ජිමින් Jungkook දෙන්නටම කිම් මැන්ශන් එකේ පාර්ටියට ඉන්විටෙශන් එවලා තිබුණා . ඒ නිසා දෙන්නම පාර්ටියට ආවේ එකට. ඇවිලිලා ඉන්න Jungkook නිවාගන්න ජිමින් පුදුම මහන්සියක් ගත්තා. කාර් එකට නැගපු වෙලාවෙ ඉඳන් පාර්ටි එක තියෙන හොටෙල් එක ලඟට එනකම්ම ජිමින් Jungkook ව සම්පූර්ණයෙන්ම බ්ලැක්මේල් කරා. ඒ කොහොමද ? වැඩි දෙයක් නෙමෙයි. යුමීව තුරුම්පුව විදියට පාවිච්චි කරලා. තරහා වෙලා ඉඳලා දෙන්නා යාලු උනෙත් ජින්ට පින්සිද්ද වෙන්න නිසා Jungkook අන්තිමට ජිමින්ට ,
" මම බබෙක් නෙමෙයි හ්යොන්. මට ඌව මරන්න ඕනනම් මම මෙහෙම ඉන්නෙ නැහැ "
මෙහෙම කියලා කෑගැහුවේ මොනා උනත් ජිමින්ගේ තර්ජන වලට යටත් උනා කියලා පෙන්නන්න බැරිකමට. ඒ ඇරත් ඇත්තටම Jungkook කම්පැනි එකේ වැඩ වලදි හරි පරිස්සමින් වැඩ කරන්න පුරුදු වෙලා හිටියා. කොල්ලො දෙන්නම හොටෙල් එක ඇතුලට යද්දි වටේ පිටේ ඔක්කොගෙම අවදානෙ ඒ දෙන්නට ලැබුනත් ඒ ගැන තඹ සතේකට ගනන් නොගෙන දෙන්නම පාර්ටි එක තිබුණු හෝල් එකට ආවා. පාර්ටි එකේ ඉඳපු කෙල්ලො කොල්ලො විතරක් නෙමෙයි ඇන්ටිලා ආච්චිලා පවා සාස් සූස් ගාන්න ගත්තම ජිමින් කුක් දෙන්නා කටකොනකින් හිනාවෙලා ලඟ තිබුණු ටේබල් එකකින් වාඩි උනේ දන්න කියන තව දෙතුන් දෙනෙකුත් එතනට එකතුවෙද්දි .
" Attention please "
ලස්සන ගෑනු ලමයෙක් ඉස්සරහටම ගිහින් අතේ තිබුණු වයින් ග්ලාස් එකට හැන්දකින් තට්ටු කරාම හැමෝම කතා නවත්තලා ඒ පැත්තට හැරුනා.
" ඔයාලා හැමෝම අද ආපු එක ගැන අපිට ඇත්තටම සතුටුයි . මේ පාර්ටි එක තියන්න අපි හිතුවෙ කිම් කම්පැනි එකේ New heir ඔයාලා හැමෝටම අඳුන්වලා දෙන්න . ඉතින් මේ ඉන්නෙ එයා.Our presious boy Kim Mingyu 😚"
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "