🥀20🥀

85 21 2
                                    

Jungkook's pov




















මට තාම හිතාගන්න බෑ මන් මාස හතරක් කිසිම දෙයක් දන්නැතුව ඇඳකට වෙලා හිටියා කියලා. ඒ මාස හතර ඇතුළත මගේ මනසේ තිබුණ හිඩැස පුරව ගන්නම මට දවස් කීපයක් ගියා. රිකීගේ අත හොඳ වෙලා ආයෙත් surgeon කෙනෙක් විදියට වැඩ කරනවා........... මන් කෝමා එකට වැටුණ මුල් සතියේ stocks සීයට පනහකින් අඩු වෙලා. නම්ජුන් හ්‍යොන්ග්වුයි ජීසු නූනයි කට්ට කාලා මාසයක් ඇතුළත ආයෙත් කම්පැනි එක හරිගස්සලා. ඒ ඔක්කොම හරි කියමුකෝ. මන් බලන්න ආසාවෙන් හිටිය දේ මට මඟ ඇරුණ එක තමයි දුකම සීන් එක. මන් මාර ආසාවෙන් හිටියේ ජින් හ්‍යොන්ග් අපේ නූනට කන්ෆෙස් කරනකම්...........මට ඒක බලන්න පින නෑ. මන් කෝමා එකෙන් නැගිටලා ජින් හ්‍යොන්ග් දිහා බලද්දි දෙන්නා අත් අල්ලගෙන ඉන්නවා දැක්කම තමයි මට තේරුණේ හරි තමයි කියලා 🙂💥. කමක් නෑ දුකක් තිබුණට. අපේ නාකි ජෝඩුවට හරි ගිය එක හොඳයි. දෙන්නම මරුවට ගැලපෙනවා🙂. ඝණ්ඨාරෙයි ටින් බෙලෙක්කෙයි වගේ.

නිකෝ ගැන ඇහුව ගමන් තමයි මට හොඳටම වැදුණේ මට ලොකු කාලයක් මඟ ඇරිලා කියලා. නිකෝ නිදහසේ එයාට ඕනි හැමදේම කරනවා. මගේ ඩ්‍රග් ඩීල් හතරකුත් හොරකම් කරලා මගේ ඩීලර්ස්ලා දෙන්නෙක් මරලත් එක්ක. හොඳටම ඇති...............නිකෝ ගොඩක් කල් සතුටු වුණා. දැන් ඒ හොඳටම ඇති.

මට මගේ ඩ්‍රග් ඩීල් ටික ගැන නම්ජුන් හ්‍යොන්ග් කියද්දිම ඇඟේ මයිල් කෙලින් වුණා. මුළු Asiaවලම ලොකුම ඩ්‍රග් ඩීලර් මම. මගේ ඩ්‍රග් ඩීල් එකක් උස්සන්න ඇමරිකන් ඩ්‍රග් ඩීලර්ස්ලටවත් බැරි වුණා. ඒත් නිකෝ වගේ එකෙක් මගේ ඩ්‍රග් ඩීල් ඉස්සුවා කිව්වම මට දැනුණේ පිච්චෙනවා වගේ. මට බෑ ඌට පැරදෙන්න. ඒනිසාම මන් ඒක අහපු වෙලාවෙම නම්ජුන් හ්‍යොන්ග්ට කිව්වා නිකෝට විරුද්ධව මොනාම හරි දෙයක් හොයන්න කියලා. මන් කෝමා එකෙන් නැගිටලා දැනට සති දෙකක් වෙනවා. මන් ගිය සතියෙම ගෙදර ආවේ මට ඉක්මනට නිකෝ සම්බන්ධයෙන් වැඩ කරන්න ඕනි නිසාමයි.

ඒත්.......... මේ සති දෙකටම අපිට නිකෝ සම්බන්ධයෙන් මොනාවත් හොයා ගන්න බැරි වුණා. ඒ මිනිහගේ හැමදේම හරිම පිරිසිදුයි. කිසිම illegal දෙයක් නෑ!! ඒක වෙන්නෙ කොහොමද???? මන් හොඳාකාරවම දන්න දෙයක් තමයි මුළු කොරියාවෙම ඉන්න හැම ධනවතෙක්ම හොරකම් කරලා හරි එක පාරක් හරි අහුවෙලා තියෙනවා කියන එක. මොකක්ම හරි පොඩි කිලිටක් හරි තියෙනවා. නැත්තම් ඒ මනුස්සයා මනුස්සයෙක් වෙන්න බෑ! ඉතින් මට නිකෝගේ මේ ඕනවටත් වඩා පිරිසිදුබව ගැන කොහොමත් සැකයි. ඒනිසාමයි මන් අද ඕන එකක් වෙද්දෙන් කියලා නිකෝගේ ලෝයර් හම්බෙන්න ගියේ. මිනිහා එක්ක තේ කෝප්පයක් බීලා හිනා වෙලා කතා කරන්න නෙවෙයි දෙකක් ඇනලා මට ඕනි දේවල් වමාර ගන්න.

🥀It's not over🥀 JJKOpowieści tętniące życiem. Odkryj je teraz