🥀15🥀

117 24 7
                                    

Author's pov
















"ආශ්!!"

පුටුවට වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටිය රිකී පිටිපස්ස හැරිලා බැලුවේ කවුරුහරි කෑ ගහද්දි. කෑ ගැහුවේ කවුද කියලා දැක්කම රිකීට බකස් ගාලා හිනා ගියා. ඒ හිටියේ දැන් නැගිට්ටා කියලා කියන්න පුළුවන් ජන්ග්කුක්. එක අතකින් සිගරට් එකකුත් අරගෙන අනික් අතෙන් කටත් අල්ලගෙන. උදේ ඇහැරිලා පුරුද්දට බොන සිගරට් එක බොන්න යද්දි අද කට ඇවිලෙන්න ගත්තා. ඊයේ පිච්චුණ විදිහට ආයේ සිගරට් දුම යද්දිත් ජන්ග්කුක්ගෙ කට ඇවිලෙනවා. සිගරට් තියා සැර කෑමක් වත් කන්න බෑ. අතත් කටෙන් වහගෙන මැරෙන්න හිනා වෙන රිකී දැක්ක ගමන් ජන්ග්කුක්ට යකා නැග්ගා.

"හරි සතුටුයිනේ තමුසෙට මගේ කට පිච්චුණාම😒."

"දැන් තමුසේ ඔය ජහජරා දුම අදින්නේ කොහොමද කියලා බලමුකෝ😏. දැන්වත් නහය තියාගෙන ඉන්න පුළුවන්."

ජන්ග්කුක් රිකී ඉස්සරහට ඇවිත් හිට ගත්තේ රවාගෙන. රිකී වර්ල්ඩ් කප් එක දින්නා වගේ ගැම්මෙන් ජන්ග්කුක් දිහා බලාගෙන හිටියේ කකුලක් පිට කකුලක් දාගෙන. එකපාරටම ජන්ග්කුක් රිකීගේ දෙපැත්තෙන් අත් දෙක තියලා එයාගේ මූණට එබුණා. කොච්චර ගැම්මෙන් හිටියත් ජන්ග්කුක් කරපු දේ නිසා රිකී ගැස්සිලා තවත් පුටුවට ඇලවුණා. ඇස් දෙකත් පොල් සයිස් කරගෙන ජන්ග්කුක්ගෙයි එයයි අතර සෙන්ටිමීටර් පහක්වත් පරතරයක් හදන්න රිකී හෙන ට්‍රයි එක.

"කොහොමද බලමුකෝ දැන් හිනා වෙන්නෙ 😏?"

ජන්ග්කුක් රිකීගේ.......තොල්වලට බර වුණා.......................... මොකක්ද වුණේ කියලා හිතා ගන්න බැරුව රිකී එකපාරටම ගල් වුණා. මාස ගානකින් ආයෙත් ඒ හැඟීම රිකීට දැනෙන්න ගත්තා......................ඔලුව තනිකරම හිස් වෙලා යද්දි පපුව එකසිය ගානට ගැහෙන්න අරගෙන.......... රිකීගේ කන්වල ඉඳන් රත් වීගෙන ආවේ තාමත් නිකම් කරකවලා අතෑරියා වගේ, ඇස් දෙක පියාගෙන ඉන්න ජන්ග්කුක් දිහාම බලාගෙන ඉද්දී. එකපාරටම ආයෙත් හොඳ සිහියට ආව ජන්ග්කුක් රිකීගෙන් ඈත් වෙලා රිකී දිහා බැලුවා. ඇසුත් ලොකු කරගෙන ඉන්න රිකීගේ බෙල්ලේ ඉඳන් රතු වෙලා. ජන්ග්කුක්ගෙ කට කොනට හිනාවක් ආවා.

🥀It's not over🥀 JJKWo Geschichten leben. Entdecke jetzt