KTH:05

207 50 28
                                    

"මේ මොකක්ද මේ !?"

දකුණුපස පිටුවට නෙත් යොමුකල ටේහ්යුන් දුටුවේ යමෙකු පිටුව කුරුටු ගා පිස්සුවක් නටා ඇති අයුරුයි. ඒ පිටුවේම සමහර තැන්වල පැල්ලම්ද දකින්නට ලැබුණි.

ටේහ්යුන් ඊළග පිටුවද පෙරලූ පසු දක්නට ලැබුණේ ඒ පිටුවද කුරුටු ගා විනාශ කර ඇති ආකාරයයි. කලින් පිටුවේ මෙන්ම මෙහිද වම් අත පැත්තේ වූ පිටුවෙහි "02" ඉලක්කම සටහන් වී තිබුණා.

"කවුරු නැතත් මේක කරලා තියෙන එකානම් මහම පිස්සෙක්. මෙච්චර හොද වටින පොතක් විනාශ කරලා"

තමන්ටම මුමුණාගත් ටේහ්යුන් පිටුවෙන් පිටුව පෙරලගෙන යනවිට මේ සෑම පිටුවකම වගේ දකුණු පස පිටුවේ කුරුටු ගා ඇති බවත් වම් පස පිටුවේ ඉලක්කම් අනුපිලිවෙලක් දක්නට ලැබුණා. ඒ වගේම සෑම කුරුටු ගෑමක්ද එක පිටුවකින් තවත් පිටුවකට වෙනස් බව ටේහ්යුන්ට ටික වෙලාවක් පොත පෙරලගෙන යද්දී තේරුම් ගියා.

අංක 40 ගණන් පිටු වලට පැමිණෙන විට අතරින් පතර ඔහුට ඉංග්‍රීසි අකුරු වලට සමාන අකුරු හම්බ වෙන්න පටන් ගත්තා. ඒ වගේම සමහර පිටුවල කුරුටු, අංක සදහන් කල පිටුවලටද විහිදී ගිය බවක්ද ඔහුට දැකගන්න ලැබුණා.

ටේහ්යුන් "68" ලෙස සදහන් පිටුව පෙරලූ විට දක්නට ලැබුණේ කියවන්න හැකි නමුත් අපැහැදිලි ඉංග්‍රීසි වාක්‍යය කීපයකි.

I Hate This
I Hate You All

පිටුවේ කුරුටු අතර තැනින් තැන කියවන්න පුලුවන් මේ ඉංග්‍රීසි වාක්‍යයන් ටේහ්යුන් තමන්ටම ඇහෙන්න කියව ගත්තා.
ඒ කුරුටු අතර ඇස් ගෙනගිය ටේහ්යුන් තවත් එවැනි කියවිය හැකි වාක්‍යය තිබේදැයි සොයන්න පටන් ගත්තා.

Kill
Kill
Kill Everyone ?

කුරුටු අතර ඉතා කුඩාවට ලියවී තිබූ මේ වචන හා වාක්‍යයන් කියවද්දී ටේහ්යුන්ගේ ඇගේ මවිල් කෙලින් වුණේ නොපෙනෙන බයකට වගේ. දිගු හුස්මක් පහත දමමින් තමන්වම සන්සුන් කරගත් ටේහ්යුන් ඊළග පිටුව පෙරලූවේ තවත් එවැනි කියවිය හැකි වාක්‍යය තිබේදැයි සොයා බැලීමටයි.

පුදුමයකි ! එහි වූයේ හිස් පිටුවකි. දකුණු අත පැත්තේ කුරුටු ගෑමක් තියා වම් පසෙහි අනුපිලිවෙලට තිබිය යුතු "69" වෙනි අංකයද සදහන් වී නොතිබුණි. ටේහ්යුන් ඉදිරියටත් පිටු පෙරලන් ගියේ කුමක් හෝ දෙයක් සටහන්ව තිබේදැයි බැලීමටයි. නමුත් හැම එකකම පාහේ පැවතියේ ලා කහ පැහැයෙන් දුර්වර්ණව ගිය ඝනකම් හිස් පිටුයි.

THE illusion SERIES (completed)Where stories live. Discover now