🥀18🥀

102 23 9
                                    

Author's pov



















"එළියට ඇවිත් අපිට යටත් වෙනවා ජොන් ජන්ග්කුක්.........ඔහේගෙ මුළු ගෙදරම අපි වට කරා. පැනලා යන්න හිතනවා නම් ඒක හිතින් දැන්ම අයින් කරගන්නවා!!!"

"ජ... ජන්ග්කුක්........"

රිකී බයවෙලා ජන්ග්කුක්ගෙ ශර්ට් එකෙන් අඳින්න ගත්තා. එක අතකින් රිකීව බදා ගන්න ගමන් ජන්ග්කුක් අනික් අතෙන් එයාගේ ෆෝන් එකෙන් කෝල් කරේ යූටට.

"එන්න......."

රිකීවත් එක්කන් ජන්ග්කුක් ගියේ මැන්ෂන් එකේ පොළොව යට තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක දිහාට. සාලෙට ගිහින් එතනින් පඩිපෙළ බහින්න ගිය ගමන්ම යූටා කෝල් එක ආන්සර් කරා.

📞 බොස්......

"යූටා.....ඉක්මනට අපේ ගෙදරට එනවා ගංවොන්දෝ වල..............අපිව වට කරලා."

📞 හරි බොස්....අපි විනාඩි තිහෙන් එනවා.

"ඉක්මනට එනවා...."

Call ended

අන්ඩර්ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ වෙපන් රූම් එකට රිංග ගත්ත ජන්ග්කුක් දොර ලොක් කරලා දැම්මා. පිටිපස්ස හැරුණ ජන්ග්කුක් දැක්කෙ හොඳටම බයවෙලා නියපොතු හපන රිකීව............ ජන්ග්කුක් ඉක්මනට රිකීව බදා ගත්තා. වෙනදට මෙහෙම දෙයක් වුණොත් ජන්ග්කුක් කීයටවත් බයගුල්ලෙක් වගේ හැංගෙන්නේ නෑ මැරුණත් උන් ඉස්සරහට යනවා මිසක්. ඒත් අද ජන්ග්කුක්ට එහෙම වගකීමක් නැති විදිහට හැසිරෙන්න බෑ. මොකද එයාගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන, තමන්ගේ ජීවිතේටත් වඩා වටින දෙයක් පරිස්සම් කරන්න තියෙන නිසා.................රිකී ඔලුව උස්සලා ජන්ග්කුක් දිහා බැලුවේ කලබල වෙලා.

"කු...කුකී...මේ.... මට කලින්......මේ වගේ.... experience නෑනේ😨?! මන්... මන් දැන් මොනාද කරන්න ඕනි?? ආශ්... මන් ගන් එකක්වත් පාවිච්චි කරන්න දන්නෑ.........අනේ😣.........."

ජන්ග්කුක් රිකීගේ ඉන වටේ තිබුණ එයාගේ අත් තවත් තද කරා.

"මගේ Strawberries ගන් පාවිච්චි කරන්න ඕනිත් නෑ මොනාවත් කරන්න ඕනි නෑ. මන් ඔයාට මොනාවත් වෙන්න දෙන්නෙ නැති නිසා බය වෙන්න එපා හ්ම්ම්?"

රිකීගේ නළලට හාදුවක් දුන්න ජන්ග්කුක් gun rack එක දිහාට හැරිලා රිවෝල්වර් එකක් ගත්තේ ගෙදර ප්‍රධාන දොර කවුරුහරි කඩනවා ඇහෙද්දි............. තවත් රිවෝල්වර් එකකුයි බුලට්ස් ටිකකුයි අල්ලගන්න රිකීගේ අතට දුන්න ජන්ග්කුක් රිකීවත් අරන් කාමරේ කොනට ගිහින් තවත් දොරක් ළඟින් හිටගත්තා.

🥀It's not over🥀 JJKWhere stories live. Discover now