No one pov,
" සුභ උපන්දිනයක් වේවා බේබී.... "
" ස්තූතියි අප්පා"
" බේබී.. "
" අප්පා කෝ මගෙ උපන්දින තෑග්ග?"
" ම්...අප්පාට අමතක උනානෙ බේබිට තෑග්ගක් ගන්න.. අප්පා සොරි බේබි. "
" නෝ අප්පා නෝ... අප්පා දන්නවා මට තෑග්ග ඔනිමයි කියලා."
" ඒත් බේබි අප්පාට ඇත්තටම අමතක උනානෙ.."
අප්පා එහෙම කීවම බේබි මූනත් අකුලවන් බිම බලා ගත්තේ එයාට හිතුනා අප්පා කීව විදිහට ඇත්තටම එයාට උපන්දින තෑග්ග අමතක උනා කියලා. මොකද බේබිගෙ අප්පා හිටියෙ සීරියස් මූඩ් එකකින්. එයත් වැරැද්දක් කරලා අහු උනු පුන්චි එකෙක් වගේ තොලුත් නොපිටට පෙරලන් හරිම දුකෙන් බේබි දිහ බලන් හිටියා.
" සප්‍රායිස් "
එහෙම කියපු අප්පා බේබිගෙ අතට දුන්නෙ එයා ආසම විදිහේ වීඩියෝ ගේම් එකක්
" අප්පා...හ් "
" අප්පා තමා බෙස්ට්ම අප්පා.."
එහෙම කීව බේබි අප්පාව වැලද ගත්තෙ මූන පුරා හිනාවක් දාගෙන අප්පගෙ මූන හාදු ගොඩක් දෙන ගමන්..
එක අලුත්ම එකක්..ඒකත් එයා බලාන හිටපු අලුත්ම එක..! ඉතින් එයාට සතුටුයි අප්පා එයාට ඒක තෑග්ගට ඒ දේ දුන්න එක. මොකද එයාට හොදට මතකයි එයා දැන් මාස ගානක ඉදන් ඔය කියන වීඩියෝ ගේම් එක අරන් දෙන්න කියනව. එත් අප්පා ටිකක්වත් කැමති උනේ නැත්තේ වීඩියෝ ගේම් පොඩි ලමයින්ට කොහෙත්ම හොද නැති නිසා.පොඩි ලමයින්ට වීඩියෝ ගේම් ගහන්න හොද නැ. එයාලා ඒකට ඇබ්බැහි වෙනවා!! ඒක තමා අප්පාගෙ මතේ.
" ඒත් බේබි පරිස්සමෙන් ..."
එතනින් එහාට කියන්න හම්බ උනේ නැ..එයාගෙ බේබි එයා කියන එක කියන්න පටන් ගත්තා..
" ඒත් බේබි පරිස්සමෙන් . පොඩි ලමයින්ට වීඩියෝ ගේම්ස් හොද නැ.. බේබී ඔයා මන් ඕක දුන්නා කියලා නිතර බලන්නෙ නෑ හරිද? .. බ්ල..බ්ලා..බ්ලා... ඕහ් ගෝඩ් අප්පා ඔයා ඕක හැමදාම කියනව අෆ්ෆා"
YOU ARE READING
Missed Love (Jikook - Complete )
FanfictionI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022