එකපාරටම කොහෙන්දෝ ආපු වැල් වගයක් කොල්ලො දෙතුන් දෙනෙක් බදා ගත්තා...සමහරු අයිස් උනා...තව අයගෙ පස්සෙන් ගින්දර එලෙව්වා...අනිත් අයව හුලගට ගහගෙන ගියා...ඒත් අපි කාගෙවත් ඇස් වල පාට වෙනස් උනෙ නෑ...අපි හතර දෙනාම සෝආ ගහ ගාවට දිව්වේ බයේ ගැහි ගැහි...මේ දවස් වල වෙන දේවල් වලට බය නොවී බෑනේ...
අපි හැමෝම ගහ අස්සට ගියාට පස්සෙ ඉමා තදින් දොර වැහුවා...
🌻 ඒ මොකක්ද උනේ....
🌷 දන්නෙ නෑ...හැබැයි මට ශුවර් අපි නෙමේ ඒක කරේ...
🌼 කවදාවත් නැතුව මට ෆයිට් කරගන්න බැරි උනා...
🌹 මටත්...
🌼 යාහ්...මොන මගුලක්ද මේ....
🌻 මට පේන්නේ අපේ ශක්තිය නැති වෙලා ගිහින්...
🌷 මේ ඔක්කොම මට නම් පිස්සුවක්...
@white moon night...
මේ ටිකේ අපි හිටියේ සෝආ ගහ අස්සෙමයි...ඉක්මනින් අපිට මහන්සි දැනෙන්න ගත්තා...ඉතින්..අද තමා...ඒ දවස...ඒ රාත්‍රිය...
🌹 මට නම් බයයි...
ජූලී කිව්වේ කහ පාටේ ඉදන් හිමීට සුදු පාට වෙන හද දිහා බලන්...
🌼 හ්ම්...මටත් අවුල්...අද මොනා වෙයි...
එකපාරටම හද තනි සුදු පාට උනා...ඒක දිලිසෙනවා...සුදුම සුදු පාටට...ඒ තරම් ලස්සන හදක් මම මීට කලින් දැකලම නෑ...අනිත් අයත් ඒ වගේ හද දිහා කට ඇරන් බලන් ඉන්නවා...
ඒ එක්කම මට දැනුනේ මගේ උගුරේ මොකක් හරි හිර වෙලා තියනවා වගේ...මම එහෙම්මම බිම දණ ගහගෙන ඇස් පියාගත්තා...මට දැනුනා මගේ කකුල් එකට ඇලෙනවා...ටික ටික දික් වෙනවා...මම හිමින් ඇස් ඇරියා...මම අර්ද වශයෙන් පරිවර්තනය වෙලා...මට තිබ්බේ තනි සුදු වල්ගයක්...මගේ කොන්ඩේ පවා සුදුයි...
(මේ වෙලාවේ අනිත් අයත් අර්ද වශයෙන් පරිවර්තනය වෙලා ඉන්නේ)
ඒ එක්කම මම කෙලින්ම හද දිහා බැලුවා...නෑ මට දැනුනේ හද මාව ඒ පැත්තට හරව ගත්තා කියලයි...මගේ වල්ගේ කොරපොතු වල නිල් පාට රටා ඇදෙන්න ගත්තා...ඒවා ටික ටික මගේ ඉන දක්වාම ආවා...ඒ එක්කම මගේ ඉනෙන් ඉහලත් කොරපොතු හැදෙන්න ගත්තා...ඒවා ටික ටික මගේ පපුව දක්වා එද්දි මම අත් දෙක ඉස්සුවා...
මේ වෙලාවෙ ඉමා වවුල් තටු තියන වැම්පයර් කෙනෙක්..එයාගෙන් ආවේ ලා කොල පාට දිස්නයක්...එයාගේ සුදු පාට ඇග එක්ක ලා කොල පාට පැහැදිලිව පෙනුනා...ජූලී ගොඩක් දුරට සුදු කොටියෙක් වෙලා..එයාගේ ඇගේ ලා නිල් පාට රටා තිබ්බා...සුදු වෘකයෙක් වෙලා හිටිය සුසුකිගේ ඇගේ තිබ්බේ ගින්දර පාට රටා...
එකපාරම මාව වැටුනා...නෑ...මම නයෙක් වෙලා...සම්පූර්න නාගයෙක්...තද නිල් ඇස් තියන නාගයෙක්...විනාඩි කිපයක් මම එහෙම ඉන්න ඇති...ඒ එක්කම හදේ කිරන හතරක් අපි හතර දෙනාගේ ඇගට වැටුනා...මට දැනුනා මම ආය ටික ටික මනුස්සයෙක් වෙනවා කියලා...
මගේ ඔලුව උඩ ගලක් පටවන් ඉන්නවා වගෙයි මට දැනුනේ...හදේ එලිය අපි හතර දෙනාගේ ඇග ඇතුලට ගියේ ආයමත් සුදු හද ටිකින් ටික කහ පැහැයට හරවමින්...
මට දැනුනා මගේ අත් වතුර වේගෙන එනවා කියලා...මට කරන්න දෙයක් තිබ්බේ නෑ...අමාරුවෙන් යාලුවෝ දිහා බලපු මට පෙනුනේ ඉමා ගහක් බවටත් සුසුකි ගිනි ගොඩක් බවටත් ජූලී සුලගක් බවටත් පත් වෙන හැටි....
එකපාර ඔක්කොම බොද වෙලා ගියේ මට හිතන්න ඉඩක් නොතියා...
මම විලක් උනා...
ඉමා ගහක් උනා...
සුසුකි ගිනි ගොඩක් උනා...
ජූලී හුලගක් උනා...කතාව ඉවරයි...🙂🙂🙂
😂මොන්ගල්ද ඩාලිං...අර අසරන කොල්ලො ටික පව්නේ..
ඒනම් ඉතින් කොමෙන්ටුවක් දාන් යන්න...
හෙට දෙන්න වෙයිද දන්නෑ...මොකද හෙට දහම් පාසල් විබාගේ...හූම්ම්ම්...
බායි ඈ...💕
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...