🥀7🥀

119 24 6
                                    

Jin's pov

















"එහෙනම් පරිස්සමින් මගේ මස්සිනා එක්ක සතුටින් ඉන්න මයේ අම්මා🙂. මේ අයියණ්ඩි ගොහින් එන්නම්."

"අනේ යනවා ඕයි. මාව දාලා ඔක්කොම යනවා. මන් දැන් මේ කෙහෙල් හාවා එක්ක කට්ට කන්න එපැයි 😒."

රිකීව අවුස්සන්න එයාගේ ඔළුවත් අතගාලා මූණත් එල්ලගෙන මන් කිව්වම ඒ යක්සනී මගේ අත ගසලා දැම්මා. හොඳ වෙලාවට මෙයා මගේ මූණටවත් ගැහුවේ නෑ. වැරදිලාවත් රිකීගෙ යාරයක් දිග නියපොත්තක් වැදිලා මගේ හැන්ඩ්සම් මූණ සීරුනොත් මන් කොහොමද වාව ගන්නේ 😌?

නම්ජුනයි ජිමිනයි මටත් කලින් ගියා. මට යන්න කෙනෙක් සෙට් වුණේ නැති නිසා මන් තනියෙන් යන්න ලෑස්ති වුණා. හෝබත් එයාගේ කම්පැනි එකට ගියේ අපිටත් කලින්. ජීසුයි ජන්ග්කුකයි රිකී තුන්දෙනත් එක්ක මාත් බෑග් අරගෙන ආවේ ජන්ග්කුක්ගෙ ගෙදර. රිකී නම් ඉන්නෙ ජන්ග්කුක්ට ගහන්න වගේ. අතත් මිටි මොලවන් පුප්ප පුප්ප ඉන්නවා. හොඳ වෙලාවට අපි ජීසු තියලා යන්නෙ😨. එයාටයි මටයි විතරයි මේ ඩබල ටිකක් හරි control. ගිහින් එද්දී එකෙක් හරි ජීවතුන් අතර ඉඳියිනෙ.

මන් ගියේ ජීසු ළඟට. ජීසු ඇඳලා හිටියේ රතු skirt එකකුයි සුදු ටී එකකුයි..........ලස්සනයි 😍.........

"ජීසු...... මන්.... ගිහින් එන්නම් 🙂."

"ආහ්.....ඕකේ ජින්. මට කෝල් එකක් දෙන්න 🙂."

දැන් මොනාද කරන්නෙ? හග් කරනවද නැද්ද? එයත් බලන් ඉන්නවා මාත් බලන් ඉන්නවා. දැන්නම් හදිසි අවස්සතාවයකුත් ලෝඩ් වෙනවා 😐...................... come on Jin........... ඔන්න ඔහේ හග් කරන්න. එයා මොනාවත් හිතන්නේ නැති වෙයි...................... හිතුවත් ඉතින් කමක් නෑ🙂.

"බායි."

ඔක්කොම පුරුස සක්තිය දාලා මන් ජීසුව හග් කරා. මුලින් ජීසු හිටියේ මෝල් ගහක් ගිලලා වගේ. ඒත් ටික වෙලාවකින් එයත් මාව හග් කරාම තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. අම්මෝ මන් හිතුවේ ළඟ තියෙන එකකින් දමලා ගහයි කියලා 🙂.

වාහනේට නැග්ග මන් රිකීගෙයි ජන්ග්කුක්ගෙයි තරහින් රතු වෙලා තියෙන මූණු දිහා බලලා අත වැනුවා. උන් දෙන්නගෙන් එකෙක්වත් මට අත වැනුවේ නෑ 🤣. මට මේගොල්ලො සලකපු විදිහ තව හොඳයි. කුකී නම්ජුන්ට සැලකුවේ යද්දි කාර් එකට මල් පෝච්චියකින් ගහලා. යන්තම් ග්ලාස් කැඩුණේ නෑ ඒත් ලොකු මල් පෝච්චි හැඩේ වලක් හැදුණා කාර් එකේ නම්ජුන් හිටිය දොර ළඟ🙂.

🥀It's not over🥀 JJKWhere stories live. Discover now