Author's pov
"තමුන්ලා මොනාද මෙහෙ කරන්නේ මේන් ගේට් එක ළඟ ඉන්නේ නැතුව??"
කොල්ලො දෙන්නා එතනම ගල් ගැහුණා. කරන්නෙ මොකක්ද කියලා අහන්න වගේ ජින් හෙමීට ජන්ග්කුක් දිහා බැලුවම ජන්ග්කුකත් ජින් දිහා බැලුවේ මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව............... ලොකු හුස්මක් අරන් පහළට දාපු ජින් ජන්ග්කුක් දිහා බලලා ලාවට ඔලුව වැනුවා. ජින් මොකක්ද කරන්නෙ යන්නෙ කියලා ඉවෙන් වගේ දැනුන ජන්ග්කුක් පිටිපස්ස හැරිලම හිටියේ ජින් අනික් පැත්ත හැරිලා දොර දිහාට හැරෙද්දී.........
දොර ළඟ ඉන්න බඩ තඩි වට කෙස් මැද හිස් අන්කල්ව දැක්කම ජින් ෆුල් කම්පියුස් වුණේ මේ කවුද කියලා දන්නැතුව. උඩ ඉඳන් පහලට අංකල් දිහා බැලුවම තමයි ජින් දැක්කේ එයාගේ බෙල්ල වටේ තියෙන කාඩ් එක. එයාගේ පින්තූරෙත් එක්ක ලොකු අකුරෙන් එකේ ලියලා තිබ්බේ Team leader කියලා.
"අපිට කන්ට්‍රෝල් රූම් එකෙන් පණිවිඩයක් ආවා ඒකයි ආවේ සර්..........."
කන්ට්‍රෝල් රූම් එකට ඔලුව දාපු team leader කාමරේ පුරා ඇස් යැව්වෙ මේකෙ ඇතුළේ හිටිය අය කෝ කියලා බලන්න කියලා වෙන්න ඕන කියලා ජින්ට තේරුණා. කෝකටත් කියලා කොල්ලෝ දෙන්නා සිහිය නැති කරපු කට්ටියව හන්ගලයි හිටියේ. ජින් වැඩේ හබක් වෙයි කියලා හීන් දාඩිය දාද්දි ජන්ග්කුක් තාමත් පිටිපස්ස හැරිලයි හිටියේ.
"කෝ මේකෙ හිටිය අය?? අනික ඇයි තමුන් මට පිටුපාලා ඉන්නෙ 🤨?? හැරෙනවා ඉස්සරහට."
"ආ මේකයි සර් ඒගොල්ලෝ හදිස්සියක් නිසා manager ළඟට ගියා. එතකන් අපි දෙන්නා මෙතන හිටියේ......."
"හ්ම්ම්............. ඒත් මට තමුන්ලා දෙන්නව පුදුම විදිහට සැකයනේ ආහ්?! මට ඊට කලින් කියවනවකෝ ඕයි අරූට කන් ඇහෙන්නෙ නැද්ද කියලා? යාහ්!! මන් තමුසෙට හැරෙන්න නේද කිව්වෙ?? සේවකයෝ ඉන්න ඕන සේවකයෝ විදිහට!"
Team leaderට තරහ ගිහින් පුපුරන්න ඔන්න මෙන්න. ජින් හෙමීට ජන්ග්කුක්ට ඇන්නෙ ඉස්සරහ බලන්න කියලා අඟවන්න වුණත් ජන්ග්කුක් නෙවෙයි හෙල්ලුණේවත්........................රතු කට්ට පැන්න Team leader "මූට මම......" කියාගෙන ඉස්සරහට අඩියක් තියන්න ගියා විතරයි........
YOU ARE READING
🥀It's not over🥀 JJK
FanfictionIt's started with love but ended with hatred. But........will the end stay the same? Or will it change? JJK Underworld AU⚔️ CEO AU♠️ කියන්න දෙයක් නෑ කියවලාම බලන්න 😁❤️. Started 11.4.2022