"තනියම යන්න එපා ඉන්න මමත් එන්නම්"
ජිමින් තම යහලුවන්ව ඇරලීමට ගෙදරින් පිටත් වෙනු දුටු මිසිස් පාර්ක් තම කබාය දාගනිමින් ඔලුව ආවරණය කර ගත්තා."යමු"
ළමයි තිදෙනා ඉදිරියෙන් ගමන් කරද්දී මිසිස් පාර්ක් ඔවුන් හා සමානව පිටුපසින් ගමන් කලා. පාරේ මද දුරක් යනවිට එක් මිනිසෙක් ඔවුන් වෙතට ඇවිදගෙන ආවේ ඈත තියාම සූක්ෂමව ඔවුන්ව නිරීක්ෂණය කරමින්
"ආහ්..! මේ අර පාර්ක් ගෙදර යක්ෂණී නේ..!"
මිනිසා ඇස් චූටි කර කබාය තුලින් පෙනෙන මිසිස් පාර්ක්ගේ මුහුණ හදුනාගත් පසු නක්කලේට සිනාවක් පෑවා. ඒ කියමනෙන් ජිමින්ගේ තරහව උච්ච වීගෙන ආවත් මිසිස් පාර්ක් ඔහුව වලක්වමින් මිනිසාව ගණන් නොගෙන ඉදිරියටම ඇදුණා."කවුද ඒ මිනිහා ජිමින් ?"
ටේහ්යුන් ජිමින්ට මදක් ලංවී ඇහුවේ ජිමින්ට පමණක් ඇසෙන ශබ්දයකින්."මිස්ටර් එවන්ස්. මිනිහා අපේ ඔම්මව දැක්කොත් මොකක්හරිම කියනවා. ඔය මිනිහා මේ ළගදී මෙහෙට පදිංචියට ආවේ... ඔම්මව දැක්කොත් මොනවහරිම කිව්වේ නැත්නම් මිනිහට කෑවේ නෑ වගේ. ඊයේ උදේ පාන්දරම මිනිහා ජොගින් කරන්න යද්දී අම්මව දැකලා මුලු දවසම කාලකණ්ණි වුණා කියලා පාරක් පාරක් ගානේ මිනිස්සු එක්ක කියව කියව තමා ජොගින් කරලා තියෙන්නේ. පුදුම පිස්සෙක්. මට මිනිහට දෙයක් කියන්න හිතුණත් ඔම්මා කියලා තියෙන්නේ නිකරුණේ මිනිස්සුන්ව තරහ කර ගන්න එපා කියලා. එයාලා කටින් කියන ඒවා අපේ ඇගේ වදින් නෑනේ කියලා කියනවා"
"මිනිහ ටිකක් ඕනවට වැඩියි. කට පොඩ්ඩක් බැස්සුවනම් හරී..."
ජන්ග්කුක් ජිමින්ගේත් ටේහ්යුන්ගේත් කර මතින් අත දමා කතාවට එක් වෙද්දී ජිමින් ගැඹුරු හුස්මක් පහත දැම්මේ තම තරහව පාලනය කර ගන්නට මෙනි."එක අතකින් මොනවත් කරන්නේ නැති තරමට හොදයි. මිනිහා වංශවත් පවුල් කීප දෙනෙක්වම දන්නවා. මොනාහරි දෙයක් වෙලා අපිට කරදර කරන්නත් බැරි නෑ. අනික දවසක මිනිහට මේ පැත්ත එපා වෙලා යන්න යයි. එතකන් කිසි ප්රශ්නයක් දා ගන්නේ නැති තරමට ඉන්න එක හොදයි"
ජිමින් තරහෙන් වගේම දුකකින් එහෙම කියලා අහක බලා ගත්තා.
YOU ARE READING
THE illusion SERIES (completed)
Fanfictionමිත්යාවත් යථාර්තයත් අතර දෝලනය වීමක්... THE illusion SERIES Book 01 - NUMBER 69 Published: 2022 May 25 Ended: 2022 July 12 Book 02 - The Untold Illusion Published: 2023 February 17 Ended: 2024 June 08 ⚠️Original Work⚠️ 🚫Do Not Copy🚫 ▪My 3rd Story...