🍃 02 Chapter 🍃

422 84 26
                                    


" පපා.. මන් අප්පත් එක්ක ඔයා බලන්න ආවා පපා"

"පපා හොදින්ද පපා?පපා ඉන්නෙ ලස්සන සුරංගනාවොත් එක්ක නේද අප්පා?"

" ඔව් කොහොමත් එහෙම වෙන්න ඔනි. මොකද පපා කොහොමත් හොද කෙනෙක්නෙ පපා"

" පපා දැන්.මට වයස අවුරුදු 7යි පපා"

" අයිගෝ පපා, පපාගෙ හබී නම් හරිම නෝටී පපා. බේබිව අප්පා බලා ගන්න ඕනි උනාට වෙලා තියෙන්නෙ ඒහෙම නෙමේනෙ පපා. බේබිට තමා පපාව බලන්න වෙලා තියෙන්නෙ"

" හී ඊස් සෝ බෑඩ් පපා"

" ඔයා කොහොම මෙයාව බලා ගත්තාද මන්දා. බබෙක් නෙමේ අලි බබෙක් අයියො"

" යාහ් බේබී..මන් ගැන පපාට කේලම් කියනවද අහ්?"

බේබි එයාගෙ පපා එක්ක කියපු විහිලුවට බොරු කේන්තියක් මවා ගත්ත අප්පා එහෙම කීවත් එයාගෙ කටහඩේ තිබුනු ඒ වේදනාව තේරුම් ගන්න බේබිට ඒ තරම් වෙලාවක් ගියේ නැ.

" අයි මිස් යූ පපා"

අප්පා වගේම ස්ට්‍රෝන්ග් කියලා පෙන්නන්න ඕනි උන බේබි එයාගෙ අප්පා වගේම කදුළු හිර කරන් උනත් ඒ කීව ටික වේදනාවෙන් කීව බව තේරුම් ගන්න බේබිගෙ අප්පට බැරි උනේත් නැ...

" මට සමාවෙන්න පැටියෝ. මට බැරි උනා පපාව බේර ගන්න."

බේබිව බදා ගත්ත අප්පා ඇස්වලින් ගලන කදුළු වලට ඒ සුදුපාට ලිලී මල් පිරුනු සොහොන් කොත ඉස්සරහා ඉදගෙන කීවෙ ලොකු වේදනාවකින්. එය වගේම එයාගෙ බේබිත් දුකෙන්..කියා ගන්න බැරි තරම් ලොකු වේදනාවකින්.

" අප්පා.. එහෙම නෑ අප්පා . එය හොදින් ඇති.. "

එහෙම කීව බේබි එයාගෙ කදුළු හන්ගන් අප්පාගෙ පිට අත ගෑවෙ හරියට එයාගෙ පපා කරනවා වගේමයි.
අප්පාගෙන් ඈත් වෙලා එයාගෙ වගේම අප්පාගෙ ඇස්වල කදුළු පිහ දාපු බේබි අප්පාගෙ කම්මුලකට හාදුවක් දීලා ආයෙම හැරිලා ඒ සොහොන් කොත උඩට හාදුවක් තිබ්බා...

" අප්පා අපි යන්.. ""

" හ්ම්.."

බේබි එහෙම කීවත් එයාගෙ අප්පා හිටියේ ඒ පන්දම් දැල්වෙන සොහොන් කොත දිහා බලාන..

Missed Love (Jikook - Complete  )Место, где живут истории. Откройте их для себя