🥀13🥀

117 25 2
                                    

Author's pov
























Flashback................5 months ago

"කුකී............ මන් යනෝ!!"

බෑග් එකකුත් අරන් වොච් එකෙන් වෙලාව බලන ගමන් හිටියේ රිකී. Marriage එකෙන් පස්සෙ රිකීගෙයි ජන්ග්කුක්ගෙයි බුසාන් mansion එකේ දෙවෙනි දවස. ඒත් හදිස්සියේම රිකීට ජේජුවල ට්‍රිප් එකක් යන්න වුණේ Jaeguk hospital එකේ අයිතිකාරයාගේ දුව වෙලා annual welfare trip එකට නොයා බැරි නිසා. ඒත් රිකී හිටියේ එච්චර සතුටෙන් නෙවෙයි. ජන්ග්කුක්ව දාලා යන්න රිකීට පොඩි හරි ඕන කමක් තිබුණේ නෑ.

රිකී කතා කරාම මූණත් දෙක කරන් ලොකු හූඩියකින් ඔලුවත් වහගෙන ආවේ ජන්ග්කුක්. රිකීට ජන්ග්කුක් දැක්කම තවත් දුක හිතුණා. රිකී සාක්කුවට අත් දාගෙන ඉන්න ජන්ග්කුක්ව ගිහින් බදා ගත්තේ welfare committee එකට හිතින් දෙහි කපන ගමන්.

"අනේ කුකී..................... දවස් දෙකයි මන් ඉන්නෙ මැණික........ මන් ඉක්මනට එනවා 🥺.............."

ජන්ග්කුක් රිකීව බදා ගන්නෙ නැතුව බිම් බලාගෙනම හිටියා. රිකීත් වැඩේ අතෑරියේ නෑ. ජන්ග්කුක් බදා ගන්නකල්ම රිකී හිටියා. අන්තිමේදී ජන්ග්කුක් රිකීව බදාගෙන එයාගේ උරහිසේ ඔලුව ඔබා ගත්තේ පොඩි ළමයෙක් වගේ.

"ඉක්මනට එන්න..................... I'll miss you strawberries😔.............."

රිකී ජන්ග්කුක් ළඟින් ඈත් වෙලා ජන්ග්කුක්ගෙ තොල්වලට පොඩි peck එකක් දීලා එළියට දිව්වෙ ජන්ග්කුක්ට අත වනන ගමන්.

.

.

.

.

දවස් දෙක ගෙවුණා. ට්‍රිප් එක ඉවර කරලා රිකී ගෙදර ආවේ........................ සතුටින් කියලද හිතුවේ?? නෑ.................රිකී ආවේ කියා ගන්න බැරි දුකකින්............... කවදාවත් රිකී මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ. ඒත් කිසි දෙයක් පෙන්නන්නෙ නැතුව සාමාන්‍ය විදියට ඉන්න රිකී තීරණය කළා.

ගෙදර දොර ඇරිය ගමන් රිකී දැක්කේ සෝෆා එකේ නිදාගෙන ඉන්න ජන්ග්කුක්. රිකීට එකපාරටම පෙනුණේ එයා දැකපු පින්තූරේ. ඇඟම කිලිපොලා යද්දි රිකී හෙමීට දොර වැහුවේ සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න. ජන්ග්කුක්ව දැක්කෙ නෑ වගේ යන්න ඕනි වුණත් රිකී සාමාන්‍ය විදියට ඉන්න ඕනි. ඒනිසා රිකී ගිහින් ජන්ග්කුක් ළඟ දණ ගහගෙන එයාව හෙලෙව්වා.

🥀It's not over🥀 JJKDonde viven las historias. Descúbrelo ahora