🥀6🥀

119 22 6
                                    

Author's pov





















"කවුද ඩේ මේ මන් නැතුව වලියක් දාගන්නේ?"

එකපාරටම ගෙදරට ආව මනුස්සයා කෑ ගැහුවම ඔක්කොගෙම ඇස් යොමුවුනේ එයා දිහාට. කට්ටියම නිකම් බලන් හිටියේ ශොක් වෙලා.........................ආයේ එන දවසක් කියන්න බෑ කියලා ගිය මනුස්සයා එකපාරටම හොල්මනක් වගේ දොර ළඟ හිටන් ඉන්නවා. එකපාරටම ජිමින් කෑගහගෙන ඒ මනුස්සයා ළඟට දුවන් ගියේ අතුත් දෙපැත්තට දාගෙන බදාගන්න ලෑස්තිවෙලා.

"ටේඒඒඒඒ!!!!!!!!"

එකපාරටම කෝලා වගේ අඬු හතරෙන්ම ටේහ්‍යොන්ග්ගෙ ඇඟ එල්ලුණ ජිමින් ටේවත් පෙරලගෙන බිමට වැටුණා.

"ආහ් අයින් වෙයන්කෝ 😣. මගේ කොන්ද ලෙෆ්ට් යකෝ!!"

ඒත් ජිමින් නෙවෙයි හෙල්ලුණේවත්. කිම් ටේහ්‍යොන්ග්. ජිමින්ගෙයි ජන්ග්කුක්ගෙයි ඉස්කෝලෙ යන කාලේ ඉඳන් යාළුවා. ඒත් ටේට ජිමින් එක්ක කොහොමත් ලොකු බැඳීමක් තිබුණා. මීට අවුරුද්දකට කලින් ටේහ්‍යොන්ග් කැනඩා ගියේ බිස්නස් වැඩවලට. ඒත් ඊටත් වැඩිය ටේ ගියේ ආතල් එකට. ටේහ්‍යොන්ග් කැමති කොයිවෙලෙත් ආතල් එකේ ඉන්න. රටවල්වල ඇවිද ඇවිද ශොපින් කරන්න ෆොටෝස් ගහන්න ටේ මාර ආසයි. ටේහ්‍යොන්ග් කැනඩා ගියාම එයාට එයාගේ කම්පැනි එකේ කැනඩාවල බ්‍රාන්ච් එකේ වැඩ කරන කොරියන් ගෑනු ළමයෙක් හම්බුණා. මුළු campany එකටම හිටපු එකම කොරියන් ගෑනු ළමයා එයා විතරයි. ඉතින් ටේහ්‍යොන්වුයි එයයි ටිකෙන් ටික ලං වුණා. ඊටපස්සෙ ටේහ්‍යොන්ග් හිතුවා හැමදාටම කැනඩාවලම නැවතිලා එයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක එහේම ඉන්න. ඒකයි ටේ ජිමින්ටයි අනික් අයටයි කිව්වෙ ආයේ එන දවසක් කියන්න බෑ කියලා. ඒත් එකපාරටම ටේ ඇවිත් ඉන්නවා දැක්කම ඔක්කොටම පුදුමයි.

ජිමින් ටේ ළඟින් ඈත් වුණාම ටේ කොන්දත් අත ගගා නැගිට්ටා. තත්පරයක් යන්නත් කලින් ගල් පර්වතයක හැප්පුණා වගේ ටේ ආයෙත් බිම පතබෑවුණේ ජන්ග්කුක් එයාගේ ඇඟට පැන්නමයි.

"කොටියෝ!!"

"හම්මෝ හාවා.......උඹ තව බර වෙලා බන්. මොනා මේ ගල් බනිස් වගේ muscles?"

ජන්ග්කුක්ගෙ bicepsවලට අනින ගමන් ටේ ඇහුවා. යන්තම් ජන්ග්කුක් එයාගේ ඇඟ උඩින් අයින් වුණාම ටේ ආයෙත් නැගිට්ටා කොන්දත් අල්ලන්. නැගිට්ට පස්සෙ තමයි ටේ දැක්කෙ ඇසුත් නළලේ දාන් බලන් ඉන්න රිකී.........

🥀It's not over🥀 JJKWhere stories live. Discover now