KTH:06

199 51 36
                                    

"තමුන් නිසා තමා මේ හැමදෙයක්ම. යස අගේට අපිට පුස්තකාලේ ඉන්න එකත් නැති කලා, තමුන් ආපු නිසා"
පුස්තකාලයෙන් එළියට යන ගමනුත් ජිමින් ජන්ග්කුක් රණ්ඩුවේ අඩුවක් නොවීය.

"මේ අහන්නකො දෙන්නම..."
තමා පසුපසින් රණ්ඩු කරමින් එන ජිමින් ජන්ග්කුක් දෙසට හැරෙමින් ටේහ්යුන් තම හඩ අවදි කලා.

"දැන් ටික කාලයක් යනකම් අපිට පුස්තකාලයට යන්න බැරි එකේ හවසට වගේ කාගෙහරි දිහා එකතු වෙලා පාඩම් කරන්න ගමු"

"ටේ ඔයාට හවස හය වෙද්දි ගෙදර ඉන්න ඕන නේද? අර පේපරේ ලියන්න"
ජන්ග්කුක් ටේහ්යුන්ගෙන් විමසුවා.

"ඔව්. ඒත් ඇකඩමි වෙලාවෙන් පස්සේ පැය හතරක්ම තියෙනවනේ මගේ පේපරේ ලියන වෙලාව එනකම්. ඒ වෙනකම් පාඩම් කරන්න. ඔයාලා කැමතිද ?"

"මට අවුලක් නෑ"
ජිමින් තම පපුව හරහා අත් දෙක බැදගනිමින් කිව්වා.

"මටත්"
ජන්ග්කුක්ද ටේහ්යුප්ගේ අදහසට එකග වුණා.

"ඔයා !? අපිත් එක්ක ඉගෙන ගන්න !?"
ජිමින් නැවත නොරිස්සුම් ප්‍රශ්නාර්ථ බැල්මකින් ජන්ග්කුක් දෙස බැලුවා.

"ඔව්. ඇයි තමුසෙට මාත් එක්ක ඉන්න අවුල් වගේනම් එන්න එපා"

"අහන්න"
ටේහ්යුන් නැවත කතා කරන්න ගත්තා. දෙදෙනාම ටේහ්යුන් දෙස බැලුවේ රණ්ඩුව නවතා ටේහ්යුන්ට කතාකරන්න ඉඩ සලසා දෙමින්.

"අපි අපේ පාඩම් වැඩ මගේ ගෙදර ඉදන්-"
ටේහ්යුන් කියන්න ගිය දේ එකවර නතර කරේ ජිමින් දෙස බැල්මක් හෙලමින්. නෑ ! කවදාවත් ටේහ්යුන්ට ජිමින්ව එයාලගේ ගෙදර එක්කන් යන්න බෑ; කිම් මහතා ඉන්නකම්. ටේහ්යුන් ජන්ග්කුක් දිහා බැලුවා.

"කුක් ඔයාලගේ ගෙදරට එන්න පුලුවන් වෙයිද? අපේ පාඩම් වෑඩවලට-"
ටේහ්යුන් ජන්ග්කුක්ගෙන් විමසද්දී ටේහ්යුන් මුහුණ පා සිටි තත්වය තේරුම් ගැනීමට ජන්ග්කුක්ට වැඩි වේලාවක් ගත වුණේ නැත.

"ඔව් පුලුවන්. ඔයාලා ඕන වෙලාවක එන්න. අපේ ගෙදර දොර ඔයාලා වෙනුවෙන් හැමතිස්සෙම ඇරලයි තියෙන්නේ.."

"ආහ් !! මේ යකාගේ ගෙදර නම් එන්න බෑ මට"

"එහෙනම් ඔයා ඉන්න. නැත්නම් අපි ඔයාලගේ ගෙදර එන්නම්.."
ජන්ග්කුක් තම අත් පපුවට බැද ගනිමින් ආඩම්බරෙන් කිව්වේ තවත් ජිමින්ව අවුස්සන්නයි.

THE illusion SERIES (completed)Where stories live. Discover now