"මේ ගැන පාසල් භාරකරුට දන්වන්න වෙයි. මේ ළමයාගේ දෙමාපියන්ටත් දන්වන්න"
විදුහල්පතිතුමා ගුරුවරුන්ට එසේ කියා හැරෙත්ම දුටුවේ ටේහ්යුන් පමණක් තවමත් අනතුර දෙස ඇසි පිය නොහෙලා බලා සිටින ආකාරයයි."කිම් ටේහ්යුන්"
තමන්ගේ නම කතා කරත්ම පියෙවි සිහියට පැමිණි ටේහ්යුන් විදුහල්පති දෙස බැලීය."පංතියට යන්න"
විදුහල්පති අවවාදාත්මක ස්වරයකින් ටේහ්යුන්ට පැවසීය."ඒ-ඒත් මේ"
ටේහ්යුන් වචන ගලපන්නට හැදුවත් ඔහුගේ මුවින් වචන පිට නොවුණි.දිගු සුසුමක් පහත හෙළූ විදුහල්පති තමා අසළ හුන් ගුරුවරයෙක්ට කීවේ ටේහ්යුන්ව පංතියට රැගෙන යන ලෙසයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.ටේහ්යුන් පංතියට ගොස් තම මේසයෙන් ඉද ගන්නවාත් සමගම ජන්ග්කුක් ටේහ්යුන් වෙත පැමිණියා.
"දන්නවද ජන්ග් හේසොක් සියදිවි නසාගෙනලු"
ජන්ග්කුක් එසේ පවනවාත් සමග ටේහ්යුන් හිස ඉහල පහලට සොලවමින්,"ඔව් මම දැක්කා"
"වොහ් !? ඒ කියන්නේ ඔයා පුස්තකාලේ ද හිටියේ? පුස්තකාලයේ හිටපු හැමෝම වගේ ගොඩක් ෂොක් වෙලා ඉන්නේ සිද්ධිය දැකලා"
"හ්ම්ම්"
ටේහ්යුන් කල්පනා සාගරයක අතරමන් වෙද්දී නොදැනුවත්ව තම ඇස් ජිමින් වෙත ගෙනගියා. මෙච්චර කලබලයක් ඇකඩමිය තුළ සිදු වෙද්දීත් ජිමින් තම පාඩුවේ පොතක් බලන් ඉන්න අපූරුව දැක ටේහ්යුන්ට පුදුමයක් වගේම කේන්තියක්ද ආවා.වහාම තම පුටුවෙන් නැගිට ටේහ්යුන් ජිමින් කරා ගොස් ඔහුගේ මේසය ඉස්සරහින් හිට ගත්තා.
ජිමින් තමන්ගේ පොතට වැටෙමින් තිබූ ලා හිරු එළිය ඡායාවකින් අදුරු වෙද්දි තම හිස ඔසවා බැලුවේ ඒ කවුරුන් දැයි බැලීමටයි.
"මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් තමුන් මේකද කරන්නේ. අතන ළමයෙක් මැරිලා. ඒ මදිවට ඒ ළමයා හිටියේ අපේ පංතියේ. ඒකත් උඹට ඉස්සරහ මේසේ. ඒත් තමුන් හිතන්නේ තමුන් ගැන විතරයි"
ටේහ්යුන් ජිමින්ගේ කමිසයෙන් අල්ලා ජිමින් හුන් අසුනෙන් ඔසවමින් ජිමින්ගේ මූණටම බැනගෙන බැනගෙන ගියා.
YOU ARE READING
THE illusion SERIES (completed)
Fanfictionමිත්යාවත් යථාර්තයත් අතර දෝලනය වීමක්... THE illusion SERIES Book 01 - NUMBER 69 Published: 2022 May 25 Ended: 2022 July 12 Book 02 - The Untold Illusion Published: 2023 February 17 Ended: 2024 June 08 ⚠️Original Work⚠️ 🚫Do Not Copy🚫 ▪My 3rd Story...