"මේක කොහොමද වෙන්නේ. නෑ මේක වුණේ මගේ කතාවේ විතරයි. මේක බොරුවක්"
ටේහ්යුන් එයාටම මුමුණගනිමින් ජන්ග් හේසොක් දිහා බලන් හිටියා."අර බලන්න"
ළමයි එකා දෙන්නා උඩට තම ඇගිල්ල පෙන්වලා උස්සද්දී ටේහ්යුනුත් උඩ බැලුවා.ඇකඩමියේ ඉහල මාලයේ සිට ජන්ග් හේසොක් වැටුණු තැන ඉදන් හේසොක් දිහා බලන් හිටියේ ජන්ග්කුක්.
"ජන්ග්කුක් ඔයා මගේ හොදම යාලුවාව මැරුවා"
ටේහ්යුන් දත්මිටි කමින් ජන්ග්කුක් දිහා බලන් හිටියා."ඔයාලා මගේ ජීවිතේට ඇයි ආවේ ජන්ග්කුක් ජිමින්..
ඔයාලයි මැරිලා යන්න ඕනි. නැතිව හේසොක් නෙමේ..."
ටේහ්යුන් ඇස් පියාගෙන කෑ ගහලා එයාලට ශාප කලා."ටේහ්යුන්"
ඇස් වහන් හිටපු ටේහ්යුන් ගැස්සිලා එයාගේ ඇස් ඇරියේ ඒ කටහඩ හේසොක්ගේ නිසයි."ඔයා කොහොමද? ඔ-ඔයා මැරුණා?"
ටේහ්යුන් වචන ගලපමින් ගොත ගහන්න ගත්තා."ඔයාට පුලුවන් මේ හැම දෙයක්ම වෙනස් කරන්න. ඔයා ඉන්නේ මිත්යාවක. නැගිටින්න ටේහ්යුන්. මේ මිත්යාවෙන් නැගිටින්න"
ලේ විලක් මැද හිටිය හේසොක් ටේහ්යුන්ට කතා කරද්දී ටේහ්යුන්ගේ ඔලුව කකියන්න පටන් ගත්තා.එතනම බිම වැටිලා ඔලුව බදාගත්තු ටේහ්යුන් හයියෙන් කෑ ගහන්න ගත්තේ එයාගේ ඔලුවෙන් ඇහෙන අමුතු කීං ශබ්දය නිසයි. කන් දිගෙත් ඒ ශබ්දය දෝංකාර දී ගෙන ඇහෙද්දී ටේහ්යුන් තව තවත් ඇස් පොඩිකරගෙන වහන් හිටියා.
"හරි ටේහ්යුන් මං තුනට ගණන් කරාම ඔයා ඇස් අරින්න. මාත් එක්කම ගණන් කරන්න"
හේසොක්ගේ හඩ ඒ අතර තමන්ගේ ඔලුව ඇතුලෙන් ටේහ්යුන්ට ඇහුණා."එකායි..."
"එකායි..."
ටේහ්යුන් හේසොක්ගේ කටහඩ අනුගමනය කරමින් ගණන් කරන්න ගත්තා."දෙකායි"
"දෙකායි""තුනායි"
"තුනායි"
තුන කියලා ගණන් කිරීම අවසන් කරද්දීම ටේහ්යුන් හිමීට ඇස් ඇරියා. එක පාරටම ආපු සුදු ආලෝකය නිසා ටේහ්යුන්ගේ ඇස් නිලංකාර වෙලා ගියා.
සුදු ආලෝකයට ටික ටික ඇහැ හුරුවෙද්දී ටේහ්යුන් වටපිට බලන්න ගත්තේ එයා ඒ කොහෙද ඉන්නේ කියලා දැනගන්නයි.
YOU ARE READING
THE illusion SERIES (completed)
Fanfictionමිත්යාවත් යථාර්තයත් අතර දෝලනය වීමක්... THE illusion SERIES Book 01 - NUMBER 69 Published: 2022 May 25 Ended: 2022 July 12 Book 02 - The Untold Illusion Published: 2023 February 17 Ended: 2024 June 08 ⚠️Original Work⚠️ 🚫Do Not Copy🚫 ▪My 3rd Story...