ජන්ග්කුක් තම සතු වටිනාම සහ ලස්සනම සූට් එකින් හැඩ වුණේ කිම් මැන්ෂන්හි වාර්ෂාවසාන සාදයට යාමටයි. ටේහ්යුන්ගේ කුඩා කල සිටම මිතුරා වුවත් ඔහු වංශවත් රදල පවුලක නොඉපදුනි නම්, මේ සාදයට යාමට ඔහුටද ජිමින්ට මෙන් හීනයක් වනු ඇත.
"කුකී ඉක්මනට එන්න. නැත්නම් පරක්කු වෙයි"
ජෙයොන් මහත්මිය පහල සිටම කෑ ගැසුවා. වහා තම කණ්ණාඩියෙන් ක්ෂණික බැල්මක් තම ප්රතිබිම්බය දෙසට හෙළූ ජන්ග්කුක් කණ්නාඩියෙන් පෙනෙන තම රුවටම ඇහැක් ඉගිමරා ගත්තේ ජන්ග්කුක්ගේ කඩවසම්බව ජන්ග්කුක් විසින්ම අගය කර ගනිද්දී....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.කිම් මැන්ෂන් එක ළං වෙත්ම- ළං වෙත්ම ජන්ග්කුක් නැවත අතීතයට ගියේ ඇකඩමියේ මෙන්ම මෙදිනත් ටේහ්යුන් ඔහුව නොසලකා හරීවී'යයි සිත තුල හටගත් චකිතය නිසයි.
.
.
.
.
.
.
.කිම් මැන්ෂන් තුලට ඇතුලුවන ප්රධාන දොරෙන්ම ඔවුන්ව පිළිගත්තේ ජින්ය.
"මිස්ටර් ජෙයොන්, මිසිස් ජෙයොන් ඒ වගේම ජන්ග්කුක් සාදයට පැමිණීම ගැන සතුටු වෙනවා"
ජින් ජෙයොන් මහතාට අතට අතදී ද ජයොන් මහත්මියගේ අත සිප ගනිමින් ඔවුන්ව සුහදශීලීව පිළිගත්තා. ජින්ගේ පිළිතුරු පිළිගැනීමෙන් අනතුරුව ජන්ග්කුක් පැමිණියේ කිම් මැන්ෂන්හි විසිත්ත කාමරයටයි.වෙනදා මෙන් නොව මුලු විසිත්ත කාමරයම රන්වන් කහ ආලෝකයෙන් ආලෝකමත් වී තිබූ අතර පසෙකින් වූ කුඩා සංගීත කණ්ඩායමකින් ලයාන්විත වයලීන් වාදනයක් ඇසුණා.
වංශවත් තරුණ තරුණියන් එකිනෙකා සමග කෙලිදොලින් තැන් තැන්වලට වී ආගිය තොරතුරු කතා කරමින් උන්නේ එක අතක සම්පූර්ණයෙන් පිරවූ ෂැම්පේන් වීදුරුවක් තබාගෙනමයි.සේවකයෙක් පැමිණ ෂැම්පේන් වීදුරුවක් ජන්ග්කුක්ට දිගු කරද්දී ඔහු හිස සොලවා එය ප්රතික්ෂේප කලා. තම දෙමව්පියන්ගෙන් මිදී ජන්ග්කුක් විසිත්ත කාමරය පුරා දෑස් යවමින් සොයන්නට පටන් ගත්තේ ටේහ්යුන්වයි.
සෙනග ගොඩෙහි පීරා ඔහු ටේහ්යුන්ව සෙව්වත් ටේහ්යුන් තියා ටේහ්යුන්ගේ නූල් පොටක්වත් ජන්ග්කුක්ට සොයාගත නොහැකි වුණා.
YOU ARE READING
THE illusion SERIES (completed)
Fanfictionමිත්යාවත් යථාර්තයත් අතර දෝලනය වීමක්... THE illusion SERIES Book 01 - NUMBER 69 Published: 2022 May 25 Ended: 2022 July 12 Book 02 - The Untold Illusion Published: 2023 February 17 Ended: 2024 June 08 ⚠️Original Work⚠️ 🚫Do Not Copy🚫 ▪My 3rd Story...