Riky pov
"ඕ ගුඩ් මෝනින් ඩොක්ටර් 😁."
හොස්පිට්ල් එකට ආපු ගමන් මොකාද එකා වගේ කට කනේ දාගෙන හිනා වීගෙන ගුඩ් මෝනින් ගගා මන් ළඟට ආවේ මගේ fellow (එයාගෙ යටතේ වැඩ කරන ඩොක්ටර් - ඕතර්) යුන්සොං. අඩෝ දවසම මූසලයි 😒.
"මෝනින් මෝනින්............මොකෝ මේ නටන්නේ?"
මූ මාත් එක්ක එකපාරටම උඩ පැන පැන එන්න ගත්තමයි මන් නොරුස්සන ගතියකින් ඇහුවේ. ඒත් මන් ගැන දන්න නිසා කොල්ලා මගේ රැවුම් ගෙරවුම් එච්චර ගණන් ගන්නෙ නෑ. යුන්සොං කොයි වෙලෙත් ඉන්නේ ෆුල් හැපි එකේ. මට නැති හැපි මූට තියෙනවා 😒.
"හී 😁. ඩොක්ටර්ගෙ සතුට මගෙත් සතුටයි. ඒකයි මේ."
"මගේ සතුට?"
මන් ටිකක් වෙලා නැවතිලා උඩ බලාගෙන කල්පනා කරේ මන් අන්තිමට සතුටෙන් හිටපු දවස........ ම්ම්ම්............... ආහ්! එදා මගේ කෝප්පෙට ජරා කරපු අර කඩප්පුලි හූනා අල්ල ගත්ත දවසෙ නම් මන් මාර සතුටෙන් හිටියේ. ඒත් ඒක වුණේ සති දෙකකට කලින්නෙ. යුන්සොං කොහොමද ඒක දැන ගත්තේ!?
"ඩොක්ටර්ට තේරුණේ නෑනෙ 😁................... ටඩාාාං!"
යුන්සොං එකපාරටම එයාගෙ පිටිපස්සෙන් ෆයිල් එකක් ඇදලා ගත්තා. ඇස් හීනි කරලා බැලුවමයි මන් ඒකෙ තිබුණ අකුරු දැක්කෙ................
"Lawsuit against Kim Douglas...........මේ....... මේ😱..."
"ඔව් ඩොක්ටර්...... වැඩේ ගොඩ 😁!!!!"
මට නිකම් දැනුනේ හදවත පුපුරලා යන සයිස් සතුටක්. නිකම්ම නිකම් සතුටක් නෙවෙයි කුරිරු සතුටක් 😈. කොහොමහරි මගේ සතුට කන්ට්‍රෝල් කරගෙන මන් යුන්සොංවත් ඇදගෙන ආවේ මගේ කැබින් එකට. කැබින් එකේ දොර වහපු ගමන් මන් යුන්සොංගෙන් ෆයිල් එක අරන් ඔලුවේ උඩ තියා ගත්තා.
"ලාලලාලලා ඕයේ කැරකිලා වෝඕහ්!! අරූ ඉවරාායි අරූ ඉවරාායි......ඩුමර ටකර ඩුමර ටකර අහා ගැම්මට....කපුටු කාක් කාක් කාක් ඩගී ඩගී ඩගී ඩගී........... ආන්න හරි කොල්ලෝ...... සුපිරි!!"
මගේ භූමිතෙල් නයි ඩාන්ස් එකට මගේ ප්‍රාණසම සහකාර යුන්සොංවුත් සෙට් වුණා. අම්මෝ මාර සතුටුයි මට. බොහොම කාලෙකට පස්සෙ කුරිරු සතුටක් ලැබුණා 😈. බුහහ් හහ් හහ් හහ් හා..........
VOUS LISEZ
🥀It's not over🥀 JJK
FanfictionIt's started with love but ended with hatred. But........will the end stay the same? Or will it change? JJK Underworld AU⚔️ CEO AU♠️ කියන්න දෙයක් නෑ කියවලාම බලන්න 😁❤️. Started 11.4.2022