◇PROLOGUE◇

687 78 21
                                    

_________________________________


මෙම කතාංගය සදහා ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන BTS හි සාමාජිකයන්ගේ නම් භාවිත කළද, ඔවුන්ගේ සැබෑ චරිතය මෙම කතාවේ චරිත සමග සන්සන්දනය නොකරන්න

________________________________


.
.
.
.
.
.
.
.

"කිසිම දෙයක් කරන්න බැරි දුර්වලයෙක් තමුන්. කිම් කියන නමටත් උබ කැලලක්. ඇයි තමුන්ට ජින් වගේ හැදෙන්න බැරි"

ටේහ්යුන්ගේ කන් දෙක එයාගේ අප්පගේ වචන වලින් දෝංකාර දෙන්න පටන් ගත්තා.

"ටේ- !?"
තම උරහිස මත අත තැබූ ජන්ග්කුක් දිහා ටේහ්යුන් බැලුවේ එයාගේ කන් දෙක වහන් හිටපු අත් ඉවත් කරමින්.

"අයිසේ ටේ තමුන් හොද සිහියෙන්ද ඉන්නේ"

"මොකක්?"
ටේහ්යුන් තමාගේ පියෙවි ලෝකයට ආවේ ජන්ග්කුක් ටේහ්යුන්ගේ මූණට එබුණාමයි.

"මම කී සැරයක් උඹට කතා කරාද?"
ජන්ග්කුක් තම අත් ටේහ්යුන්ගේ කම්මුල් දෙකින් තබා කම්මුලට තට්ටු දැම්මා.

"උඹ සොම්බියෙක් වගේ ඇයි මේ? මොකක්හරි ප්‍රශ්නයක්ද?"
ජන්ග්කුක් ආයෙත් කතා කරන්න ගත්තේ ටේහ්යුන්ගේ ඇස් දිහා බලමින්.

"ම-මම හ-හොදින්"
ටේහ්යුන් එහෙම කිව්වත් ජන්ග්කුක්ට තේරුම් ගියා ඒක එහෙම නොවෙන බව.

"සීරියස්ලී !? ටේහ්යුන් පොඩි කාලේ ඉදන් මම උඹව දන්නේ. උඹ මොකක් හරි අවුලකින් නම් මට කියන්න"

"ආහ් කුකී මට පාඩුවේ ඉන්න දෙන්න"
ටේහ්යුන් තම කම්මුලේ තිබූ ජන්ග්කුක්ගේ අත් ගසා දමලා ගියේ කරත්ත රෝදෙට අහුවුණු කජු පුහුලමක් වගේ මූණත් අමුතු කරගෙනමයි.

තම පන්තියේ මේසය ළගට ගිහින් ඉදගත් ටේහ්යුන් ආපහු කල්පනාවකට වැටෙන්න ගත්තා. පන්තියෙන් එලියේ ඉදන් ජන්ග්කුක් ටේහ්යුන්ගේ හැසිරීම හොදින් බලන් හිටියා.

"ජෙයොන් ජන්ග්කුක් මොකද මේ එලියට වෙලා"
ඔවුන්ගේ පංතිභාර ගුරුතුමා ජන්ග්කුක් ළගට පැමිණෙමින් විමසුවා.

THE illusion SERIES (completed)Where stories live. Discover now