KTH:03

240 56 13
                                    

"හෙයි...මට සමාවෙන්න. කලින් ඔයාට කතා කරපු විදිහ වැරදියි"
ජිමින්ගේ මේසය ඉදිරිපිට සිටගත් ටේහ්යුන් ජිමින්ගෙන් සමාව ඉල්ලුවේ ඔහුගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්. තමා කියවමින් සිටි පොතින් ඇස් ඉවතට ගෙන ටේහ්යුන් දෙස බැලූ ජිමින්,
"ඒකට කමක් නෑ"
යනුවෙන් පවසා නැවත තම කියවමින් සිටි පොතට අවධානය දුන්නා.

"ඒයි ටේ මොකෝ"
කලබලයෙන් ටේහ්යුන් දෙසට පැමිණි ජන්ග්කුක් දෙස ජිමින් මෙන්ම ටේහ්යුන්ද අවධානය දුන්නා.

"ආහ් කුක් කලබල වෙන්න එපා. මම ජිමින් එක්ක කතා කරා විතරයි"
ටේහ්යුන් මලානික හිනාවක් ජන්ග්කුක් වෙත පාද්දී ජන්ග්කුක් ඔරවමින් ජිමින් දෙස බැලුවා.

"මේ අහනවා. තමුසෙට යාලුවෝ නෑ කියලා එක එක අයගේ යාලුකම් කඩා කප්පල් කරන්න එහෙම එපා"
ජන්ග්කුක් තම දබරැගිල්ල දික් කරමින් ජිමින්ට කියද්දී ජිමින් තම ඇස් බෝල කැරකෙව්වා.

"තමුන් මේ කී වෙනි සැරේද මට ඕක කියන ?"
ජිමින් පොත පැත්තකට දමමින් පුටුවෙන් නැගිට්ටා.

"හ්ම්ම්.. මම දන්නෙත් නෑ. මම ගණන් කලේ නෑ....යාහ්..! මම මතක් වෙන හැම වෙලාවකම ඒක කියනවා"
ජන්ග්කුක් ජිමින්ට කියද්දී, ජිමින් කළේ කලිසම් සාක්කුවලට තම අත් හොවා ගැඹුරු හුස්මක් පහත හෙලා පංතියෙන් පිටවීමයි.

"යාහ්..! තාම මම ඔහෙත් එක්ක කියවලා ඉවර නෑ. කොහෙද තමුන් යන්නේ?"
ජන්ග්කුක්ද ජිමින් පසුපසින් යන්න හදද්දී ජන්ග්කුක්ගේ කෝට් කබායේ පිටුපසින් කොලර් එක අල්ලා ටේහ්යුන් ඔහුව නතර කර ගත්තා.

"යාහ්! ටේ.. මාව අතාරින්න. බලන්න අරූගේ තියෙන ආඩම්බරකම. ඕකගේ මූණ සමතලා වෙන්න ෂොට් එකක් දීලා මම එන්නම්. මාව අතා-"
ජන්ග්කුක් එසේ කියමින් ටේහ්යුන් දෙස බලත්ම දැකපු දෙයින් තම ඇස් අදහාගත නොහැකි වුණා.

බොහොම අමාරුවෙන් කාගෙන සිටින හිනාව නිසා ටේහ්යුන්ගේ ඇස්වල කදුලු පිරිලා. ජන්ග්කුක්ගේ මූණ දැකපු ගමන් ටේහ්යුන්ට තව දුරටත් එයාගේ හිනාව පාලනය කර ගන්න බැරි වුණා. මහ හයියෙන් ජන්ග්කුක්ගේ පිටට ගහමින් හිනා වෙන ටේහ්යුන් දිහා ජන්ග්කුක් පුදුමයෙන් බලා හිටියා. ටේහ්යුන් ඇකඩමියට ආවට පස්සේ මේ විදිහට හිනාවුණු පලවෙනි වතාවයි මේ. ජන්ග්කුක්ට එයාගේ පොඩිකාලේ යාලුවාව මතක් වුණා. ජන්ග්කුක්ගේ හැම කෝලම් වැඩකටම ටේහ්යුන් පොඩිකාලේ හොදට හිනාවුණා. මේ වගේ නෙමේ ටේහ්යුන්ගේ හිත ඒ දවස්වල හරි නිදහස්. මේ හැමදෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්තේ ටේහ්යුන්ගේ අම්මා; මිසිස් කිම්, ටේහ්යුන්ව දාලා සදහටම ගියපු දවසේ ඉදලා. නිදන්ගත රෝගයක් උත්සන්න වීමකින් මිසිස් කිම් එයාගේ අන්තිම දවස් වේදනාවෙන් ගත කරලා සදහටම ඇස්දෙක පියා ගත්තා. දරුවන්ගේ ඕනෑ එපාකම් වගේම අනෙකුත් දේවල් හොයා බලමින් ආදරෙන් ජින්වයි ටේහ්යුන්වයි වදලා හදාවඩා ගත් කිම් මහත්මියගේ වියෝව ටේහ්යුන්ටත් ජින්ටත් දරාගන්න අපහසු වුණා. මිසිස් කිම් රෝගය නිසා වේදනාවෙන් කෑ ගහන රාත්‍රීන් වල පවා ටේහ්යුන් නිදා නොගෙන තම කන්දෙක එයාගේ අත් වලින් වහගත්තේ ඇස්වල කදුලුත් පුරවගෙනමයි.

THE illusion SERIES (completed)Where stories live. Discover now