🥀8🥀

114 22 2
                                    

රිකී පස්සෙන් පස්සට ගිහින් දොරට හේත්තු වුණා. කවුරුහරි ලොක් එක අරින්න හදනවා. ඒත්........ඇයි alarm system එක වැදුණේ නැත්තේ? ජන්ග්කුක්ට ඇති තරම් හතුරෝ ඉන්න නිසා එයා මුළු ගෙදරටම alarm system එකක් සෙට් කරලයි තියෙන්නේ. ගෙදර පිටතින් තියෙන දොරවල්වල පාස්වර්ඩ් වැරදි වුණාම අනිවාර්යෙන් එලාම් එකක් ඔන් වෙනවා. ඒත්..............අද එලාම් ඔන් වුණේ නෑ.

රිකී සද්දේ ඇහෙන්නේ නැති වෙන්න කෑම කාමරේට දුවගෙන ගිහින් මේසෙ යට හැංගුණා. ඒත් එක්කම රිකීට ඇහුණේ ගෙදර පිටිපස්සේ දොර ඇරෙනවා. ටක් ගාලා රිකී ෆෝන් එකේ ටෝච් එක ඕෆ් කරලා බලාගෙන හිටියේ හුස්ම ගන්න සද්දේ ඇහෙන්නේ නැති වෙන්න අතත් කටෙන් වහගෙන. පපුව හයියෙන් ගැහෙද්දි රිකීට එකපාරටම මතක් වුණේ ජන්ග්කුක්. ජන්ග්කුක් තාම කිසි දෙයක් දන්නෙ නැතුව එයාගේ කාමරේ නිදි. රිකීට ජන්ග්කුක්ට කතා කරන්න ඕන වුණත්.....කොහොමද?? මැසේජ් දැම්මත් වැඩක් නෑ ජන්ග්කුක් නිදි නිසා පේන්නේ නෑ.

කරන්නම දෙයක් නැති නිසා රිකී ටක් ගාලා ජන්ග්කුක්ට කෝල් එකක් ගත්තේ මේසෙ යට ඉඳන්ම වටපිට බලන ගමන්. කිචන් එක පැත්තෙන් මිනිස්සු දෙන්නෙක් කතා කරනවා රිකීට යන්තමට ඇහුනා.

ෆෝන් එක රින්ග් වෙනවා ඇහුණ ජන්ග්කුක් අඩ නින්දෙම caller ID එක බලන්නෙත් නැතුව කෝල් එක කට් කරා. රිකීට ජන්ග්කුක් මරන්න තරම් තරහක් එක්ක බයට වෙව්ලන්නත් ගත්තා. ජන්ග්කුක් ෆෝන් එක ගත්තෙම නැත්තම්............ මොනවා වෙයිද? රිකී ආයෙත් ගත්තා.

"මොන කරදර-................රිකී?"

ආයෙත් කෝල් එකක් ආවම ජන්ග්කුක් නැගිටලා ෆෝන් එක අරන් caller ID එක බැලුවේ නිදි මතේමයි. Caller ID එක දැක්කම තමයි ජන්ග්කුක් හොඳ සිහියට ආවේ. රිකී ඇයි කෝල් කරන්නෙ? මොනාහරි ඕන වෙලාද දන්නෑ? එක එක ඒවා හිත හිත ජන්ග්කුක් ෆෝන් එක ආන්සර් කරා. ඒත් එක්කම කෑ ගැහිල්ලක් එක්ක ෆෝන් එක කට් වුණා. එකපාරටම ජන්ග්කුක්ට ආයෙත් කෑ ගැහිල්ලක් ඇහුණා. ඒත් ඒක නම් ෆෝන් එකෙන් නෙවෙයි පහල තට්ටුවෙන්.

රිකී දෙවෙනි වතාවටත් කෝල් ගත්තා. එකපාරටම රිකී ගේ මූණට ටෝච් ලයිට් එකක් එල්ල වුණා. රිකීට කෑ ගැහුණා. ඒත් එක්කම අතක් ඇවිත් රිකී ගේ ෆෝන් එක ඇදලා අරගත්තා. තත්පරයක්වත් නැවතෙන්නෙ නැතුව ෆෝන් එක ඇදලා අරගත්ත අතම රිකීවත් මේසෙ යටින් ඇදලා ගත්තේ සෙල්ලම් බඩුවක් ඇදලා ගන්නවා වගේ. රිකී ටක් ගාලා නැගිටලා බැලුවේ එයා ඉස්සරහ හිටගෙන ඉන්න මූණු වහගත්ත හැඩිදැඩි මිනිස්සු දෙන්නා දිහා. එක මනුස්සයෙක් ටෝච් එකක් අල්ලන් ඉන්නවා.

🥀It's not over🥀 JJKOnde histórias criam vida. Descubra agora