" බලනවා අයිසෙ දැන් අවුරුදු කීයක්ද? මම තමුසෙට බාර දුන්නෙ එක වැඩයි . අර හැංගිමුත්තන් කරන ජේ කාරයො දෙන්නා අල්ලගන්න. තමුසෙට ඒකවත් කරගන්න බෑනෙ "
" චෙසොහම්නිදා සර් "
වෙලාව පාන්දර තුනයි. යුන්ගි හිටියේ NIS හෙඩ්ගෙ ඔෆිස් එකේ. දොර ඇරලා ඔෆිස් එකට අඩිය තියපු වෙලාවෙ ඉඳන් යුන්ගි බැනුම් අහන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි තමන් එක්කම එක වහලක් යට වාසය කරන ආදරණීය සහෝදරයා නිසා.
" චෙසොහම්නිදා ? චෙසොහම්නිදා . ඕක විතරයි තමුන් දන්නෙ . බලනවා .. බලනවා මේ තියෙන්නේ මීට පැය දෙකකට කලින් උන් දෙන්නා කරපු විනාසෙ "
තමන්ගේ ලොක්කා මේසෙ උඩට දාපු ටැබ් එකට යුන්ගි එබිලා බැලුවෙ කට ඉරක් විදියට හදාගෙන. ටැබ් එකේ තිබුණේ අහසෙ ගෑවෙන තරම් උසට පැතිරිලා තිබුණු ගිනිජලාවක පොටෝ එකක්. එකපාරටම මොකක්ද කියලා අඳුරගන්න බැරි උන නිසා යුන්ගි ඇස් දෙක හීනි කරලා පොටෝ එක දිහා ආයෙත් හොඳට බැලුවා.
" තමුන්ට පේනවද ඒ මොකක්ද කියලා "
" ලැව් ගින්නක් නේද සර් "
ඔලුව උස්සන ගමන් යුන්ගි ඇහුවම NIS හෙඩ් ඔලුවට අතගහන් එහෙමම පුටුවට වැටුනෙ යුන්ගි කටකොනකින් හිනාවෙලා ඉක්මනට සුපුරුදු මූඩ් එකට මාරු වෙද්දි. යුන්ගි ආයෙත් ටැබ් එකේ ස්ක්රීන් එක ඩබල් ටච් කරලා ඔන් කරගෙන පොටෝ එක දිහා බැලුවෙ හොරාට හෙඩ්ගෙ දිහාත් බලන ගමන්.
" ඒ අපේ අගමැතිතුමාගෙ බුසාන් villa එක මිනිහො . අදම තමුන් ඔය මාෆියාකාරයො දෙන්නා ගැන හරි විස්තරයක් නොගෙන ආවොත් මම තමුන්ව අස් කරලා දානවා "
තාමත් බොරුවට පොටෝ එකට එබිලා ඉන්න යුන්ගිට හෙඩ් ආයෙත් කෑගැහුවෙ කලින්ට වඩා කේන්තියෙන්. යුන්ගි කිසිම ගානක් නැතුව මේසෙ ලඟින් පස්සට උනේ හෙඩ් ටැබ් එක ඇදලා තමන් ලඟට ගනිද්දි .
" යනවා දැන් යනවා ගිහින් අර යක්කු දෙන්නා ගැන හොයනවා. විශේෂයෙන් අර බ්ලැක් ජේ කියන මිනිහා ගැන "
" දේ සර් "
යුන්ගි ඔලුව යන්තම් පහත් කරලා එලියට එන්න හදද්දිම හෙඩ්ගෙ පෝන් එක රින්ග් උනේ යුන්ගිගෙ ගමන බාල වෙද්දි. හෙඩ් වාඩිවෙලා ඉඳපු තැනින් ඉක්මනට නැගිටලා පෝන් එක අත් දෙකෙන්ම අල්ලගෙන කනෙන් තියාගත්තා .
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "