KTH:07

208 48 33
                                    

"ඇයි මෙතනට ආවේ"
ජන්ග්කුක්ගේ කාමරය අස්සට ගිය ටේහ්යුන් ජන්ග්කුක්ගෙන් විමසුවා.
වහා තම කාමරේ දොර වසා ටේහ්යුන් වෙතට ගිය ජන්ග්කුක් ටේහ්යුන්ගේ උරහිසින් ඇල්ලුවේ ටේහ්යුන්ව වික්ෂිප්ත කරමින්.

"කුක් මොකද මේ !?"
ජන්ග්කුක්ගේ ඇස් දෙස කෙලින් බැලූ ටේහ්යුන් ජන්ග්කුක්ගෙන් විමසද්දී ජන්ග්කුක් ටේහ්යුන්ගේ උරහිසින් අල්ලා ඔහුව පිටුපසට කර තම ඇදේ වාඩි කරවූවා.

"නිදාගන්න"

"මොකක් !?"

"නිදාගන්න කිව්වේ අයිසේ"

"ඒ මොකටද !?"

"ටේ- ඔච්චර ඔයාගේ ඔලුවට බර දෙන්න එපා. මම කියන දේ අහලා නිදා ගන්න පැය දෙකක්. මම පොරොන්දු වෙනවා පැය දෙකකින් ඔයාව ඇහැරවනවා කියලා"
එසේ කියා ජන්ග්කුක් තම කාමරේ දොර හැර එතනින් පිටවුණා.

ටේහ්යුන් ජන්ග්කුක්ගේ කීම අසා ජන්ග්කුක්ගේ ගෙදර සිටි මුලු කාලයේම හොද නින්දක් ලබා ගත්තා. ටේහ්යුන් රෝස්විල් ඇකඩමියට පැමිණි පසු ලබාගත් පළමු සුවදායක නින්ද ලබාගත්තේ ඒ පැය හතරේ බව අමුතුවෙන් කිවයුතු නැත. පොරොන්දු පරිදි ජන්ග්කුක් ටේහ්යුන් ඇහැරවීමට පැමිණියත් තම යහලුවා ලබාගෙන සිටින සුවදායක නින්ද කඩා දැමීමට ඔහුට සිතක් නොවීය. ජිමින්ද පළමු වතාවට ජන්ග්කුක්ගේ ඒ අදහසට එකග වුණා. නිවෙස් බලා යන්න විනාඩි දහයකට පෙර ජන්ග්කුක් ටේහ්යුන්ව නැගිට්ටෙව්වේ තමාගේ පොරොන්දුව කඩකළ එකට සමාවද ඉල්ලමින්. නමුත් ටේහ්යුන්ද හිත ඇතුලෙන් සතුටු වුණා, ජන්ග්කුක් ඒ පොරොන්දුව කඩපු නිසා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ටේහ්යුන් තම නිවසට එනවිට දුටුවේ ගමන් මලු කීපයක් විසිත්ත කාමරයේ සෝෆාවක තිබෙන අයුරුයි. ඒ දෙස බලා සිටි ටේහ්යුන් අඩි ශබ්දයක් ඇසුණු නිසා ඊට අවධානය යොමුකලා. තම ටයි පටිය සකසමින් තරප්පු පෙල බැස එන කිම් මහතාව ටේහ්යුන්ට දකින්න පුලුවන් වුණා. සේවකයෝ දෙදෙනෙක් වහා විසිත්ත කාමරයට පැමිණි අතර එකෙක් තම අත් වලට ගමන් මලු ගත් අතර අනෙකා කිම් මහතාට කලුවර ලීයෙන් කල සැරයටිය පෑවා.

THE illusion SERIES (completed)Where stories live. Discover now