ජිමින් කෙලින්ම ඇවිත් වාඩි උනේ යුමී ළඟින්. කෙල්ලගෙ කර වටෙන් අතක් දාලා තමන්ට ලං කරගත්තේ යුමී හිනාවෙලා ජිමින්ගේ ඇඟ වටෙන් අත් දෙක දාලා තුරුල් වෙද්දි .ඔය අතරේ කොල්ලො හතරදෙනාත් ආයේ එතනට ආවේ යුමීට හනාට ජිමින්ට බීමත් අරගෙන. අතේ තිබුණු ට්‍රේ එක හනා ස්ටූල් එක උඩින් නැගිට්ටම එතනින් තියපු යුන්ගි සෝෆා එකෙන් වාඩි උනා. ඔය අතරේ එක්කෙනෙක්නම් හිටියෙ ඔන්න පුපුරන්න මෙන්න පුපුරන්න .
" මේ කර ගඳක් එන්නෙ නැද්ද ?"
හොබී හිනාව තද කරගෙනම හනාට ඇහැක් ගැහුවම හනාටත් වැඩේ තේරුනා.
" ඇත්ත තමයි ඔප්පා මටත් එනවා .ගේම ගිනි ගනීදද මන්දා"
එහෙම කියලා හනා හොබීට හයිෆයිව් එකක් දාද්දි ටේ Jungkookගෙ කරට අතක් දාගන්න ගමන් බිබී ඉඳපු බීම වීදුරුව කොල්ලාගේ මූණ ඉස්සරහට කරා.
" මේක බීලා කූල් වෙන්න බ්‍රෝ "
" අනේ ජිමිනෝ ඔය යුමී අතෑරපන් බන් .මෙන්න මූ සහෝදර ප්‍රේමෙටත් ඇවිලිලා"
බලන් ඉන්න බැරිම තැන යුන්ගි ජිමින්ට හිනාවෙවී කිව්වෙ Jungkook ගස්සලා අහක බලාගනිද්දි .
" හනේ වැඩේමයි .එයාට විතරද නංගිලා ඉන්නෙ මටත් ඉන්නෙ "
Jungkook කුටු කුටු ගගා අහක බලන් කියවද්දි ජිමින් කොල්ලා දිහා බලලා හිනා උනේ යුමීත් හැසිරෙන්නේ Jungkook වගේමයි කියලා මතක් වෙලා.
Y:" කියහන්කෝ දැන්වත් කියන්න ආපු දේ "
" මෙන්න මේකයි ,තව සතිදෙකකින් අපේ යුමීගෙයි කුකීගෙයි වෙඩින් එක "
" මොකක් "
ඔක්කොම එකපාරටම කෑගැහුවේ කියපු දේ විශ්වාස කරන්න බැරුව.
" සති දෙකකින් කොහොමද අනේ වෙඩින් එකක් ගන්නෙ ?කොයිතරම් දේවල් තියෙද ලෑස්ති කරන්න .ඔයාට හොඳටම ශුවර්ද ජිමින් ඔප්පා "
" ඔව් හනා .අපේ ඔම්මායි අප්පායි ඔයාලගෙ ඔම්මායි අප්පායි එතකොට ජූන් හ්යොනුයි ජින් හ්යොනුයි කතා වෙලා තමයි ඔය තීරණෙ ගත්තෙ .මම ඉතින් මේ ඔයාලව දැනුවත් කරන්න ආවා "
ජිමින් හිනාවෙවී කිව්වත් හනා හොබී යුන්ගි ටේ හිටියෙ දවල් තරු අතේ තියන් බලන ගමන්. මොකද මෙච්චර ඉක්මනට වෙඩින් එක ගන්නවා කියන්නේ කට්ටියට නිකන් ඉන්න තියා කන්නවත් වෙලාවක් නැතිවෙනවා කියලා හොඳාකාරවම දන්න නිසා. යුමීනම් හිටියේ ඔක්කොම හීනයක් ද කොහෙද කියලා තමන්ගෙ හිත හදාගන්න ගමන්. එතකොට මනමාල මහත්තයා ? එයානම් පුළුවන්නම් සති දෙකෙන් සතියක් අඩුකර ගනී .ඕවා ඉතින් කියන්න ගියොත් නම්බුව බල්ලාට යන නිසා Jungkook කට්ටියගෙම මූණු දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් හිතින් උඩ පැන පැන හිටියෙ. මොකද කලින් දවසෙ රෑ මිශන් එකට ගිහින් ආව ගමන් අප්පාට ඕක කිව්වෙ කොල්ලා නිසා. ඒ වෙලාවෙ Mr.Jeon ඒ යෝජනාව තරයෙ ප්‍රතික්ෂේප කරපු නිසා Jungkook ඒක අමතක කරලා දෑවා. ඒත් හැමදාම වගේ Jungkookට උවමනා විදියටම ඒ දේත් උනා.
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "