" ආයිශ් ... ඔයා දැක්කද අප්පා අරූගෙ ලොකුකම ඉස්සර වගේමයි. Aaaaaaaaaaaaaaaaaaarrrrrrggghhhhhh ....ඌ එහෙම හැසිරෙද්දි මට පිස්සු හැදෙනවා අප්පා මට පිස්සු හැදෙනවා 😖 "
මින්ග්යු අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇදගන්න ගමන් කෑගහන්න ගත්තම මිස්ටර් කිම් හුස්මක් පහලට දාලා කතා කරන්න ගත්තා .
" සන්සුන් වෙන්න අදල් Jungkook කියන්නේ නිකන්ම නිකන් සෙල්ලක්කාරයෙක් විතරයි . ඔයා..."
"නෑ නෑ නෑ. මම ඒක පිලිගන්නේ නැහැ . ඔයාට වඩා හොඳට මම Jungkook අඳුරනවා මිස්ටර් කිම් 😠 හයිඉස්කූල් කාලේ ඉඳන්ම Jungkook කියන්නේ හැමදේම . හැමදේම Jungkook Jungkook Jungkook Jungkook විතරමයි "
මින්ග්යු කේන්තියෙන් මේසෙට අත මිටිමොලවලා එකක් ගැහුවෙ කොල්ලාට මේ වෙලාවෙ කේන්තිය පිට කරගන්න කරන්න ඕන දේ හිතාගන්න බැරුව .
" මම දැනටමත් ජොන් ඉන්ඩ්‍රස්ටි එකට අපේ කොල්ලෙක් ...."
" කටවහගන්නවා.... Aaaaaaaaaaaaaaaaaaarrrrrrggghhhhhh ඌ මැරිලා අප්පා ඌ මැරිලා . මහලොකු prime minister මිස්ටර් කිම් තමුන් මුකුත්ම දන්නෙ නැහැ මුකුත්ම . මම මම මොකක්ද තමුන්ට කරන්නෙ? ආහ්හ් මොකක්ද ? "
මිස්ටර් කිම්ගෙ කොලර් එකෙන් ඇදලා අරගනිපු කොල්ලා තරහෙන් වැහිලා ගියපු තමන්ගේ ඇස් වලින් මිස්ටර් කිම්ගෙ ඇස් වලට එබුනා .
" අ-අදල් මම .. ම-මම ඔයාගේ අප්-පා "
මිස්ටර් කිම් හිනාවක් මවාගෙන අමාරුවෙන් කතා කරේ බයට උගුර වේලිලා ගිහින් තිබුණු නිසා .
"චින්චා 😏? "
කටකොනකින් හිනාවෙන ගමන් මින්ග්යු මිස්ටර් කිම්ගෙ කොලර් එක අතෑරලා පස්සට උනා.
" අප්පා නේද ? ඒක ටිකක් විහිලුයි වගේ නේද ලාරා "
මෙච්චර වෙලා උන හැමදේම කාමරේ සෝෆා එකට වෙලා බලන් ඉඳපු ලාරාගෙ පැත්තට හැරෙන ගමන් මින්ග්යු ඇහුවම ලාරා කරේ බෝරින් කියලා පෙන්නන්න ඈනුමක් යවපු එක. ලාරා කොයිවෙලාවෙ ඉඳන් කාමරේ හිටියද කොයිවෙලාවෙ කාමරේට ආවද කියලා නොදන්න මිස්ටර් කිම්ටනම් ඒ වැඩෙන් දැනුනේ කියාගන්න බැරි අපහසුතාවයක් . ගෙදරට මින්ග්යුට කොහොම උනත් මිස්ටර් කිම් කියන්නේ ලෝකේ බලවත්ම රටක අගමැති. එතකොට ලාරා කියන්නේ නිකන්ම නිකම් ක්ලබ් අස්සෙයි අතනයි මෙතනයි ඇවිදින කෙල්ලෙක්. මිස්ටර් කිම් ලාරාගෙ දිහා කේන්තියෙන් බලන ගමන් නැගිටලා කාමරෙන් එලියට ගියාම මින්ග්යු මුකුත් නොවුන ගානට ඇවිත් පුටුවකින් වාඩිවෙලා ඇස් දෙක පියාගත්තා .
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "