යුමීකුක් වෙඩින් එකෙන් පස්සෙ අදට හරියටම මාසයක් ගෙවිලා ගිහින් තිබුණා. මේ කාලෙ පුරාම හැමෝම සාමාන්‍ය විදියට දවස් ගෙවලා දෑවත් කොල්ලො හත්දෙනාටනම් වැඩ වැඩි නිසාම ටිකක් විතර අමාරු කාලයක් පටන් අරන් තිබුණේ.
" මටනම් හිතෙන්නේ නැහැ එකදිගට වෙන මරන හැම එකක්ම සාමාන්‍ය දේවල් කියලා "
ටේ කිව්වෙ බේස්ට්මන්ට් එකේ ඔෆිස් රූම් එකේ එහාට මෙහාට ඇවිදන ගමන්. මෙච්චර වෙලා ලැප් එක දිහා බලන් ඉඳපු යුන්ගි යන්තම් ටේගේ පැත්තට හැරුනෙ ඇස් හීනි කරගෙන "ඉතින්?" වගේ බැල්මකින් .
" මම දන්නවා හ්යොං උනත් මේවා සාමාන්‍ය දේවල් කියලා හිතන්නෙ නැහැ කියලා . කුකී ජිමින් දෙන්නා ඔම්මලා කැනඩා යවන එකත් ඉක්මන් කරේ හ්යොං කිව්ව නිසා කියලා මම දන්නවා "
ටේ එකදිගට කියාගෙන ගිහින් යුන්ගිගෙ ඉස්සරහ පුටුවෙන් වාඩි උනාම යුන්ගි කටකොනකින් හිනාවෙලා ලැප් එක වහලා දැම්මා.
" ටේ මම NIS ඔෆිසර් කෙනෙක් මම හැමදේම සැක කරනවා තමයි එහෙමයි කියලා මම සැක කරන හැමදේම ඇත්ත නෙමෙයි අනිත් එක එහෙම ප්‍රශ්නයක් මෙතන තියෙනම් ඒක අපි බලාගන්නම් තරුණ ලෝයර්ස්ලා මේ ගැන පැනික් වෙන්න ඕන නැහැ "
" ඒත් මට හොයන්න ඕන මේ ගැන "
" එහෙනම් ජොබ් එක මාරු කරපන් "
" හ්යොං..... "
ටේ ටිකක් සද්දෙන් කෑගැහුවෙ යුන්ගි කොල්ලාව ගනන් ගන්නෙ නැතුව ලැප් එකත් අරන් නැගිටිද්දි .
" මම පැනික් වෙනවා හ්යොං මොකද මට හේතු තියෙනවා . ඔයාලා මට මේවා හංගනවනම් මේ ගැන දන්න කෙනෙක් මම හොයාගන්නම් "
ටේ කෑගහන්න ගත්තම යුන්ගි දොරේ ලොක් එක අරින ගමන් ටේගෙ පැත්තට හැරුනා.
" පොඩිම හරි වැරද්දක් වෙලා පරන දේවල්ම ආයෙ උනොත් , මේ පාර අපි ඔක්කොම මැරෙන්නෙ Jungkook අතින් කියලා හොඳට මතක තියාගන්න ටේ"
එහෙම කියලා යුන්ගි දොරත් හයියෙන්ම වහගෙන එලියට ගියාම ටේ අත මිටිමොලවලා හයියෙන් මේසෙට එකක් ගැහුවෙ කඳුළු වලින් ඇස් දෙකම බොඳ වෙද්දි.
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "