KTH:16

188 45 12
                                    

ලයාන්විත වයලීන් වාදනය, ලාවට ඇහෙන එකිනෙකාගේ කසුකුසුව ටේහ්යුන්ව දෙලොවක් අතර තනි කලා. එකිනෙකා ප්‍රීතියෙන් පහල මාලයට වී කමින් බොමින් සතුටු සාමිච්චියේ යෙදෙන අයුරු මවාගත් ටේහ්යුන් ඇස් වසාගෙනම සිතින් ඒ ගැන මෙනෙහි කලා.
සෑම දෙනාම පහල මාලයේ සතුටින් කල් ගත කරද්දී ටේහ්යුන් ඉහළ මාලයේ කිම් මහතාගේ කන්තෝරු කාමරයට වී තනිකමින් බැට කෑවා.

"මම එද්දී ප්‍රශ්න පත්‍රය අවසන් කර තිබුණොත් හොදයි"
කාමරයෙන් පිටවීමට පෙර කිම් මහතාගේ කටින් ගිලිහුණු ඒ අණ කිරීමක් බදු වචන ටේහ්යුන්ගේ සිතේ එක් පැත්තකින් මුණු මුණු ගාමින් ඇහෙද්දී ටේහ්යුන් නැවත ඇස් ඇර බැලුවේ තමන්ගේ ප්‍රශ්න පත්‍රය දෙසයි.

ටේහ්යුන් සිතා මතාම ප්‍රශ්න පත්‍රයේ කිසිවක් නොලියා දැනටමත් පැය දෙකකට ආසන්න කාලයක් ගතවී තිබුණා. ඒ දෙස බලන වාරයක් වාරයක් පාසා ටේහ්යුන් ඔහුගේ මුරණ්ඩුකම ගැන සතුටුවුණේ කට කොනකින් සිනහවක් නගා ගෙනමයි.
තමාගේ හිස් ප්‍රශ්න පත්‍රය දෙස බලා කිම් මහතා දක්වන ප්‍රතිචාරය දැන ගැනීමට ඔහු ආසාවෙන් පසු වූවා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

වැලි ඔරලෝසුවේ පැය දෙකක කාලයක් ගතවීමට යන වැලි සියල්ලම පහළට වැටී තිබුණා. ටික වේලාවකින් ටේහ්යුන්ට ළග ළගම එන අඩි ශබ්දයක් ඇසෙන්නට වුණා.
නිසැකවම ඒ කිම් මහතා විය යුතුයි ! දොර ඇර එය වසන ශබ්දය ඇසුණත් ටේහ්යුන් නම් ඒ දෙස බලන්නට කිසිදු උනන්දුවක් නොමැතිව තම ඉදිරියම බලා සිටියේ ඔහුගේ අතේහි වූ තීන්ත පෑන ඇගිලි අතර කරකවමින්.

"තමුන් මොනාද මේ පැය දෙකටම කලේ? කිසිම උත්තරයක් ලියලා නෑනේ !?"
ටේහ්යුන්ගේ පිටුපස සිටම ප්‍රශ්න පත්‍රයට බැල්මක් යොමුකල කිම් මහතා ටේහ්යුන්ව කොලර් එකෙන් අල්ලා පුටුවෙන් නැගිට්ටෙව්වා.

ටේහ්යුන්ගේ මුහුණ තමා වෙතට හරෝගත් කිම් මහතා තවමත් ටේහ්යුන්ගේ කට කොනකින් මතු වී තිබුණු සිනහව දුටුවිට හැගුණේ ටේහ්යුන් තමාව සෙල්ලමකට ගෙන ඇති බව සිතා ගනිමින්.

"තමුන් හිතන්නේ මේක සෙල්ලමක් කියලද ?"
ටේහ්යුන්ගේ කොලරයෙන් තම අත නිදහස් කල කිම් මහතා අනික් අතින් ටේහ්යුන්ට කම්මුල් පහරක් ලබා දුන්නා. කම්මුල් පහරේ තාලෙට හිස හැරුණු ටේහ්යුන්ට දැකගත හැකි වුණේ කන්තෝරු කාමරයේ බිත්තියේ එල්ලා කණ්ණාඩියෙන් ඔහුගේ ප්‍රතිබිම්භයයි. ටේහ්යුන් දකිනවටත් වඩා ඔහුව විකෘති වී ප්‍රතිබිම්භයෙන් දැකගත හැකි වුණා. කොතරම් විකෘති වුවත් ටේහ්යුන්ගේ මුහුණේ කට කොනකින් ඇදි සිනා රැල්ල ප්‍රතිබිම්භයේද එලෙසම සටහන් වී තිබුණා.
තව දුරටත් ඔහු බයගුලු, හුරතල්, අහින්සක කිම් ටේහ්යුන් නොවේ.

THE illusion SERIES (completed)Where stories live. Discover now