ජිමින් හිටියෙ එයා නැවතිලා ඉන්න ගෙදර රූෆ්ටොප් එකේ.. අඩමින්....
කොන්සර්ට් එකෙන් පස්සේ එයා කෙලින්ම ආවෙ එතනට.. එයා අඩන්න පටන් ගත්තෙ එයාවත් හරියට නොදන්න හේතුවකට.. එ වගෙම එයාට දුකයි ජන්කුක් එයාව අමතක කරා කියන දෙ නිසා. මොකද වෙනදාට ඔහොම දෙයක් උනොත් එයයි ජන්කුක් දෙන්න ගොලුබෙල්ලො දෙන්නෙක් වගෙ එකට වෙලීගෙන විනෝද වෙනවා. ඒත් අද? අද එක වෙනස් වෙලා තියනකොට එ පුන්චි දේත් එයාට තදින්ම දැනුනා..
ඒත් අපි කෙනෙක්ට ආදරෙ කරනකොට එහෙමනෙ? අපි ආදරෙ කරන කෙනාට ලොකු අවධානයක් දෙන්න ඔනි. එක සාමාන්‍යයි . එත් ඒක ඒ හැමෝටම අමතක වෙලා."ජිමිනා...
ඇයි දරුවො මේ?"අනිත් හැමෝම අතරින් ජිමින්ට වැඩියෙන්ම ආදරෙ කරන ඒ අජුම්මා ජිමින් ලගින්ම වාඩි වෙන ගමන් එයා අඩන හේතුව ඇහුවා. එත් ජිමින්ටත් කලින්ම එයා එ දෙ දැනගෙන ඉවරයි. මොකද කොන්සර්ට් එක වෙලාවෙ ජිමින්ට කෑම එක දෙන්න ආව අජුම්මා හොදටම දැක්ක එතන උනෙ දේ.. එකට හිටපු දෙන්න වෙන් වෙලා ජන්කුක් වෙන කෙනෙක් එක්ක එකට ඉන්න එක වගෙම ජිමින් ඒ දිහා දුකෙන් බලාන ඉන්න එක එයා හොදටම දැක්කා.. ඉතින් ජිමින්ටත් කලින්ම ඒ හිත ගැන දැනන් හිටපු අජුම්මාට මේ උන දේ ගැන ඔනිවටත් වඩා දුක හිතුනා. කිසිම වෙලාවක සීරියස් වෙන්නෙ නැතුව විහිලුවෙන් ඉන්න ජිමින් නොදැන හිටියාට ජන්කුක්ට පන වගේ ආදරේ කරන බව අජුම්මා හොදටම දැනන් හිටියා..
" දන්නෙ නැහැ.. අද මට ඔම්මව ගොඩක් මතක් වෙනවා.."
කතා කර ගන්නවත් බැරි තරම් වේදනවකින් හිටපු ජිමින් හරිම අමාරුවෙන් ඒ ටික කියනකොට අජුම්මාට දුක හිතුනා..
" ඒයි.. මන් ගාව ඉදන් ඔහොම කියන්නෙ කොහොමද ?"
අජුම්මාට හිනා උනු ජිමින් ඒ තුරුලේ උනුහුම් වෙනකොට අජුම්මා ජිමින්ගෙ ඔලුව අතගෑවා..
" පිස්සු දරුවා.. ඔයා මුකුත්ම දන්නෙ නැ. මුකුත්ම වෙන්නෙ නැ .."
........................................................................
"කමෝන් ජන්කුක් "
ඈත ඉදන් දුවන ජන්කුක්ට ජිමින් හයියෙන්ම සුපුරුදු පරිදි කෑගැහුවා . එයාල ක්‍රීඩාවලට පුහුනු වෙනව වගෙම මෙ අවුරුදු ගානම ජිමින් ජන්කුක් ග්‍රවුන්ඩ් එකට එන හැම දවසෙම එයාගෙ හෙවනැල්ල වගෙ එත් එක්කම හිටියා..
ඒත් එතන ඉන්නකොට ටේහියුන් ඇවිදින් ඉද ගන්නකොට වෙනදට වඩා ජිමින්ට ටේහියුන්ව නුරුස්සන ගතියක් තිබුනා . ටේහියුන් ඇවිදින් කකුලක් උඩ කකුලක් දාන් ඉද ගන්නකොට හැමදාම කුල්ල දිගෑරියා වගෙ කකුල් ඈත් කරන් වාඩිවෙන ජිමින් ෂේප් එකේ උත්සාහ කරා කකුලක් පිට කකුලක් දාන්න. ටේහියුන් වගෙ වාඩි වෙන්න. එත් එයාට එක එක පාර කර ගන්න බැරි උනා.
ESTÁS LEYENDO
Missed Love (Jikook - Complete )
FanficI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022