"ඔයාලා කවුද ?"
කාන්තාවක් වැස්සේ සිටින ජන්ග්කුක්ගෙන් හා ටේහ්යුන්ගෙන් විමසුවා."අ-අපි ජිමින්ගේ ය-යාලුවෝ..."
බිය තරමක් පහව ගිය පසු ටේහ්යුන් ඇයට උත්තර දුන්නා. නමුත් තවමත් ජන්ග්කුක් භීතියෙන් කාන්තාව දෙස බලා හුන්නා."ආ...ජිමිනිගේ යාලුවෝද.? එන්න ඇතුළට"
කාන්තාව සුහදව ඔවුන්ට ගේ තුළට ආරාධනා කළා"කවුද ඔම්මා ආවේ ?"
කාමරයක දොරක් අරිමින් ජිමින් එලියට පැමිණෙද්දී ටේහ්යුන්ව හා ජන්ග්කුක්ව දැක ඔහුත් භීතියෙන් ගොළු වූවා."ජිමිනි ඉක්මනට ඔයාගේ යාලුවන්ට තුවා ටිකක් දෙන්න. නැත්නම් එයාලට අසනීප වෙයි. සීතල නැතිවෙන්න මම හොද උණු තේකක් හදන් එන්නම්"
කාන්තාව සුරතල් ලෙස සුහදව පවසා කුස්සියට වහා දිව ගියා."ඇයි තමුන්ලා ආවේ ?"
කාන්තාව එතනින් නික්ම ගිය බව සැකහැර දැනගත් ජිමින්, තියුණු බැල්මක් හෙලමින් ටේහ්යුන් හා ජන්ග්කුක්ගෙන් විමසුවා. ඒ කටහඩේ තරහක් ගැබ්ව ඇති බව තේරුම් ගැනීමට ටේහ්යුන්ට මෙන්ම ජන්ග්කුක්ටත් අපහසු වුණේ නම් නෑ."ජිමින් අපි-"
ටේහ්යුන් කතා කරන්නට සැරසුණත් ජිමින් ඔහුව වලකාලමින් කතා කරන්නට පටන් ගත්තා."තමුන්ලා ආවේ මගේ ඔම්මට අපහාස කරන්න !? එහෙම නේද ?"
ජිමින්ගේ හඩ කෙමින් කෙමින් උච්ච වුණා."න්-නෑ නෑ ජිමින්. අපිට නෑ-නෑ ම-මට හිතුණා ඔයා මොනවහරි හංගනවා කියලා. ඉතින් මායි ටේහ්යුන්වත් ඇදන් ආවේ..ඒ මොකක්ද කියලා දැනගන්න"
"දැන් දැනගත්තනේ. ඔයාලට සතුටු ඇති නේ දැන්. යන්න ගිහින් මුලු ඇකඩමියටම කියන්න පාර්ක් ජිමින්ගේ ඔම්මා අපායෙන් ආපු යක්ෂණියක් වගේ විකෘතිකයෙක් කියලා. කියන්න ගිහින් ජිමින්ගේ ඔම්මගේ මූණ දිහා බලන්නවත් බැරි තරම් එයාගේ අම්මා විකෘතිකයෙක් කියලා"
ජිමින් ටේහ්යුන්ට හා ජන්ග්කුක්ට ඇහෙන්න වෙව්ලමින් හා තරහෙන් කතා කලා."ජිමින් අපිට කිසිම ඕනිකමක් නෑ එහෙම කරන්න. පොඩ්ඩක් සන්සුන් වෙන්න. අපි යාලුවෝ. අපි දෙන්නා හිතුවේ ඔයාට මොනවහරි ප්රශ්නයක් කියලා ඒකට උදව් කරන්නයි ආවේ? ටිකක් තේරුම් ගන්න..."
ටේහ්යුන් ජිමින්ට කරුණු පහදා දෙමින් සන්සුන්ව කතා කලේ ජිමින් තුල ඔවුන් කෙරෙහි ඇති වැරදි අදහස දුරු කිරීමටයි.
ඒ සමගම පිරිමියෙක් එතනට ආවේ ජිමින්ට කතා කරමින්.
YOU ARE READING
THE illusion SERIES (completed)
Fanfictionමිත්යාවත් යථාර්තයත් අතර දෝලනය වීමක්... THE illusion SERIES Book 01 - NUMBER 69 Published: 2022 May 25 Ended: 2022 July 12 Book 02 - The Untold Illusion Published: 2023 February 17 Ended: 2024 June 08 ⚠️Original Work⚠️ 🚫Do Not Copy🚫 ▪My 3rd Story...