Chapter 09

632 75 24
                                    

After Two days

රෑ හත පහුවෙලා විනාඩි විස්සක් විතර ගෙවිලා ගිහින් තිබුණ නිසා සෝල් ටවුන් එක වෙනදා වගේම සුපුරුදු කලබලෙන් පිරිලා තිබුණා . ඒත් ඒ කලබලේවත් මනුස්සයෙක්ගෙ කටහඬක්වත් ඇහෙන්නෙ නැති පැත්තක හදලා තිබුණු ලොකු බංගලාවක් කියන්න පුළුවන් ගෙදරක උස ගේට්ටුව ක්‍රීස් සද්දයක් එක්ක ඇරුනේ මුලු පලාතටම ඒ සද්දෙන් අමුතු භයානකගතියක් එකතු කරන ගමන්. ගෙදර ගාර්ඩ්න් එකේ ඉඳන් ලිවින් රූම් එකට යනකම්ම තිබුණේ පුදුමාකාර පිලිවෙලක් . අසාමාන්‍ය විදියට පිලිවෙලයි කිව්වොත් හරියටම හරි . ඒ වගේම සැරින් සැරේ ගෙදර වැඩට ඉන්න මේඩ්ලා එහාට මෙහාට යද්දි එන අඩිසද්දයක් ඇරෙන්න වෙන කිසිම සද්දයක් ඒ විසාල ගේ ඇතුලෙ ඇහුනෙ නැහැ .

" සර් "

ගෙදර උඩ තට්ටුවේ කාමරේක දොර ලඟ ඉඳන් මැදිවයසෙ පිරිමි කෙනෙක් කතා කරාම එහාපැත්තෙන් ඇහුනේ උගුර පාදන සද්දයක් විතරයි .

" හෙට පාර්ටි  එකට හැමෝටම ඉන්විටෙශන් යැව්වා සර්  "

" Jeon Mansion එකට ?"

" යැව්වා සර් . සර් කිව්ව විදියටම Mr. Jeon Jungkook ට "

කාමරේ ජනේලෙන් එලිය බලන් ඉඳපු තරුණ පිරිමි කෙනා අත උස්සලා ආපු මනුස්සයට යන්න කිව්වෙ පොඩ්ඩක්වත් ඒ පැත්තට නොහැරිමයි. ඒත් ඒ මූණේ තිබුණේ කවදාවත් තේරුම් ගන්න බැරි විදියෙ හිනාවක්.

" ඔයාට සතුටුයි වගේ "

කාමරේ සෝෆා එකේ මෙච්චර වෙලා වාඩිවෙලා ඉඳපු තරුණ ගෑනු කෙනෙක් නැගිටලා කොල්ලා ලඟට යන ගමන් ඇහුවෙ අතේ තිබුණු වොඩ්කා ග්ලාස් එක හිමින් හොලවන ගමන්.

" අනිවාරෙන්ම , කාලෙකින් පරණ යාලුවෝ හමුවෙන එක විනෝදයක්  "

" ඕහ්හ්.... මට පේනවා . Whatever , මේ බූත බංගලාවෙන් වෙන තැනකට මාරු උනොත් නරකද ? මෙතනට එද්දි මගේ හුස්ම හිරවෙනවා වගේ "

" oh comeon baby අද විතරයිනේ. නවත්තපු තැනින් ඕන හැමදේම පටන් ගන්න  "

" උප්ස්, ඒක මෝටිවේශන් එකක්ද ?"

කොල්ලා මුකුත්ම නොකියා හිනාවෙන ගමන් කෙල්ලගෙ ග්ලාස් එකට තමන් අතේ තිබුණු ග්ලාස් එකෙන් තට්ටු කරා.

BlAcK J Where stories live. Discover now