Chapter 16

562 78 21
                                    

Jungkook යුමීව එක්කන් park mansion එකට ආවේ යමු කියලා කියපු වෙලාවෙ ඉඳන් යුමී කොල්ලාට ඉන්නෙ දුන්නෙ නැති නිසා. යමු කිව්වත් කිව්ව ගමන් එන්න උවමනාවක් Jungkook ට තිබුණේ නැහැ. ඒත් ඉතින් යුමී කිව්වොත් කිව්වා නිසා Jungkook එහෙමම ආවෙ ජිමින්ට කෝල් එකක්වත් නොදී. Jungkookගෙ කාර් එක mansion එකේ ගේට් එකෙන් ඇතුලට දාද්දිම කපල් එක මූණට මූණ බලාගත්තේ අනිත් අයගෙත් වාහන ඔක්කොම ගාර්ඩ්න් එකේ තැනින් තැන නවත්තලා තිබුණු නිසා .

" ඔක්කොම මෙහෙද "

ශීට් බෙල්ට් එක ගලවන ගමන් යුමී ඇහුවම Jungkook මුකුත් නොකියා යන්තම් හිනා උනා. යුමීකුක් දෙන්නා ඇතුලට යද්දිත් ජිමින්ව වටකරගෙන කොල්ලො පස්දෙනා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පටන් අරගෙන තිබුණේ කලින් දවසෙ කරපු වීරක්‍රියාව නිසා. ජිමින් නම් හිටියෙ කරකියා ගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙලා .

" අපි ආවෙ වැරදි වෙලාවකද මන්දා "

Jungkook යුමීගේ කරට අතක් දාගෙන කට්ටිය ඉඳපු තැනට එන ගමන් ඇහුවම හැමෝම කතා නවත්තලා ඒ පැත්තට හැරුනෙ පුදුමෙන්. ඒ එක්කම යුමී Jungkookගෙ අත අයින් කරලා දුවලා ගිහින් ජිමින්ගේ එහාපැත්තෙන් වාඩිවෙලා ජිමින්ගේ ඇඟ වටේ අත දාලා ජිමින්ට තුරුලු උනේ Jungkook හිමීට ඇවිත් යුන්ගිගෙ එහාපැත්තෙන් වාඩිවෙද්දි .

" අනේ මට ඔයාව ගොඩක් මතක් උනා ඔප්පා ඇයි ඔයා මාව බලන්න ආවෙ නැත්තෙ "

" අනෙ මගේ චූටියො අපි හෙට එන්න හිටියෙ"

ජිමින් යුමීගේ හරෙන් මෙහෙන් අවුල් වෙලා තිබුණු කොන්ඩෙ අතින් හදන ගමන් කිව්වෙ ඇස් හීනිකරලා හිනාවෙන ගමන්.

" බොරු කියන්න එපා ඔයාට ඊයේ එන්න තිබුනනෙ කූ එක්කම එයා මට කිව්වා ඔයා එක්කයි බිස්නස් මීටින් එකට ගියෙ කියලා "

මෙච්චර වෙලා යුමී දිහා බලන් ඉඳපු Jungkook කටකොනකින් හිනාවෙන ගමන් ගැම්මෙන් කොන්ඩෙ අතින් පස්සට කරේ ටේට එකපාරටම හිනායද්දි. එහෙමම ටේ අතින් මූණ වහගෙන හොබීගේ උරහිසෙ ඔලුව ගහගත්තේ , මෙච්චර වෙලා කුස්සියෙ ඉඳපු යූරා චෝහි දෙන්නත් ලිවින් රූම් එකට ඔලුව දාද්දි.

" යා උඹලා ඔක්කොම මෙහෙද ආහ්හ් "

ටේ දිහා මේ මොන පිස්සෙක් ද වගේ බැල්මකින් බලන් ඉඳපු යුමී එකපාරටම ජිමින්වත් එහාට තල්ලු කරලා දාලා කෑගැහුවම යූරා දත් තිස් දෙකම පේන්න හිනාවෙලා කට්ටිය ඉඳපු තැනට ආවා.

BlAcK J Where stories live. Discover now