KTH : 18

137 25 1
                                    

"ආහ් ඇයි ඇයි මං ලියන හැම කතාවකම අවසානයේ මං මටම හානිකරගන්නේ?"
ටේහ්යුන් තමන් ලියමින් හුන් පොත උඩ ඔලුව තබා අඩන්න පටන් ගත්තා.

"මට ඕනි හොද යාලුවෝ, හොද පවුලක් ඇයි මට කතාවකින්වත් ඒ දේ ලබාගන්න බැරිවුණේ"
තමන්ටම තමන්ගේ වචනවලින් බැනගනිමින් ටේහ්යුන් හිස කෙලින් කරගෙන එයාගේ කදුලු පිහදාන්න පටන් ගත්තා.

ඒ අතර ඔරලෝසුවේ එලාම් එක නාදවෙන්න පටන් ගත්තේ ටේහ්යුන්ට ඇකඩමියට යන්න වෙලාව මතක් කරලා දෙමින්.

ටේහ්යුන් ආසම නැති තැන් දෙකක් තිබුණා. ඒ අදුරෙන් හා තනිකමෙන් පිරිච්ච එයාගේ ගෙදර සහ අනිත් එක ඇකඩමිය.

කලින් ඇකඩමියට යන්න ටේහ්යුන් කොච්චර ආසා වුණත් ඒ හැම දෙයක්ම වෙනස් වුණේ එයාගේ හොදම යාලුවෝ දෙන්නා එයාට පිටුපාපු දවසේ ඉදලයි.

ජන්ග්කුක් සහ ජිමින් එයාලා හොදම යාලුවෝ වුණේ කවදද කියලා ටේහ්යුන් දන්නෙ නම් නෑ. ඒත් එයාට තනිකම දැනුණු හැම වෙලේම ඒ දෙන්නා හිටියා. ඒත් නොහිතපු මොහොතක හැම දෙයක්ම වෙනස් වෙද්දී ටේහ්යුන්ට බැරිවුණා ඒ වෙනසට හේතුව හොයාගන්න.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ඇත්තටම ටේහ්යුන් ඇයි ඔයා මේක අතාරින්නෙම නැත්තේ?"
ජන්ග්කුක් එබුණේ ටේහ්යුන්ගේ මූණටයි. ඒ ජන්ග්කුක්ගේ මූණේ තිබ්බේ නපුරු පෙනුමක්.

ටේහ්යුන් හිටියේ ඇකඩමියේ පිටිපස්සට වෙන්න ගරාවැටුණු ගොඩනැගිල්ලක කණුවකට ගැට ගහලා.

"ම- මම මොකක්ද කරන්න ඕ-ඕනේ?"
ටේහ්යුන් ගොත ගහමින් ඇහුවා.

"ඇත්තටම තමුන්ට තේරෙන් නැද්ද? දැන් අපි තමුන්ගේ යාලුවෝ නෙමේ. බොරුවට අපේ පස්සෙන් එන්න එපා. ඊට වඩා හොදයි තමුන් මැරිලා යනවනම්..."
ජිමින්ද ටේහ්යුන්ට කිට්ටු වෙමින් කීවා

"ඇයි ඔයාලා මට මෙහෙම කරන්නේ?"
ටේහ්යුන්ගේ හිත හොදටම රිදිලා.

"අපි? නෑ මේක ඔයා ලැබිය යුතු දෙයක් ටේහ්යුන්"
ජිමින් හිනාවුණා. ඒ හිනාව මිතුරෙක් තවත් මිතුරෙක්ට පෙන්වන හිනාවක්නම් නෙමේ.

"ඔයාට ඕනේ මං මැරෙනවටනේ. හරි මං මැරෙන්නම්. මං ඔයාලගේ ලෝකෙන් නිදහස් වෙලා යනවා සදහටම"

THE illusion SERIES (completed)Where stories live. Discover now