Time Passed ❤️❤️

375 74 0
                                    

ටේහ්‍යුන්ගෙ කිරි සුදුපාට ශරීරයෙ ජන්කුක් රතුපාටින් එයාලගෙ ආදරේ සළකුණු සටහන් කරා.....

ඒ විදියට ටේහ්‍යුන් හිතින් වගේම ගතිනුත් ජන්කුක්ගෙම වුණා.....

............................එතැන්සිට..............................

..කාලය පියාඹලා ගියා.දැන් මාස පහක් ටේහ්‍යුන් ජන්කුක්ගෙම වෙලා.එයාලා ගොඩක් හොඳින් එයාලගෙ වැඩ කරගෙන ගියා.මේ අතර යූන්ගිගෙයි ජිමින්ගෙයි විවාහයත් සිද්ධවුණා.සේජින්ගෙ බිස්නස් අදහස ගැන සේජින් නිතරම ටේහ්‍යුන්ට වගේම ජන්කුක්ටත් මතක් කළා.ඒක ගැන ජන්කුක් වගේම ටේහ්‍යුනුත් උනන්දු වුණේ එයාලටත් මේ ගැන ආසාවක් ඇතිවුණ නිසා.

"කුකී....."

ගෙදර මෙච්චරවෙලා තිබුණු නිහඬතාව බිඳුණෙ ටේහ්‍යුන්ගෙ සද්දෙන්.

"ඇයි මැණික.." තමන් බොහොම උනන්දුවෙන් කියවමින් හිටපු පොතෙන් ඔලුව අහකට ගත්තා.

"මොනාද ඔය දාගෙන කියවන්නෙ 🙄 දැන් මාව මතකත් නෑ හුම් 🙄" ටේහ්‍යුන් ජන්කුක්ට රවන ගමන්ම ජන්කුක්ගෙ උකුලෙන් වාඩි වුණා.

"මං මේ කියෙව්වෙ බිස්නස් අයිඩියාස් ගැන තියෙන පොතක් 😁 මේවා කියවන්න ලේසී කරන්නනෙ අමාරු 🙄" ජන්කුක් කිව්වෙ කියවමින් හිටපු පොත පැත්තකින් තියමින්.

"එහෙම තමයි කුකී... ජීවිතේ අපිට සාර්ථක වෙන්න ඕනිනම් ගොඩක් මහන්සි වෙලා කැපකිරීම් කරන්න වෙනවා." ජන්කුක්ගෙ නළලෙන් හාදුවක් තවරපු ටේහ්‍යුන් කිව්වා.

(A/N-: අනේ ඒ ආදරේ 😶🔪💔🙂)

"ම්ම්ම්ම්ම්....... ඒකනෙවේ මේ 😅 මට බඩගිනී 😫 කවනවකො ඒයී 🥺" ජන්කුක් ටේහ්‍යුන්ගෙ කම්මුලක් අල්ලගෙන හුරතල් උනා.

"හනේ මදැයි අපෙ ඔම්මලා මාව බලාගන්න කියල මිනිහෙකුට දුන්න 🙂💔 දැන් මටයි ඒ මිනිහව බලාගන්න වෙලා තියෙන්නෙ 😂" කියාගෙන ටේහ්‍යුන් හිනාවෙවී දිව්වා.මොකද එයා දන්නවා දැන් වල් හාවෙක් එයා පස්සෙන් පන්නන බව.

"මොකක්ද කිව්වෙ පිස්සු වලහා 😫 මෝඩ කොටි තඩියා හිටු ඔහොම!!" ජන්කුක් හිනාවෙවීම ටේහ්‍යුන්ව අල්ලගන්න එයාගෙ පස්සෙන් පැන්නුවා.

ඒ විදියට පිස්සු හුරතල් වැඩ වලින් පිරිච්ච තවත් දවසක් ගෙවිලා ගියා........

Next day....

🎶🎵අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ... 🎶🎵🎶🎵🎵🎶 හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ 🎶🎵🎶🎵🎶🎵

උදේ පාන්දර ගේ දෙක වෙන්නම කෑගහන එලාම් එකේ සද්දෙට තුරුල් වෙලා නිදන් ඉඳපු ටේහ්‍යුන් වගේම ජන්කුකුත් ඇහැරුණා.

මුළු ගේම අනිත්පැත්ත හරෝපු ජන්කුක් සුපුරුදු විදියටම වැඩට පිටත් උනා.

"ගුඩ් මෝනිම් කුකී!!!" කොහේදෝ ඉඳන් කඩාපාත්වෙච්ච ජින් ජන්කුක්ගෙ ඇඟේ එල්ලුණා......

"හැපූ නාකි සීයෙ අයින්වෙයන්කො කොන්ද උඩින් 🙄😫" ජන්කුක් කෑගෑහුවා.

ජින් උත්තරයක් දෙන්න ලෑස්ති වෙනකොටම එතනට ආවෙ නම්ජූන්.

හැබැයි වෙනදට ඉන්න ජොලි නම්ජූන් කෙනෙක් නෙවෙයි.

රතුවෙච්ච ඇස්, මූණ දිගේ බේරෙන කඳුලු වැල්, සැරින් සැරේ නහය උඩට අදින සද්ද, වෙව්ලන තොල් නම්ජූන් හොඳටම ඇඬුවා කියන්න සාක්ෂි දැරුවා....

"ජුනී... 🥺 මැණික මොකද උනේ..." ජින් ඉක්මණටම ජන්කුක්ගෙ කරෙන් බැහැලා නම්ජූන් ගාවට ඇවිදන් ගියා..

"ජි-ජිනී.." නම්ජූන්ට තවදුරටත් කතා කරගන්න පුළුවන් උනේ නෑ...

නම්ජූන්ගෙ සිහිසුන් සිරුර ජින්ගෙ ඇඟට කඩාවැටුණෙ ඇහිපිය ගහන වේගෙන්...

Author's note
ඒ මොකක්ද ඒ උනේ 😫🌚 ඕං මංනං දන්නෑ 😌 එන්න පරක්කු උනාට මට නෙවේ මේ ෆෝන් එකට බනින්ට 🌚

Enjoy
Nuuni_Nim ❤️

Only Bunny's 🐯 (Taekook-completed)Where stories live. Discover now