" හම්මේ කොරියාව. i really really miss you my mother countryyyyyyyyyyyy "
දාන් ඉඳපු සන්ග්ලාස් දෙකත් ගලවලා අතට ගන්න ගමන් මම කෑගහන්න ගත්තේ ඉන්නෙ එයාපෝර්ට් එකේ කියලත් අමතක කරලා. මිනිස්සු අමුතු ජීවියෙක් ගොඩ බැහැලා වගේ මගේ දිහා බලනවා මගේ ඇස ගැටුණත් මේ යුමී ඕවට සැලෙනවද මිත්රවරුනි .නැහැ නැහැ මම සැලෙන්නේ නැහැ ඕවාට .මගේ ලට්ට පට්ට තියෙන ලැගේජ් එකත් ඇදන් මම එයාපෝර්ට් එකෙන් එලියට එද්දිම කක්කුට්ටෙක් වගේ මගේ එල්ලුනේ මගේ පරම පිවිතුරු මොට්ට යාලුවා.
" හනේ සන්කඳෙ ඔහේ ආවායි 😁 "
" ඕයි ඕයි බෙල්ල අතෑරපන් යෝදියේ "
හුස්මගන්නත් බැහැ බැහැ වගේ වෙද්දි මම මේ කක්කුට්ටි එහාට තල්ලු කරේ ආව ගමන් මැරිලා යන්න තුන් හිතකවත් නැති නිසා. කොහෙද මේක තල්ලු කරන්න කරන්න ඇලෙනවා.
" අනාහ්හ්හ් උම්මියා .උම්මා එකක් දෙනකම් ඉන්නවකෝ උ..."
හෑපෝ මේ මොන අසමජ්ජාති හැසිරීමක්ද දෙයියනේ .මිනිස්සු වරදවා වටහාගෙන මට කසාදයක්වත් කරගන්න වෙන එකක් නැහැ 😩 අනේ වැස්ස වලාහක දෙවියන්ටවත් මේ අවනඩුව පේන්නෙ නැද්ද
ඔහොම කන්නලව් කරද්දි තමයි දෙවියෙක් වගේ මගේ ඔප්පා කෑල්ල සම්ප්රාප්ත උනේ. දෙවියෝ වැඩක වෙන්නැති .
" oh ජිමින් ඔප්පා "
කියන්න සන්තෝසයි මෙච්චර වෙලා මාව අතවරයට ලක් කරන්න වගේ හැසිරුනු මගේ පරම පිවිතුරු මිත්ර රත්නය හෙනම professional වෙලා ඇසිපිය ගහන තත්ත්පරේට. ඔන්න බලන්න ඉතින් කොල්ලෙක්ට කරන්න පුළුවන් දේවල්.
" ඔප්පා ...... අනේ මම ඔයා නැතුව පාලුවෙන් හිටියෙ "
කක්කුට්ටි ගැන හිතන එක බල්ලාට දාලා මගේ ඔප්පාව පැනපු ගමන් බදාගත්තේ එයා නැතුව ඇත්තටම මට හුඟාක් පාලු දැනුනු නිසා.
" ඕහ්හ් මගේ චූටියා ඔප්පාටත් ඔයා නැතුව හුඟක් පාලු දැනුනා "
" ඔන්න ඔන්න ඉතින් බොරු කියන්න පටන් ගත්තා හුම් "
" අයිගෝ ඇත්තමයි "
ඇමරිකා ගියත් හරි ඔප්පාව මට වැඩිය හමු උනේම නැහැ .කොහෙද ඉතින් මෙයාට පුදුම බිසී එකක්නෙ තියෙන්නේ .හැමදාම " අනේ චූටි ඔප්පාට බිස්නස් වැඩනෙ "මට ඔය බිස්නස් කියන එක ඇහෙද්දිත් පුදුම කේන්තියක් එන්නෙ වෙලාවකට. මමනම් ජීවිතේට බිස්නස් කියන නම ගෑවුනු එකෙක්නම් බඳින්නෙ නැහැ .
YOU ARE READING
BlAcK J
Fanfic"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "