ටේහ්යුන් හිමිහිට අඩි තියමින් තම කාමරයට හොරින්ම රිංගා ගැනීමට හැදුවත් ඔහුගේ පිටුපසින් කවුරුන් හෝ උගුර පාදන ශබ්දයක් ඇසුණා. ටේහ්යුන් තම වෑයම අසාර්ථක වූ බව පසක් කරමින් දිගු හුස්මක් පහත හෙලුවේ තමා පිටුපස සිටි පුද්ගලයා දැකගැනීමට පිටිපස්ස හැරෙන ගමන්මයි.
"ටේ මොකද තමන්ගෙම ගෙදරට හොරෙක් වගේ එන්නේ?"
පුද්ගලයා ටේහ්යුන්ගෙන් විමසුවා.
ටේහ්යුන් ඉදිරිපිට සිටියේ වෙන කවුරුත්ම නෙමේ. කිම් පවුලේ ආඩම්බරය; කිම් පවුලේ නම්බුව; කිම් පවුලේ සුර දූතයා යන අන්වර්ථ නාම ගණනාවකින් හදුන්වන කිම් සෙයොක් ජින්ය."ආහ් හියුන්ග්... මම... මම මේ..."
"අප්පා ඔයාට කාර්යාල කාමරයට එන්න කිව්වා. ඒක නෙමේ කොහොමද වාර පරීක්ෂණේ?"
ටේහ්යුන් මග හැරීමට උත්සහ කල මාතෘකාවම ජින්ගෙන් කටින් ටේහ්යුන්ට අහන්න වුණු නිසා ටේහ්යුන්ට ඇති වුණේ තරහක්."හොදයි.... ඇයි? ඇයි කවදාවත් නැතිව මගෙන්, මම කරන වැඩ ගැන අහන්නේ?"
"ටේ මොකද මේ මම ඔයාගේ හියුන්ග් නේ"
ජින් ටේහ්යුන්ගේ උරහිස මත තම අතක් තබා කාරුණිකව විමසුවා."හියුන්ග් කියලා දැන් ද මතක් වුණේ"
ටේහ්යුන් තරහෙන් තම උරහිසේ වූ ජින්ගේ අත ගසා දමා කෙලින්ම ගියේ මිස්ටර් කිම්ගේ කාර්යාල කාමරයටයි. ඒත් කාමරයට ළං වෙත්ම ළං වෙත්ම ටේහ්යුංගේ තරහ නිවී පපුව ගැහෙන්න පටන් ගත්තේ නොපෙනෙන බයකට වගේ.කාමරයේ දොරට තට්ටු කල ටේහ්යුන් කාමරය තුලින් පිලිතුරක් ලැබේදැයි සාවධානව ඇහුම්කන් දී ගෙන හිටියා.
"ඇතුලට එන්න"
ටේහ්යුන් නොපැතූ ඒ පිලිතුර ලැබෙද්දි ටේහ්යුන්ට සිදුවුණේ දොර හැරගෙන කාමරය තුලට යාමටයි."දොර වහන්න ටේහ්යුන්"
තම කාර්යාල මේසය මත යමක් කුරුටු ගාමින් සිටි කිම් මහතා ටේහ්යුන් දෙස නොබලාම පැවසුවා. ටේහ්යුන් දොර වැසූ පසු කාමරය තුලට එලිය ලැබුණේ කිම් මහතාගේ මේස ලාම්පුවෙන් හා කුඩා ජනේලයකින් පමණි. අඩ අදුර මැද්දේ ටේහ්යුන් කිම් මහතාගේ පිලිතුරක් ලැබෙනකම් බලා සිටියේ සීරුවෙන් සිටගත් සොල්දාදුවෙක් ලෙසයි.
YOU ARE READING
THE illusion SERIES (completed)
Fanfictionමිත්යාවත් යථාර්තයත් අතර දෝලනය වීමක්... THE illusion SERIES Book 01 - NUMBER 69 Published: 2022 May 25 Ended: 2022 July 12 Book 02 - The Untold Illusion Published: 2023 February 17 Ended: 2024 June 08 ⚠️Original Work⚠️ 🚫Do Not Copy🚫 ▪My 3rd Story...