KTH:17

270 56 39
                                    

නන්නාදුනන අපරාධකරු කිම් මහතා මෙන්ම ටේහ්යුන්වත් මරා දමන්නට ඇති යැයි සියලු දෙනා සැක කළා. නන්නාදුනන අපරාධකරුගේ කිසිදු සළකුණක් සොයා ගැනීමට නොහැකි තැන පොලිස් දෙපාර්තමේන්තුවටද විමර්ශන කටයුතු නතර කිරීමට සිදුවුණා.

.
.
.
.
.

ටේහ්යුන් ගැනද තොරතුරක් නොමැතිව සති දෙකක් ගත වෙන තැන සැමටම ටේහ්යුන්ගේ මරණය පිළිගැනීමට සිදුවුණා.
ඒ නිසා ටේහ්යුන් වෙනුවෙන් සොහොන් කොතක් ඉදිවෙන්නේද මේ නිසයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජන්ග්කුක් තම අතෙහි වූ රෝස මල ටේහ්යුන්ගේ කොත ළගින් තැන්පත් කරද්දී, ජිමින්ද ජන්ග්කුක් කළ පරිදිම තම අතෙහි තිබූ රෝස මල තැන්පත් කලා.
සිද්ධියෙන් පසුව ජන්ග්කුක් කාත් එක්කවත් වැඩි කතාබහට ගියේ නැහැ. සමාජශීලී ජන්ග්කුක් හැමෝගෙන්ම තනි වෙන්න පටන් ගත්තා. ජන්ග්කුක් ඇකඩමිය තුළදී ආශ්‍රය කළානම් ආශ්‍රය කලේ ඒ ජිමින්ව පමණයි. නමුත් ඔහුත් සමගත් කලින් මෙන් නොනවත්වා කතා කිරීමට ප්‍රියක් ජන්ග්කුක් තුළ නොවුණා.

"ටේහ්යුන් හොදින් ඇති"
කොත දෙස බලා සිටි ජන්ග්කුක්ගේ උරහිසට තට්ටුවක් දමමින් ජිමින් ඔහුව සනසන්නට මෙන් එසේ කීවා.

"මට යන්න ඕනි"
ජන්ග්කුක් කොත දෙස බලාගෙනම ජිමින්ට කීවා.

"කොහෙටද ?"
ජන්ග්කුක්ගේ උරහිසේ රැදී තිබූ හිම පියලි ඉවත් කරමින් ජිමින් නැවතත් ඇසුවා.

"කිම් මැන්ෂන් එකට"

ජිමිනුත් ජන්ග්කුක්ත් කිම් මැන්ෂන්හි වත්තට ඇතුලත් වනවිටම දුටුවේ කුලී රථ දෙකක් නවතා ඇති අයුරුයි. පුදුමයෙන් ඒ දෙස බලමින්ම දෙදෙනාම විසිත්ත කාමරයට ඇතුළු වුණා. සේවක සේවිකාවන් බඩු බාහිරාදිය අස් කරමින්, ගමන් මලු කීපයක් එක් කුලී රථයකට පටවන අයුරු ඔවුන්ට දක්නට ලැබුණා.

"ජින් හියුන් කොහෙද ?"
එක් සේවකයෙක්ව නවත්වමින් ජන්ග්කුක් ඔහුගෙන් විමසුවා.

ටේහ්යුන් පොඩි මහත්තයගේ කාමරේ ඉන්නවා මම දැක්කා.
සේවකයා එසේ කියා ආචාර කර පිටව යද්දී ජන්ග්කුක්ත් ජිමිනුත් ඉහළ මාලයට නැග දොර හැර දා තිබූ ටේහ්යුන්ගේ කාමරයට තම ඔලු එබුවා.
ඒ සමගම වගේ ජිනුත් ඔවුන් දෙදෙනාව දුටුවා.

THE illusion SERIES (completed)Where stories live. Discover now