ටේහ්‍යුන් නිදි නොලබාම ඇකඩමියට පැමිණියා. තමන් දැන් පළමු වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා නිසා, ඇකඩමියට මීට පෙර එන වේලාවටත් වඩා කලින් ඔහුට ඇකඩමියට එන්න සිද්ධ වුණා.
පංතියේ දොර හැර ටේහ්‍යුන් පංතියට ඇතුලු වෙනවාත් එක්කම කෙනෙක් ඔහුගේ ඇගට පැන්නේ ටේහ්‍යුන්ව බය කරමින්. නොසිතූ මොහොතක හදිසියේ ලැබුණු මේ ප්‍රතිචාරය නිසා ටේහ්‍යුන් මදක් බියවුණත් වහා ඒ බිය පහව ගියේ ජන්ග්කුක්ගේ විසුළු මුහුණ දුටු විටයි.
"හයියෝ මහ ලොකු ශිෂ්‍ය නායකයා. ළමයෙක් ඇගට පැන්නත් බය වෙනවනේ..."
උදේ පාන්දරම ජන්ග්කුක් තමන්ගේ නාටකය පටන් ගත්තා. වෙනදට මෙවැනි විහිලුවලට ටේහ්‍යුන් සිනහවෙන් හෝ රවාගත් බැල්මකින් ජන්ග්කුක් සමග බොරුවට අඩ දබර කරගත්තත් මෙදින ටේහ්‍යුන් කිසිවක් නොකියා පංතිය තුලට ගොස් තම මේසයෙන් බෑගය ගලවා ජනෙල්වල වූ කර්ට්න් විවර කිරීමට පටන් ගත්තා. ටේහ්‍යුන්ගේ වෙනස දෙස මද වේලාවක් බලා සිටි ජන්ග්කුක්,
"මේකා ශිෂ්‍ය නායක පට්ටම පුදුම විදිහට ඔලුවට අරන්නේ තියෙන්නේ"
යැයි තමාටම පවසා ගනිමින් ටේහ්‍යුන් කරන වැඩේ දෙස නිශ්ශබ්දව බලා සිටියේ ඉණට අත් දෙකත් තබාගෙනමයි..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.උදෑසන පළමු කාලච්ඡේදයට අදාළ ගුරුතුමා පැමිණ පාඩම පටන් ගෙන විනාඩි කීපයක් යන්නට මත්තෙන් ටේහ්‍යුන්ගේ ඔලුවේ එක් පැත්තක මහත් වේදනාවක් හටගන්නට පටන් ගත්තා. තම අතක් ගෙන හිසේ තබාගත් ඔහු තොල සපාගෙනම වේදනාව විදගනිමින් ඇස් දෙක පියා ගත්තා. ක්ෂිණික සිදුවීම් ගණනක් තත්පරයක් තුල ඔහුගේ හිසේ මැවෙන්නට පටන් ගත්තේ අකුණක් කෙටුවා හා සමානවමයි.
"තමුන් දුර්වලයෙක්" තම පියාගේ රෞද්‍ර කටහඩ ඈත කොනකින් ඇසෙද්දී හදිසි හස්තයේ පහරකෑම් වලට ලක්වී අඩමින් අවසානයක් නොදකින අදුරු කාමරය පුරා ඔහේ දිවයන ටේහ්‍යුන්ව, තරමක් දිගු නිය වැඩුණු කලු පැහැ අතක් අදුර තුලින් විහිදී ටේහ්‍යුන්ගේ අතකින් අල්ලා ගෙන ඔහුව නවත්වා ගන්නා සැටි, අත හිමි පුද්ගලයා නොදැක්කත් ටේහ්‍යුන් ඔහු සමග සිතින් කතා කරපු සැටි, තව දුරටත් පහරකෑම්වලට ලක්නොවී කලු අත හිමි පුද්ගලයා ඔහුව ආරක්ෂා කරන බව ටේහ්‍යුන්ගේ සිතට ඒ පුද්ගලයා ඇගවූ සැටි, අන්තිමේදී ටේහ්‍යුන්ගේ අත අත්හැරිය කලු අත තම දබර ඇගිල්ල දිගු කරද්දී ටේහ්යුන්ද තම අතේ දබර ඇගිල්ල ඒ කලු අතේ දබරගිල්ල සමග ඝට්ටනය කල සැටි රූප රාමු පෙළක් සේ ටේහ්‍යුන්ට මැවී පෙනෙන්නට විය. එක් වරම තම ඇස් විවෘත කල ඔහු පංතිය දෙස සූක්ෂ්ම බැල්මක් යොමු කරා.
YOU ARE READING
THE illusion SERIES (completed)
Fanfictionමිත්‍යාවත් යථාර්තයත් අතර දෝලනය වීමක්... THE illusion SERIES Book 01 - NUMBER 69 Published: 2022 May 25 Ended: 2022 July 12 Book 02 - The Untold Illusion Published: 2023 February 17 Ended: 2024 June 08 ⚠️Original Work⚠️ 🚫Do Not Copy🚫 ▪My 3rd Story...