Jungkook හිටියෙ ක්ලබ් එකේ ඔෆිස් රූම් එකේ. ආව වෙලාවෙ ඉඳන් බොන්න පටන් අරන් තිබුන නිසා මේ වෙද්දි කොල්ලාට පොඩ්ඩ පොඩ්ඩ ලිමිට් එක පනින්න අරන් තිබුණා. ජිමින් ඇරෙන්න අනිත් පස් දෙනාත් රූම් එකේ තැනින් තැන වාඩිවෙලා පැය ගානක් තිස්සෙ ජේකේ බොන දිහාම බලන් හිටියෙ කරන්න දෙයක් නැතිකමට. සැරින් සැරේ නිදිකිරා වැටෙන යුන්ගි ඇරෙන්න අනිත් හැමෝම හිටියෙ කම්මුලට අත තියන් අලුත් ප්‍රේමවන්තයාගේ ශෝකගීය පටන් ගන්නකම්. මේසේ උඩ තිබුණු වොඩ්කා බෝතලේ වම් අතට අරන් ජොන්කුක් පුටුවෙන් නැගිට්ටා. ටේ පත්තු කරගනිපු සිගරට් එක උදුරලා අරන් දකුණු අතේ ඇඟිලි අතරින් තියන් රූම් එකේ බැල්කනි එකට ගිය කොල්ලා සිගරට් එක තොල් අතරින් තියාගෙන පෙනහලු සිගරට් දුමෙන් පුරවගත්තේ ඇස් දෙක පියාගෙන. සිගරට් එක බිමට කරලා අලු ටික ගසන ගමන් හිමින් දුම පිට කරපු ජොන්කුක් කටකොනකින් හිනා උනා.
" fucking liar "
ජොන්කුක්ගේ කටින් හිමීට පිටවුණේ එහෙම .දිගටම දිගින් දිගටම ජොන්කුක් හිමින් තමන්ට ඒක මුමුණ ගන්න ගමන් තමන්ටම හිනාවෙන්න ගත්තා .
" මොකක්ද යකෝ ඔය "
කන්කෙඳිරිය අහන් ඉන්න බැරිම තැන ටේ ටිකක් සද්දෙන් කියද්දි ජොන්කුක් තමන්ගේ අඳුරු උන ඇස් යාන්තමින් ටේගේ පැත්තට හරවලා නෝක්කඩු බැල්මක් දෑවේ ටේ ආයෙත් කම්මුලට අත ගහන් අහක බලාගනිද්දි .
" ආයිශ්... පිස්සෙක් වගේ බිබී ඉන්නෙ නැතුව යුමී එක්ක කතා කරපන් ගිහින් "
තවත් විනාඩි ගානකට පස්සෙ එහෙම කියන ගමන් ටේ වාඩිවෙලා ඉඳපු පුටුවෙන් නැගිට්ටෙ කේන්තියෙන් .මොකද ටේට ඉවසීම අඩුයි ඇත්තටම මේ වගේ බෝරින් වැඩ වලට ටේ කැමති නැහැ . සාමාන්‍යයෙන් ක්ලබ් එකට ආවම ටේ ඔෆිස් රූම් එකේ ඉන්නෙ අත්‍යාවශ්‍යම ප්ලෑන් එකක් හදද්දී විතරයි .නැත්නම් එයා ක්ලබ් එකේ කෙල්ලෙක් එක්ක enjoying
" ටේ "
ජින් ටේට රවනගමන් ඇස් වලින් එපා කිව්වෙ ජොන්කුක් නිසා. එයා හොඳින් නෙමෙයි .ජොන්කුක් ආයෙත් heartless වෙලා. ඔව් එයා එහෙම වෙලා .ක්ලබ් එකට එන්න කලින් එයා ගැන්ග් එකට පිටින් ඇවිත් අහුවෙලා හිර කරලා ඉඳපු දහ දෙනෙක් මරලා ආවේ. ජැක්ට අස් කරන්න තිබුණේ ඩෙඩ් බොඩීස් නෙමෙයි .මස් ගොඩක් විතරයි .එයා ඒ තරම්ම දරුණු විදියට වෙනස් වෙලා ආයෙත් .
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "