මේන් හවුස් එක සෝල් වලින් ටිකක් එහාට වෙන්න තිබුනු ලොකු කැලයක් මැද්දෙ හදලා තිබුනෙ ලේසියෙන් පිට මනුස්සයෙකුගෙ ඇහැට අහු නොවෙන්න. Jeon mansion එක ඇතුලෙ තියෙන දේවල් වලට වඩා සෑහෙන භයානක වගේම දරුණු කතා ගොඩක් මේන් හවුස් එක ඇතුලෙ සිද්ද උනා . කොල්ලො හත්දෙනා, හනා , ජැක් , jungkookගෙ අප්පා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මේන් හවුස් එක තියෙන තැන දැනගෙන හිටියේ නැ. කොටින්ම කියනවනම් jungkookගෙ ඔම්මාවත් අනිත් හය දෙනාගෙ ගෙදර අයවත් දැනගෙන හිටියේ නැ. අවුරුදු ගානකට කලින් මේන් හවුස් එක හදන්න ලොකුම උවමනාව ආවේ jungkook ජිමින් දෙන්නාට. ජිමින්ටත් වඩා දෙයක් කරන්න ඕන උනොත් ඒක කරනකම්ම නින්දයන්නෙ නැති jungkookගෙ හිතුවක්කාරකම නිසා හිතුවටත් වඩා ඉක්මනට මේන් හවුස් එක හදන්න පුළුවන් උනා.
සම්පූර්ණ මේන් හවුස් එකටම සල්ලි වියදම් කරේ Jungkookගෙ සීයා. හැමවෙලාවෙම හේතුවක් අහන්නෙ නැතුව Jungkook ඉල්ලන ඉල්ලන දේ දෙන්න සීයා පුරුදු වෙලා හිටියෙ පොඩි කාලෙ ඉඳන්ම Jungkook හනා දෙන්නා හැදුනෙ සීයා ළඟ නිසා. ඉතින් ඒ අසීමිත ආදරේ මාර්ගෙන් jungkookට මේන් හවුස් එක; ජිමින්ටයි තමන්ටයි ඕන උනාට වඩා හොඳට හදාගන්න පුළුවන් උනා.මේන් හවුස් එක හදපු අලුත කොල්ලො හත් දෙනා වගේම හනාත් පදිංචි වෙලා හිටියෙ මේන් හවුස් එකෙ. කැම්පස් එක අල්ලපු වැටේ අපාර්ට්මන්ට් තියෙද්දිත් කට්ටියම ගව්ගානක් දුර මේන් හවුස් එකේ ඉඳන් කැම්පස් ගියා. හැමදාම රෑට ක්ලබ් එකට යන්න ඕන උන කොල්ලො හත් දෙනා ක්ලබ් එක තියෙන පැත්තක්වත් ඒ කාලේ බැලුවෙ නැතුව කැම්පස් ඉවර උන ගමන් මේන් හවුස් එකට ආවා. තනියම උයා පිහා ගත්තා විතරක් නෙමෙයි කෙලවරක් නැති මේන් හවුස් එක අස් කරන්නත් පුරුදු වෙලා හිටියා.
ඒත් ටිකෙන් ටික jungkook සීයාගේ බිස්නස් වලට සම්බන්ධ වෙන්න ගත්තම ජිමිනුත් කොල්ලා එක්ක එකතු උනෙ මේන් හවුස් එකේ ඉන්න පිරිස ටික ටික වැඩි වෙද්දි. Jungkook සීයාගෙ බිස්නස් වෙනම විදියකට හැන්ඩ්ල් කරන්න ගත්තම සීයා දෙපාරක් නොහිතා ඒ හැමදේම jungkookගෙ නමට පැවරුවෙ ජිමිනුත් කොටස්කාරයෙක් විදියට දාලා. ඒ විදියට දේවල් jungkookට ලැබුනත් සීයා jungkook ජිමින් දෙන්නටම ලොකු අසාධාරණයක් කරා. ඒ කොල්ලො දෙන්නටම නොකියා මේන් හවුස් එක හනාගෙ නමට ලියපු එක. හනාගෙ අඳෝනාව අහන් ඉන්න බැරිම තැන සීයා හනාගෙ නමට ඒ ඉඩම හැරෙව්වා උනත්; හනා Jungkook ව ලැබෙන හැම අවස්ථාවෙදිම ඇවිස්සුවෙනම් තමන් එපා කියද්දි සීයා බලෙන් ඒ දේවල් දුන්නා වගේ. සීයා හනාගෙ අතට ඩොකියුමන්ට්ස් ටික දීලා පහුවෙනිදා ඉඳන් කොල්ලො හත් දෙනා මේන් හවුස් එක, ජොන් මැන්ශන් එක, හනාගෙ අපාර්ට්මන්ට් එක බලන්න තියෙන හැමතැනම ගලෙන් ගල නොගැලුවා විතරයි ඒ ටික හොයාගන්න. ඒත්, ඒ කිසිම දෙයක් වැඩක් උනෙ නැ. වැඩිය මහන්සි නොවී jungkook වැඩෙ අතෑරලා දැම්මෙ හනා කොහොමත් තමන්ට පිටින් යන්නෙ නැ කියලා දන්න නිසා. ඒත් ඉඳලා හිටලා අනිත් අය හනාගෙන් ඒ ගැන අහන හැමවෙලාවෙම හනා ,
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "