🐯 කතා කරාද ජූලී...
එකපාර නික් කඩාපාත් උනා...අනිත් තුන් දෙනත් එක්ක....ජූලී බිරාන්ත වෙලා බලන් ඉන්නවා...අපි ගැන කිව්වොත් අපිත් කම්ෆියුස් තමා...
🌻 අ...ඔ.ඔ....ඔයාලා...ක්...කොහොමද ආවේ...මේ තරම් ඉක්මන්ට...
🦁 අපි 4D...රයිට්...අපි තමා බෙස්ට්ම...
🌻 යාහ්...අපි 4W ඉස්කෝලේට ආපු දා ඉදන් ඉස්කෝලේම හොල්ලන් හිටියෙ අපි...රයිට්...
එතකොටම වේටර් ඇවිත් තව කෑම ප්ලේට් ගොඩක් මේසෙන් තියලා ගියා...කොල්ලො ටිකත් වාඩි උනේ කන්න...
🐯 ආ...ඔයාලා අපි එද්දි අපි ගැනද කතා කර කර හිටියේ...
🌷 ම්ම්...ඔව්...
ටුයිනව අසරන කරන්න බැරි නිසා කිව්වේ...
🐺 මට හිතාගන්න බෑ ඔයාලා වගේ පිස්සු කෙල්ලො ටිකක් ඉස්කෝලේ හොල්ලන් හිටියේ කොහොමද කියලා....
🌹 අපි එහෙම තමා....
ජූලී කියද්දි මගේ මතකය ගියේ අවුරුදු ගානක් ඈතට....මුලින්ම ෆැන්ටසි ස්කූල් එකට ආපු දවසට....
වසර 4 පෙර....
මමයි මගේ නිව්න් සහෝදරියයි අක්කායි නංගියි හතර දෙනාවට අපේ අම්මලා ගෙනත් දැම්මේ ලොකු ගේට්ටුවක් ගාවට...මගේ අම්මා වතුර...මගේ ට්වින්ගේ අම්මා හුලග...අක්කාගේ අම්මා ගහක්...නංගිගෙ අම්මා ගින්දර...අපි එයාලාට අම්මා කිව්වත් එයාලා අපිට කතා කලේ උත්තමාවිය කියලා .....ඒක කිව්වේ අපිට ආදරේට වෙන්න ඇති කියලා මුලින් හිතුවත් පස්සෙයි තේරුනේ අපි අනාතයෝ කියලා....
🌼 මට බයයි ..
අපේ චූටි නංගි සුසුකී එයාගේ බෝල ඇස් ලොකු කරන් ඉමා අක්කාගේ අතේ එල්ලුනා...එයා ඒ කාලේ ගොඩක් අහින්සකයි ....
🌻 බය නොවී ඉන්නකෝ...එයාලා අපිව ගෙනත් දාන්න ඇත්තේ හේතුවක් ඇතුව...
ඉමා අක්කා කිව්වේ කලුයි සුදුයි ගේට්ටුව දිහා බලලා....එයා පිටතින් ගොඩක් සැහැල්ලු චරිතයක් උනත් ඇතුලතින් ගොඩක් සංකීර්නයි ...
🧚♀අවසානේ ඔයාලා ආවා....
ඒ එක්කම ගේට්ටුව ඇරන් ආවේ ගෑනු කෙනෙක් .....දැක්ක ගමන්ම මගේ හිතේ එයා ගැන පැහැදීමක් ඇති උනා...රිදී පාට ඉනෙන් පහලට ටිකක් දිග ලාවට කැරකි ගැහුන කොන්ඩයක් එයාට තිබ්බේ...එයාගේ ඇස් නිල්ම නිල් පාටයි...තොල් රෝස පාටයි...ලා නිල් පාට අත් දිග බ්ල්වුස් එක දනහිසෙන් පහලට දිග සුදු සායට යට කරලා තිබ්බ එයාගෙන් පෙනුනේ ගාම්බීරත්වයක්...
🌹 ඔයා කව්ද...
🧚♀ මම සාරා මැන්ඩෙලා...ඔයාලගේ ප්රින්සිපල්...
එයා කිවේ ජූලීගේ නහයෙන් හුරතලෙන් අල්ලමින්...
එදා තමා අපේ ජීවිතේ හැරවුම් ලක්ශය...
අපි හිතුව තරම් ඉස්කෝලේ සුන්දර උනේ නෑ....සුසුකි සැර කෙල්ලෙක් උනේ ඉස්කෝලේට අනුව හැඩ ගැහෙන්න ඕන නිසා...සාරා මැඩම් කිව්වා අපේ ඇත්ත පාටවල් කාටවත් කියන්න එපා කියලා...4W ඉස්කෝලේ ඉන්න මැර කල්ලිය වෙන්න ගියේ ටික කාලයයි ....ගුරුවරු පවා අපිට බය උනා....මට හිතෙනවා අපි දැන් 4D ලා නිසා ටිකක් සන්සුන් වෙලා කියලා....
🐺 ජෙසි ..ඔයා මොකො කරන්නේ....ජෙසී ....ජෙසිකා...
මම මේ ලෝකෙට ආවේ ජැක්ගෙ සද්දෙන්...
🌷 අහ්...මම පොඩ්ඩක් ..අතීතෙට ගියා...
🦁 අතීතෙට මාත් ගොඩක් ආසයි....
🌹 ඔයාට අදුරු මතක නැතුව ඇති ඩැනී...
🦁 නෑ ජූලී ...අදුරු මතක ගොඩයි...
🐯 අදුරු මතකයක් කියන්නේ ජීවිතයට පාඩමක්....
🌼 ඕක මගේ....
🐱 මමයි මුලින්ම ඕක ගත්තේ....
🌻 🙂මන් බැලුවා ඇයි මුන් දෙන්නාගේ සද්දෙ පරක්කු කියලා...
යුන්ගියි සුසුකියි එකම අල කෑල්ලට රන්ඩු වෙනවා...
🌼 ඕක දෙනවා මින් යුන්ගී...
🐱 සුසුකී...ඔයාට මේක කන්න මම ඉඩ තියන්නෑ....
දෙන්නා ආය අල කෑල්ලට රන්ඩු වෙන්න ගත්තා....සුසුකි පුපුරන්න ඔන්න මෙන්න...එකපාරටම අල කෑල්ල ගිනි ගත්තා....
🐱 මෝඩී...තමන්ගේ බලේ පාලනේ කරගන්න බැයිද...ආ....
🌼 ඔයා මට ඒක කන්න දුන්නා නම් ඕක වෙන්නෙ නෑනේ....බලනවා දැන් දෙන්නටම නෑ...
🐱 දැන් මන්ද ඒක පිච්චුවේ...ආ....
🌼 මාව ඔයා තරහා ගැස්සුවා...ඒක ඉබේම පිච්චුනා...මං මක් කරන්නද ඒකට...
🐱 දැන් තමුසෙ මට කියන්නෙ බලේ පාලනේ කරගන්න බෑ කියලද...
යුන්ගි මේසෙටත් පාරක් ගහන් නැගිට්ටා...
ආ...කෝමද කෙල්ලනේ...
🙂 මන් ආය ඔයාලාට ස්නෝබෙබි කියන්නෑ...
😌 ජැකීලා කියනවා හොදේ...
කමක් නෑනේ
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...