"ඔතනට පහ ආදේශ කරන්න"
"මොකක්ද !?"
තම හිස ඔසවා බැලූ ටේහ්යුන්ට දකින්න ලැබුණේ තමාගේ මේසය අසල හිටගෙන තමා පෙරදින සෑදීමට අපොහොසත් වූ ගැටලුව දෙස වශී වූවකු මෙන් බලා සිටින ජිමින්ය.ලගම ඇති මේසයේ පුටුවක් ඇද ටේහ්යුන්ගේ මේසයෙන් වාඩි වූ ඔහු ටේහ්යුන්ගේ අතින් පැන්සල ගත්තේ තවමත් තමා දෙස පුදුමයෙන් බලා සිටින ටේහ්යුන්ව නොතකමින්. විනාඩියක්වත් යන්නට මත්තෙන් ගැටලුව සාදා නිමකල ජිමින් පැන්සල මේසය මත තබා තමා හුන් පුටුවද අදාල මේසයෙන් තබා පංතියෙන් පිටව ගියා.
ටේහ්යුන් පංතියෙන් පිටව යන ජිමින් දෙස බලා නැවත ජිමින් ගැටලුව සෑදූ කොලය අත් දෙකට ගෙන එය පිරික්සන්න වුණා."ආහ්! එයාගේ ක්රමය හරිම ලේසියිනේ. පංතියේ සර් උගන්වන විදිහට වඩා.."
තමාටම මුමුණා ගත් පසුව ටේහ්යුන්ගේ ඇස් නැවතුනේ කොලයේ යටම හරිය වෙතටයි."තනියම ඉගෙන ගන්නවට වඩා කෙනෙක් එක්ක සාකච්ඡා කර කර ඉගෙන ගත්තොත් මොකෝ...? කැමතිනම් පුස්තකාලයට එන්න"
ඉතා කුඩා ඒත් පැහැදිලි අත් අකුරු වලින් ජිමින් ලියා තිබෙන දේ දැක්ක ටේහ්යුන්ට අමුතු සතුටක් හිත ඇතුලෙන් පැන නගින්න පටන් ගත්තා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ටේහ්යුන් දොරෙන් හිස පමණක් පුස්තකාලය තුලට දැම්මේ ජිමින් පුස්තකාලය තුළ සිටිනවද නැද්ද යන්න තහවුරු කර ගැනීමටයි. කවුරුත් නැති තැනක, කොනකට වෙලා ජිමින් පොතක් කියව එහි පිටු පෙරලමින් සිටින අයුරු දුටු ටේහ්යුන් එතනට හනිකට ගිහින් ජිමින්ගේ ඉස්සරහ වූ පුටුව ඇද එතනින් ඉදගත්තා. පොතෙන් ඇස් පමණක් එලියට ගෙන ටේහ්යුන් දෙස බැලූ ජිමින් නැවත තමා කියවමින් සිටි පොතට අවධානය දුන්නා.
"අපි කොතනින්ද පටන් ගන්නේ ?"
ජිමින්ට පමණක් ඇසෙන අඩු ශබ්දයකින් ටේහ්යුන් කතා කරන්න ගත්තේ දැනටමත් ඔවුන් සිටින්නේ පුස්තකාලයක් තුල නිසයි."ඔයාට කැමැති තැනකින්..."
ජිමින් පොත දෙස බලාම ටේහ්යුන්ට පිළිතුරු දුන්නා. ජිමින්ගේ මේ හැසිරීම් ටේහ්යුන්ට තමන්ගේ අප්පව මතක් කලත් ටේහ්යුන් සතුටු වුණේ අප්පා මෙන් නොව ජිමින් තමන්ගේ කැමැත්ත මුලින් පිරික්සූ නිසයි.
සමහරවිට පිටතින් ජිමින් තමන්ගේ අප්පා මෙන් හැසිරෙන විදිහ දුටු නිසයි ටේහ්යුන් මෙතෙක් කල් ජිමින් එක්ක වචනයක්වත් කතා නොකලේ; ඒ වගේම තමන්ට සිටි එකම ප්රතිවාදියාත් වුණේ ජිමින් නේ.
පිටතින් බලන කෙනා නෙමේ ඇත්තටම ඇතුලෙ ඉන්නේ කියන සිතුවිල්ල ජිමින්ව ඇසුරු කරද්දී ටේහ්යුන්ට කෙමින් කෙමින් තේරීමට පටන් අරගෙනයි තිබුණේ.
YOU ARE READING
THE illusion SERIES (completed)
Fanfictionමිත්යාවත් යථාර්තයත් අතර දෝලනය වීමක්... THE illusion SERIES Book 01 - NUMBER 69 Published: 2022 May 25 Ended: 2022 July 12 Book 02 - The Untold Illusion Published: 2023 February 17 Ended: 2024 June 08 ⚠️Original Work⚠️ 🚫Do Not Copy🚫 ▪My 3rd Story...