KTH:12

177 49 17
                                    

"ඇත්තටම !?"
ජිමින් දෑස් විශාල කර පුදුමයෙන් ජන්ග්කුක්ගෙන් විමසුවා.

"ඔව්. ඇත්තටම එයා මාව මගහරිනවා. ඔයාට ඒක තේරුණේ නැද්ද ? මාව විතරක් නෙමේ ඔයාවත්. ඔයත් එක්ක මේ ටිකේ එයා කතා කළාද ?"

"නෑ. මට විභාගෙන් පස්සේ එයා එක්ක හරිහමන් කතා කරන්නත් බැරිවුණා. අනික එයාට දැන් ගොඩක් වැඩ ඇති ජන්ග්කුක්. එයා දැන් ශිෂ්‍ය නායකයෙක් !! පොඩි එකෙක් වගේ හිතන් නැතිව ඉන්න- හැම වෙලේම ඔයාටයි එයාටයි එකට ඉන්න බෑනේ"
අතීත සිද්ධියක් මතක් කරමින් ජිමින්, ජන්ග්කුක්ට කරුණු පැහැදිලි කලා.

"නෑ- මේක වෙනස්. ඊට වඩා-"
ජන්ග්කුක් කණගාටුවෙන් කියද්දී ජිමින් ටේහ්යුන්ගේ හිස් මේසය දෙස බැලුවා.

"ඔයා හිතන්නේ දැන් එයා කොහෙද ඇත්තේ ?"

"මම දන්නෑ එයා කැමැති නෑ මම එයාගේ පස්සෙන් එනවට. වෙනදට මේ වෙලාවට එයයි මායි කැෆටේරියා එකේ ඉදන් කෑම කන්නේ විහිලු කර කර. ඒත් එයා මාව දැක්කත් දැන් ඔරවනවා. මගෙන් ඈත් වෙලා ඉන්න කියලා කිව්ව මදිවට එයාගේ මූණෙනුත් මට ඒක පෙන්වන්න හදනවා. එයා හැසිරෙන්නේ මම එයාට දැන් වදයක් වගේ..."

"අම්මෝ ඒක නම් ඇත්ත. කවද්ද ඔයා වදයක් නොවුණේ !?"
ජිමින් ගත් කටටම එසේ කීවත් ජන්ග්කුක් ජිමින් සමග බොරුවට පැටලෙනවා වෙනුවට ගැඹුරු හුස්මක් පහත හෙලුවේ මහා දුකක් නිදහස් කරමින්.

"එයා මට මගේ සම්පූර්ණ නමින් කතා කලා ජිමින් ! පොඩිකාලේ ඉදන්ම අපි දෙන්නා කුක් ටේ කිය කිය හිටියේ.. ඒත් ඊයේ එයා මගේ සම්පූර්ණ නමින් එහෙම කතා කරද්දී මට දැනුනේ මම ටේට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් ඉස්සරහා හිටන් හිටියා වගේ"

"එයාට මොකක්හරි ගෙදර ප්‍රශ්නයක් ද දන්නේ නෑ. කවුරුත් වගේ නැද්ද ඒ ගැන අහන්න"
ජිමින් එසේ පවසද්දී ජන්ග්කුක් දුකින් හකුලුවා සිටි මුහුණ කෙමින් වෙනස් වී මදක් කල්පනාකාරි ස්වභාවයකට පත්විය.

"එයාගේ හියුන්. ජින් හියුන්"

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඇකඩමිය නිමවී පයින්ම තම නිවෙස බලා යන අතරේ ටේහ්යුන්, ඔහුට සිදුවෙමින් පවතින දේ ගැන හිතන්නට පටන් ගත්තා. ටේහ්යුන් කල්පනා කරත් ඔහුට මතක් වූයේ එදා දුටු හීනේ කලු අත පැවසූ කිසියම් දෙයකට තමා එකග වුණු බවයි. නමුත් එය ඔහුට මේ මොහොතේ මතක් කර ගැනීමට අපහසු වුණා. මතක් කරන්නට හදන සෑම උත්සහයකදීම ඔහු තමන්ගේ ඔලුවටම අතින් ගහගෙන තමන්ගේ හිසෙන් එන වේදනාව සමනය කර ගන්න වුණා.

THE illusion SERIES (completed)Where stories live. Discover now