුවව හිරේ යැව්වට. මට නිකමට හිතුණේ මන් ඩගීට කරා වගේ Yuta නිෂීව හිරේ යැව්වොත් මොනා වෙයිද කියලා...........ආයේ මොනා Yuta මළා තමා. ඒ වගේම තරහක් යූටටත් මන් ගැන තියෙන්න ඇති..............මට ඩගීව හිරේ යවන්න කලින් ඒ දේවල් ගැන හිතලා බලන්න තිබුනා. අනික ඩගීයි යූටයි මාත් එක්ක ගොඩක් යාලුයි. මන් ඉස්සර ශොපින් යද්දිත් ඇවිදින්න යද්දිත් කොහේ යද්දිත් යූටා හරි ඩගී හරි මාත් එක්ක එනවා. එයාලගේ duty එක විදියට නෙවෙයි............ඒ දෙන්නා මගේ යාළුවෝ දෙන්නා නිසයි.

"ඩගී............"

මන් අඩු හඬකින් බිම් බලාගෙන කිව්වේ මට ඩගී දිහා බලන්නවත් බැරි නිසා. ඩගී මන් වෙනුවෙන් කොච්චර දේවල් කරලා ඇත්ද? මන් අරක මේක ගේන්න කියන වෙලාවට රෑ දොළහට හරි කමක් නෑ ඩගී ගේනවා. ජන්ග්කුක් කිව්වත් නැතත් ඩගී මගේ ආරක්ෂාවට හිටියා............... එච්චර දේවල් කරාට පස්සෙත් මන් කරේ ඩගීව හිරේට දාපු එක ජන්ග්කුක්ගෙයි මගෙයි මෝඩ රණ්ඩුව නිසා...........

මන් හිතුවේ ඩගී මට කතා නොකර යයි කියලා වුණත් මන් දැක්කා එයාගේ අඩි මගේ දිහාට එනවා. මගේ උරහිස දෙපැත්තෙන් අල්ලගත්තේ අත් දෙකක්. මන් ඉක්මනට බැලුවේ ඩගී දිහා.....................එයාගේ ඇස්වල මන් බලාපොරොත්තු වුණා වගේ තරහක් නෑ. එයා මන් දිහා බලාගෙන හිටියේ ගොඩ කාලෙකින් පරණ යාලුවෙක් හම්බුණා වගේ හිනා වීගෙන.

🥀It's not over🥀 JJKWhere stories live. Discover now