🍃 14 Chapter 🍃

273 65 54
                                    

       

       බ්ලොන්ඩ් කරපු කොන්ඩෙ, ලා රෝස පාට පිරුනු දෙතොල්, දිලිසෙන අදුන්න ගෑවුනු දෙඇස්, කනේ එල්ලෙන සිහින් කරාබුව, පිරුනු කම්මුල් වගෙම සිහින් ඇග කලු සුදු මිශ්‍ර ෆුල් කිට් එක ඒ කෙනාට ගෙනාවෙ දිව්‍යමය ලස්සනක්. ඒක ඇදන් හිටපු කෙනා නිසාම ඒ ඇදුම ඕනිවටත් වඩා ලස්සන පෙනුමක් ලැබිලා තිබුනා. කීප දෙනෙක් එහාට මෙහාට යන ලා වර්ණ මිශ්‍ර පාට පිරුනු ඒ කාමරේ අතේ තිබුනු බේස්ලට් එක දා ගන්න ගමන් තමන්ගෙ ප්‍රතිබිම්භය දිහාම ඒ කෙනා බලන් හිටියා..

ලස්සනයි .. එයා දැන් ලස්සනයි ඔනිවටත් වඩා...මතුපිටින් ... ඇත්තමයි එයා ඒන්ජල් කෙනෙක්ම තමා.

කන්නාඩියෙ පේන ප්‍රතිබිම්බ වලින් එයා දැක්කෙ එයාගෙ ඔම්මා කැවිලි වගෙකුත් අරන් ඇද ගාවට යනහැටි..

" දෙවියනෙ.. මට හිතා ගන්නත් බැ මගෙ දරුවා අද විවාහ ගිවිස ගන්නවා කියලා. "

ඒ ආව ගෑනු කෙනා හදවතින්ම සතුටු වෙන ගමන් කන්නාඩිය ඉස්සරහා හිටන් ඉන්න එයාගෙ දරුවා දිහා බලාන කීවා. අවුරුදු 30ක් වෙලත් තාමත් එයාගෙ දරුවට තිබ්බෙ අවුරුදු 20ක කෙනෙක්ගෙ පෙනුමක් වෙනකොට එ ඔම්මට ලෝබ හිතුනා.එයට ඉන්න එකම වටින දෙ..

" ජිමිනාහ්.. අද ඔයා ගොඩක් ලස්සනයි මගෙ දරුවො.. මට සතුටුයි. අන්තිමෙදි ඒ දවස ආව.."

"අයිගෝ ජිමිනාහ් ඔයා ඔච්චර ලෑස්ති වෙන්න එපා දරුවො. අද ඔයාගෙ වෙඩින් එක නෙමේනෙ.. ගිවිසගැනීම ."

" බලන්න පහල අර දරුවා ඇවිදින් ගොඩක් වෙලා. "

" එයාට කියන්න කලින් ආවා නම් මන් එනකන් බලන් ඉන්න කියලා. එයාගෙ අනාගත හබී ඉක්මනට එනවා කියන්න"

ටිකක් ආඩම්බර විදිහට කීවා උනාවත් කටකාර ගතිය තාම තිබුනා උනාවත් ඒ කටහඩෙ ඉස්සර තිබුන හුරතල් ගතිය අහලකවත් තිබුනෙ නැ. අවුරුදු ගානක් ගෙවිලා යනකොට ජිමින් එදා හිටියාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුන. සමහරවිට ජන්කුක් වගේම ටේහියුන් දැන් එයාව මේ තත්වෙන් දැක්කා නම් එයාල කීයටවත් පිලි ගන්නෙ නැ ඒ ඉන්නෙ එයලගෙ කියුට් මෝචිය කියලා..

කාලය... හැමදේම වෙනස් කරනවා. විශේෂයෙන් හිත් වේදනාවෙන් ඉන්න මිනිස්සුන්ව.. දරා ගන්න බැරි විදිහට..
ඒ අතරින් ජිමින් කියන්නෙ පලවෙනි ආදරෙ උපන්ගෙයිම මරලා දාන්න උනු, වගේම ඒ ආදරෙ පරිත්‍යාග කරපු කෙනෙක්.. එකත් අවුරුදු ගානක් පන වගෙ එකටම හිටපු කෙනාව.. ඉතින් ඒ වේදනාව එයාව වෙනස් කරලා තිබුනා.. එද හිටපු කටකාර, දගකාර, හුරතල්, චබී, කියුට් ජිමින් තව දුරටත් හිටියෙ නැ...

Missed Love (Jikook - Complete  )Où les histoires vivent. Découvrez maintenant