🥀14🥀

121 24 7
                                    

Nishi's pov


















මම, රිකී.....ඒ වගේම නිකෝ. අපි තුන්දෙනා හරියට නිකම් එකම පවුලේ සහෝදරයෝ වගේ. අවුරුදු හයේ ඉඳන්ම අපි හොඳම යාළුවෝ. කොහේ ගියත් අපි තුන්දෙනා එකට. ඒ කාලේ අනික් ළමයි අපි තුන්දෙනාට පුදුම විදිහට ඉරිසියා කරා. මොකද අපි තුන්දෙනාම හොඳට පාඩම් වැඩ කරා. ඔව් ඉතින් කොහොමත් රිකී තමයි පන්තියේ එක වුණේ. ඊට පස්සේ තුන වගේ හිටියේ නිකෝ. මන් ඉතින් හතරට යනවා හයට යනවා විස්සට යනවා ආයේ හතරට යනවා. අපි තුන්දෙනා කවදාවත් වැරදි වලට අහු වුණේ නෑ. ඉතින් අපිත් එක්ක ගොඩක් අය තරහයි.

ටික ටික කාලේ ගිහින් අපි හයිස්කූල් එකට ආවා. ඒත් අපි තුන්දෙනා එකටමයි හිටියේ. අපි දැන් පොඩි කාලේ හිටිය අය නෙවෙයි. අපි අතරේ බැඳීම ගොඩක් ශක්තිමත් වෙලයි තිබුණේ. අපි තුන්දෙනාගේ ලොක්කා වගේ හිටියේ රිකී. මැජික් අරිශ්ටේ ගහලා වගේ කට තිබුණට රිකීට මැස්සෙක්වත් අල්ල ගන්න බෑ. එහෙම වුණාට ඉතින් රිකී තමයි අපේ පන්තියේම මොළේ. රිකීගේ සෙට් එක කිව්වොත් මුළු ඉස්කෝලෙම දන්නවා 😌.

ඒත්.....................කාලය ටික ටික දේවල් වෙනස් කරා. අපේ යාළුකමට අවසානයේදී ටික ටික හරස් වෙන්න ගත්තේ අපේ වයසේ වැරැද්ද.......................... ඔව්.........නිකෝ ටික ටික අමුතු වෙන්න ගත්තා. නිකෝ රිකී දිහා බලන විදිය, කතා කරන විදිහ යාළුවෙක්ගේ වගේ නෙවෙයි. රිකීට තේරුණේ නැතත් මට ටික දවසක් යද්දි ඒක හොඳටම තේරුණා. කොච්චර පන්තියේ මොළකාරයා වුණාට රිකීට ඕවගේ දේවල් තේරෙන්න සෑහෙන්න කාලයක් යනවා. අන්තිමට බැරිම තැන මම නිකෝගෙන් ඇහුවා එයා රිකීට කැමතිද කියලා.

මුලදී නෑ නෑ කිය කිය හිටියට නිකෝට මගෙන් බේරෙන්න බැරි වුණා. අන්තිමට එයා මට ඇත්ත කිව්වා එයා කැමති කියලා. මන් හරි විදිහට නම් සතුටු වෙන්න ඕන නේද?? මගේ යාළුවෝ දෙන්නා එකිනෙකාට ආදරේ කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. අනික රිකීත් නිකෝට අකමැති වෙන්න හේතුවකුත් නෑ. ඒත්....................මට මොකක්දෝ වැරැද්දක් දැනුනා. හරියට මේක වෙන්න ඕනි දෙයක් නෙවෙයි වගේ. මන් දන්නෑ මට ඇයි එහෙම හිතුණේ කියලා. මට පොඩි කාලේ ඉඳන්ම නිකෝව දැක්ක ගමන්.......... අමුත්තක් දැනෙනවා. මට නිකෝ එක්ක තනියෙන් ඉද්දි නිකම් ඇඟේ හිරිගඩු පිපෙනවා වගේ. ඒක නිසාම මන් ගොඩක් වෙලාවට ඉන්නේ රිකී එක්ක. ඒත් ඒ දෙන්නටම ඒ ගැන ගාණක් නෑ.

🥀It's not over🥀 JJKDonde viven las historias. Descúbrelo ahora