KTH : 21

187 29 10
                                    

"ටේහ්යුන්ගේ තත්වය සාමාන්‍ය වීගෙන එනවා. එයා දිගටම මේ විදිහට ඉදීවී කියලා මට හිතෙනවා"
නර්ස් කෙනෙක් හේසොක්ට ටේහ්යුන්ගේ වාර්තා ටික දෙද්දී හේසොක් ඒක නොබලාම පැත්තකට තල්ලු කලා.

"නෑ තාම නෑ. රිපෝට් වලින් පෙන්නන දේවල් එක්ක නෙමේ මේක තියෙන්නේ. මේක තියෙන්නේ ටේහ්යුන්ගේ මනසත් එක්ක."
.
.
.
.
.
.
ටේහ්යුන් ඇදේ දිගාවී ගෙන බින්දු බින්දුව වැටෙන සේලයින් බෝතලය දිහා බලාගෙන හිටියා.

හැමදෙයක්ම හීනයක් වගේ. කවුද හිතුවේ ජන්ග්කුක් ජිමින් කියන්නේ එයාගේ මවාගත් යාලුවෝ වෙයි කියලා.

ඒත් ටේහ්යුන්ට මොකක් හරි වැරැද්දක් තේරෙන්න පටන් ගත්තා.

එයා කොහොමද ජන්ග්කුක්ව ජිමින්ව මවා ගත්තේ? එයා කොහොමද එයාම මවා ගත්ත ෆැන්ටසි වලට ගියේ? සහ තවත් ප්‍රශ්න වලින් ටේහ්යුන්ගේ හිත හොදටම පිරිලා.

ටේහ්යුන් ඇදේ ගැට්ටට හාන්සි වෙලා ඇස් පියා ගත්තේ එයාගේ මනසේ පිරිලා තිබ්බ සිතුවිලි වලට නිදහසේ ගලන්න ඉඩ දෙමින්.
.
.
.
.
.
.
.
හවස වෙද්දී හේසොක් ආවේ ටේහ්යුන්ගේ තත්වේ නිරීක්ෂණය කරන්නයි.

"දැන් කොහොමද ටේහ්යුන්? හිතට පහසුවක් දැනෙනවද? නැත්නම් තාම හිත අවුල් වෙලාද?"
ටේහ්යුන් ඔලුව දෙපැත්තට වැනුවා.

"වෙලාවට නර්ස්ලා දෙන බෙහෙත් ටික බොන්න හොදද? ඔයාට සිහිය ආවා විතරයිනේ හරිද? ඇගට අවශ්‍ය ගොඩක් විටමින ඔයාට ඒ බෙහෙත් වලින් ලැබෙයි"
හේසොක් නැගිට්ටේ ටේහ්යුන්ගේ කාමරෙන් පිටවෙලා යන්නයි.

"ඩොක්ට මට කියන්න දෙයක් තියෙනවා.
ඔයාට වෙලාවක් තියෙනවද ඒක අහන්න"

"ඔහ්! ඇත්තටම මට වෙලාව තියෙනවා ටේහ්යුන්. ඔයා පටන් ගන්න"

"ඩොක්ට කීවා වගේ මං ජන්ග්කුක්වයි ජිමින්වයි මවාගෙන වෙනම ෆැන්ටසියක හිර කෙරෙව්වා සහ මාත් හිරවුණා.

ඒ වගේම මම තව තවත් අයව ඊළග ෆැන්ටසියේදී මවාගත්තා. ජින් හියුන්, සුගා හියුන්, නම්ජූන් හියුන් ඒත් නම්බර් 69 ෆැන්ටසියෙන් මං එලියට ආවම මට එයාලව දකින්න ලැබුන් නෑ.

THE illusion SERIES (completed)Where stories live. Discover now