" මම ඊයෙ පෙරීදා දවස් දෙකේම ඔයාට කෝල් කරා. ඒත් ෆෝන් එක ඕෆ් මොකද උනෙ "
සන්චොල් ඇහුවෙ Jungkookගෙ කැබින් එක අස් කරන අතරෙ හනාගෙන්. වැඩ කරන අය කිසිම කෙනෙක් කැබින් එක අස් කරනවට Jungkook කැමති නැති නිසා චෝහි සන්චොල් දෙන්නා සාමයෙන් සමගියෙන් වෙනදට අස් කරන වැඩේ කරනවා. ඒත් අද උදේම ජූන් එක්ක චෝහි කම්පැනි එකේ වැඩකට ජපන් ගියපු නිසා හනා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් උනා සන්චොල්ට උදව් කරන්න. සන්චොල් අහපු දේට උත්තරයක් නොදී හනා යන්තම් හිනාවෙලා කබඩ් එකෙ තිබුණු ෆයිල් වගයක් එලියට ගත්තම සන්චොල් ඇස් හීනි කරලා කෙල්ල දිහා බලන් හිටියා.
" ඔයා දන්නවනේ ඉතින් මට තියෙන ප්රශ්න "
සන්චොල්ගෙන් බේරුමක් නැ කියලා දන්න නිසාම හනා ඇඟටපතට නොදැනෙන්න කිව්වත් ; ඒකෙන් උනේ හනා නොහිතුව විදියට සන්චොල්ට කේන්ති ගිය එක.
" හැමදාම ඔහොම කිය කිය ඉන්න . ඇත්තමයි , ජිමිනුත් වෙලාවකට පිස්සෙක් "
හනා එලියට අරන් ආයෙ කබඩ් එකට දාන ගමන් ඉඳපු ෆයිල් ටික බලෙන්ම සන්චොල් අතට ගන්න ගමන් කිව්වෙ හනා ඔලුවට අතගහගනිද්දි . වාද කරන්න ඕන උනත් මේ වෙලාවෙ එහෙම දෙයක් කරන්න ගියොත් සන්චොල් අනිවාරෙන්ම තරහා වෙනවා කියලා දන්න නිසා හනා වචනයක්වත් නොකියා Jungkookගෙ මේසෙ පිහිදාන්න ගත්තා.
ටිකකින් අස් කරලා ඉවර උනාම හනා දුවලා ගිහින් සන්චොල්ගෙ අත අස්සෙන් අත දාලා අල්ලගත්තේ තොල් දෙක තද කරන් හිනාවෙන ගමන්." එහාට වෙන්න හනා කවුරු හරි දැක්කොත් වැරදියට හිතයි "
" අහ් හරි වැඩක් . වැරදියට හිතන්න මම ඔයාට මෙතන අතවරයක් කරනවද ? අතින් අල්ලන් ඉන්නවා විතරනෙ "
" මේ කම්පැනි එකනෙ මෙතනදි මම ඔයාගෙ සෙකට්රි "
" ඉතින් "
තවත් කියලා තේරුමක් නැති නිසා සන්චොල් මුකුත් නොකිය රූම් එකෙන් එලියට යන්න දොර අරින්න අත තියද්දිම ; Jungkook දොර ඇරගෙන රූම් එක ඇතුලට එන්න ආවා. ඒත්, දොර ඉස්සරහට වෙලා බලන් ඉන්න සන්චොල් හනා දෙන්නා දැක්කම Jungkook පුදුම වෙලා හනාගෙ අත දිහා බැලුවෙ සන්චොල් ඒ එක්කම තමන්ගේ අත ඇදලා ගනිද්දි.
YOU ARE READING
BlAcK J
Фанфик"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "